• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගුරු වැටුප් වැඩිවෙන හැටි විමල් පියවරෙන් පියවර පෙන්වා දෙයි! ෂයිලොක්ලා නොවී මේක පිළිගන්න! (VIDEO)

September 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ගුරු වැටුප් වැඩිවෙන හැටි විමල් පියවරෙන් පියවර පෙන්වා දෙයි! ෂයිලොක්ලා නොවී මේක පිළිගන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ සමස්ත ගුරු ප්‍රජාවගේ අභිමානය කෙලසීමට කිසිඳු වෘත්තිය සමිතියකට හෝ බලවේගයකට නොහැකි බවත්, මේ රටේ ගුරුවිදුහල්පතිවරුන් අනිසි ලෙස මෙහෙයවීමට එම වෘත්තිය ව්‍යාපාරවලට නොහැකි බවත්, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සත්‍ය  තත්ත්වය රටට හෙළිකළ පසුව ගුරු විදුහල්පතිවරු වෘත්තිය ව්‍යාපාරවලට අවශ්‍ය ලෙස නොව සාධාරණ ලෙස සිතා මෙරට සිසු දරුවන්ගේ අධ්‍යාපනය දෙස බලනු ඇති බවත්, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“ගුරු, විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම – ඇමැති කමිටුව පැහැදිලි කරයි” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සැප්තැම්බර් 01 දා (අද) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් එසේ අසුභවාදී ලෙස කල්පනා කළ යුතු නොමැති බවත්, ඔවුන් සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනු ඇති බවත්ය.

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සියලුම නිර්දේශ ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගත් බවත්, ගුරු සේවාව, ගුරු උපදේශක සේවාව සහ විදුහල්පති සේවාව යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 නොවැම්බර් මස 20 දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම යන තීරණයද කැබිනට් මණ්ඩලය විසින් ගත් බවත්, අමාත්‍යවරයා පැවසීය.

ගුරු, ගුරු උපදේශක හා විදුහල්පති සේවාව එකට එක්කොට සංවෘත සේවාවක් ලෙස සැකසීමේදී නව සේවා ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත්, ගුරු උසස්වීම් සම්බන්ධයෙන් පැහැදිළි විය යුතු බවත්, මෙම නව සංවෘත සේවයට අධ්‍යාපන පරිපාලන සේවය අයත් නොවන බැවින් මෙම සේවා 03 එක්කොට සකසන නව සේවාවෙන් අධ්‍යාපන පරිපාලන සේවයට යෑමට හැකි ආකරය සකස් කළ යුතු බවත්, එයට ගැලපෙන ලෙස අධ්‍යාපන පරිපාලන ව්‍යවස්ථාව සකස් කළ යුතු බවත්, මෙවැනි සංකීර්ණ තත්වයක් තිබෙන බැවින් නොවැම්බර් 20ට පෙර අවසාන වශයෙන් ගැසට් නිවේදනය ප්‍රකාශ කළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

ගුරු, ගුරු උපදේශක හා විදුහල්පති සේවය එකට එක්කොට සංවෘත සේවයක් කිරීම තුළින් ගුරු විදුහල්පතිවරුන් බලාපොරොත්තු වන සේවා සාධාරණය ඉටු වන බවත්, මෙහි වැදගත්ම දෙය වන්නේ එය බවත්, මීට අමතරව ගුරු විදුහල්පති සේවය සදහා වැටුප් විෂමතා ඉවත් කිරීමට 2022 අය වැය මගින් අදියරගතව වැටුප් සංශෝධන සිදු කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව විදුහල්පති තනතුරේ 3ශ්‍රේණිය 20% කින් වැටුප් වැඩිවන බවත්, විදුහල්පති සේවයේ 2 ශ්‍රේණියට 22%ක ප්‍රමාණයකින් වැටුප් වැඩිවන බවත්, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1වන ශ්‍රේණිය සඳහා 25%කට වඩා වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණිය II සඳහා 13.52%ක පමණ වැඩිවීමක් බවත්, ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණිය 1-C සඳහා 16%කට අධික ප්‍රමාණයකින් වැඩිවන බවත්, මීට පහළ තිබෙන තනතුරු සඳහා 19%ක පමණ ප්‍රමානයක වැඩවීමක් තිබෙන බවත්, ගුරු සේවයේ 3 වැනි ශ්‍රේණිය I-A සඳහා 20.43% කින් වැඩිවන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැටුප් වැඩිවීම මහ භාණ්ඩාගාරයට දරාගැනීමට හැකිවන ලෙස ලබා දෙන්නේ කෙසේද යන්න නිර්ණය කිරීම සඳහා විවෘත ඉඩක් තිබෙන බවත්, ලබා දිය හැකි හොඳම ආකාරය අයවැයේදී සඳහන් කරනු ඇති බවත්, කැබිනට් අනුකමිටුව මගින් කළ නිර්දේශ මත වූ වැටුප් වැඩිවීම 2022දී වැඩිවන ආකාරයට ලබා දී ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව කළ නිර්දේශද මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත්, අනෙකුත් සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සභාවල විෂයය භාර පිරස සමඟ සාකච්ඡා කර නිර්ද්ශ ලබාගැනීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ඇති බවත්, විමල් වීරවංශ මහතා පැවසීය.

එමෙන්ම රටේ පවතින කොවිඩ් තත්වය යටතේ ගුරුවරුන්ට සිසුන් වෙනුවෙන් ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ ලබාදීම සඳහාද කැබිනට් අනුකමිටුව යෝජනා කර ඇති බවද අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ‘හදිසියට’ සජබෙ විරුද්ධ වෙයි!

Next Post

ආසාදිතයන් 50,000ක් සමාජයේ! තව සති 2ක් වහන්න! සුදර්ශනී ආණ්ඩුවෙන් ඉල්ලයි!

MORE NEWS

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Exclusive

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.