රටපුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බවද ඇය සඳහන් කළාය.










