කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (17) නියෝග කළේය.
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේනාධිපති මහතා කටුනායකදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.











