• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

ආණ්ඩුව ‌දෙකට බෙදපු ගම්මන්පිලගේ ගෙදර තිබූ රහස් හමුව! කැබිනට් එකේ ඉඳන්ම තොරතුරු එළියට දුන් ඇමැති! ඉරාජ්ට පව් පල දුන්නාද? (රාජ්‍ය රහස්)

September 1, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 13 mins read
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

-විමල් ගම්මන්පිලගෙන් පිරිත් පැන් ඉල්ලයි! -කැබිනට් ලේකම් කරපු විශේෂ ඉල්ලීම -ජනපතිගෙන් දෙමළ සන්ධානයට කොළ එළියක් -ආණ්ඩුව අමෙරිකාව දෙසට

ඉන්ධන මිල ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩුවේ කැරැලිකාර පක්ෂ දහය සමග ඇතිවූ ගැටුමට සමාන ගැටුමක් පසුගිය සතියේදීද සිදුවන ආකාරයක් රටේ ජනතාවට දැකගත හැකි විය. ඒ සඳහා හේතු වුණේ රට වසාදමන ලෙස ආණ්ඩුවට ඉදිරිපත්ව තිබූ යෝජනාවය.

ආණ්ඩුව යළි බෙදෙයි

කොරෝනා වෛරසයේ වේගවත් ව්‍යාප්තියත්, මරණ ප්‍රමාණයේ ශීඝ්‍ර වර්ධනයත් මුල් කරගෙන ගෙවුණු සතියට පෙර සතියේ රට වටෙන්ම ආණ්ඩුවට ඉදිරිපත් වූ යෝජනාවකින් කියවුණේ අවම වශයෙන් සතියකට හෝ රට වසාදමන ලෙසටය. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ, විපක්ෂය පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව පවා විවිධ ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ පවතින තත්ත්වය එතරම් යහපත් නැති බවත්, කෙටි කාලයකට හෝ රට වසාදැමීම ඉතා සුදුසු බවත්ය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගෙවුණු සතියට පෙර සතියේ ආණ්ඩුව ඇතුළේ විශේෂ රැස්වීම් දෙකක් සංවිධාන වී තිබිණි. ඉන් එක් රැස්වීමක් වූයේ අඟහරුවාදා (17) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමය.

ගම්මන්පිලගේ නිවසේ රැස්වීමක්

දෙවැනි රැස්වීම පැවැත්වීමට සූදානම් කොට තිබුණේ එදිනම ගම්මන්පිල අමාත්‍යවරයාගේ නිවෙසේදීය. මෙම රැස්වීමට ගම්මන්පිල විසින් ආණ්ඩුව ඇතුළේ කැරැලිකාර කණ්ඩායම නියෝජනය කරන පක්ෂ දහයටම ආරාධනා කිරීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් සවස 5.30ට කැබිනට් රැස්වීම ආරම්භ වී පැය දෙකක් පමණ රැස්වීම පැවැත්වෙන නිසා සිය නිවෙසේ රැස්වීම රාත්‍රී 7.30ට යොදාගැනීමටද ගම්මන්පිල පියවර ගත්තේය.
කොරෝනා අවදානම හේතුවෙන් කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. සවස 5.30ට ආරම්භ වූ මෙම කැබිනට් රැස්වීමේදී රට වසාදැමිම ඇතුළු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවිය.

ජනපති-බැසිල් රට නොවසන ස්ථාවරයක

ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම රට වසාදැමිය යුතු බවට අදහස් පළ කළද ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් දැඩිව සිටියේ රට වසා දැමුවහොත් ආර්ථික වශයෙන් බරපතළ අවදානමකට රටට මුහුණදීමට සිදුවනු ඇති බවට වූ ස්ථාවරයේය.
ඒ අනුව සාකච්ඡාව අවසානයේදී තීන්දු වූයේ දැනට යොදා ඇති සංචරණ සීමා දැඩිව පවත්වාගෙන යෑමටත්, පූර්ණ වශයෙන් රට වසා නොදැමීමටත්ය.

ගම්මන්පිල දෙපාරක්ම අයින් වෙයි

කෙසේ වෙතත් මේ ආකාරයට සූම් තාක්ෂණයෙන් රැස්වීම පැවැත්වෙද්දී රාත්‍රී හත අට පමණ වන විට රැස්වීම අවසන් නොවන ආකාරයක් කැබිනට් රැස්වීමේ සිටි විමල් සහ ගම්මන්පිල යන අමාත්‍යවරුන්ට වැටහිණි. ඒ වන විටත් නියමිත කරගත් පරිදි පක්ෂ දහයක සාමාජිකයන් සිය නිවෙසට පැමිණ සිටීම නිසා අවස්ථා දෙකකදී පමණ සූම් කැබිනට් සාකච්ඡාවෙන් ඉවත් වූ ගම්මන්පිල ඔවුන් හමුවට පැමිණ කැබිනට් සාකච්ඡාව දීර්ඝව ඇදෙමින් පවතින බවත්, එය අවසන් වීමෙන් පසු තමන් සාකච්ඡාවට පැමිණෙන බවත්, එතෙක් සාකච්ඡාව ආරම්භ කර ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් පිරිසට දැනුම් දී සිටියේය. ඒ අනුව ඒ වන විටත් ගම්මන්පිලගේ නිවෙසට රැස්ව සිටි රතන හිමි, තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, වෛද්‍ය ජී. වීරසිංහ, අතාවුල්ලා, ටිරාන් අලස්, අසංක නවරත්න සාකච්ඡාව ආරම්භ කිරීමට පියවර ගත්හ. ඒ වන විට වේලාව රාත්‍රී 8ත් පසුව තිබිණි.

විමල් සහ වාසුත් අතරමගදී අයින් වෙයි

නමුත් ඒ වන විටත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙමින් තිබුණු බැවින් ගම්මන්පිල නැවත සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක්වීමට පියවර ගත්තේය. විමල් සහ වාසුදේවද ඒ වන විටත් කැබිනට් මණ්ඩලය සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටි බවක් දැනගන්නට ලැබිණි. නමුත් රාත්‍රී 9 පමණ වන විට හිටි හැටියේම විමලුත්, ගම්මන්පිලත්, වාසුදේවත් සූම් කැබිනට් සාකච්ඡාවෙන් ඉවත්ව ගිය ආකාරයක් අනෙකුත් ඇමැතිවරුන්ට දැකගන්නට ලැබිණි. එසේ ඔවුන් ඉවත්ව ගියේ ගම්මන්පිලගේ නිවෙසේ පැවැත්වෙන කැරැලිකාරයන්ගේ රැස්වීමට සහභාගි වීමට බව ඒ වන විටත් කිසිවකුත් දැන නොසිටියහ. ඒ නමුත් ඔවුන් ඉවත්ව ගියද රාත්‍රී 10.30 පමණ වන තෙක්ම කැබිනට් මණ්ඩල රැස්වීම ඇදී ගිය ආකාරයක් දැකගත හැකි විය.

වීරසිංහ- තිස්ස රට වහන්න උපදෙස් දෙයි

ඒ ආකාරයට කැබිනට් රැස්වීමෙන් ඉවත් වූ විමල් කෙළින්ම පැමිණියේ ගම්මන්පිලගේ නිවෙසටය. ඒ වන විටත් ගම්මන්පිලගේ නිවෙසේ රැස්ව සිටි කැරැලිකාර පිලේ පක්ෂ නායකයෝ පවතින තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. එහිදී සියලු දෙනාගේම අදහස වී තිබුණේ අවම වශයෙන් රට සති දෙක තුනකටවත් වසාදැමිය යුතු යැයි කියාය. විශේෂයෙන් වෛද්‍ය ජී. වීරසිංහ සහ මහාචාර්ය තිස්ස විතාරණ පිරිසට පෙන්වා දී තිබුණේ රට වසා නොදමා කොරෝනා චක්‍රය කඩා දැමිය නොහැකි යැයි කියාය. එහිදී විමල් සහ ගම්මන්පිලද කැබිනට් රැස්වීමේදී කතාබස් කළ කරුණු පිරිසට ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරු කිහිප දෙනෙක් රට වසාදමන ලෙසට සඳහන් කළ නමුත් ජනාධිපතිවරයාත්, බැසිලුත් රට වසා දැමිය නොහැකි බවට වූ ස්ථාවරයේ සිටි බවකි.

ලියුම සකස් කළේ ගම්මන්පිල

ඒ අනුව අවසානයේදී ගම්මන්පිලගේ නිවෙසේ පැවැති රැස්වීමේදී පිරිස ඒකමතිකව තීන්දු කළේ රට වසාදමන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට දැනුම් දීමය. එය ලිපියක් වශයෙන් යොමුකිරීමටද තීන්දු විය. ලිපිය සකස් කිරීම භාරකෙරුණේ වෛද්‍ය වීරසිංහටත්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ටත්ය. එය කෙටුම්පත් කිරීම ගම්මන්පිලට පැවරිණි. එමෙන්ම ලිපිය මාධ්‍යයට යොමුකිරීමටද අවසන් තීන්දුවක් ගැනිණි.
ඉන් අනතුරුව පිරිසට කෑම මේසයට පැමිණෙන ලෙස ගම්මන්පිල ආරාධනා කරද්දී සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටි පැනය යොමුකළේ වෙන කවුරුවත් නොව විමල්ය. එහිදී විමල් විමසා සිටියේ ‘කෝ පිරිත් පැන් එහෙම නැද්ද?‘ යැයි කියාය. විමල් එසේ අසද්දී ගම්මන්පිල සිනාසෙමින්ම උත්තර දුන්නේ අපේ ගෙදර පිරිත් පැන් නැතැයි කියමිනි.

ලියුම දුටු ජනපතිට යකා නගී

ඒ අනුව 19 වැනි බ්‍රහස්පතින්දා දින ලිපිය ලැබීමත් සමග ජනාධිපතිවරයා තරමක් කෝපයට පත්වුණේ අඟහරුවාදා රාත්‍රියේ පැය එකහමාරක් පුරා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වචනයකුදු නොකියා විමල්, ගම්මන්පිල, වාසු යන කැබිනට් ඇමැතිවරුන් තිදෙනා රට වසාදමන ලෙස යෝජනා කර තිබූ මෙම ලිපියට අස්සන් කර තිබෙන බව දුටු විටය. ඊටත් වඩා කේන්ති ගියේ මෙම ලිපිය මාධ්‍යයට මුදාහැර තිබීම සම්බන්ධයෙනි. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වශයෙන් පවතින්නා වූ ගැටලු ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා නොකොට ලිපි මගින් රටට දැනුම් දී තිබීමට පියවර ගෙන තිබීමත්, කැබිනට් ඇමැතිවරුන් වශයෙන් හිඳිමින් විමල්, වාසු සහ ගම්මන්පිල කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බිඳදමමින් ලිපියට අස්සන් කර තිබීමත් ජනාධිපතිවරයාගේ කෝපය තවත් තීව්‍ර කොට තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා වහාම කළේ විමල්ටත්, ගම්මන්පිලටත්, වාසුදේවටත් වෙන වෙනම ඇමතුම් ලබාදීමය. මෙහිදී ජනාධිපතිවරයා කෙතරම් කෝපයට පත්ව සිටියාද කියනවා නම් මෙම ඇමතුම් තුනේදීම කැබිනට් වගකීම පිළිබඳ සිහි කරමින් ඇමැතිවරුන් තිදෙනාටම බැණවදින ආකාරයක් දැකගත හැකි විය. මෙය බරපතළ වැරැද්දක් බව එහිදි පෙන්වා දුන් ජනාධිපතිවරයා මොවුන් තිදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට මෙය ප්‍රමාණවත් බවද සඳහන් කර සිටියේය.

මහින්දටත් බැසිල්ටත් කතා කරයි

එතැනින් නොනැවතුණු ජනාධිපතිවරයා වහාම මේ පිළිබඳ අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත්, බැසිල් රාජපක්ෂ මහතාත් දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදීද ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ඇමැතිවරුන් තිදෙනාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු යැයි කියාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කෝපයෙන් සිටින බව වටහාගත් අගමැති මහින්ද වහාම කියා සිටියේ කලබල නොවන ලෙසත්, තමන් ඒ තිදෙනාටම කතා කොට ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බවත්ය.

මහින්දගෙන් තුන්දෙනාටම රෑ කෑමක්

ඒ අනුව අගමැතිවරයා වහාම විමල්ටත්, වාසුටත්, ගම්මන්පිලටත් වෙන වෙනම කතාකොට සිද්ධිය පිළිබඳ විමසා බැලීමට පියවර ගත්තේය. එහිදී ඇමැතිවරුන් තිදෙනාම යම් කලකිරීමකින් සිටින බව වටහාගත් අගමැතිවරයා කළේ එදිනම රාත්‍රියේ අරලියගහ මැඳුරේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඔවුන්ට ආරාධනා කිරීමය.
මේ තිදෙනාට අමතරව භෝජන සංග්‍රහයට එක්වන ලෙසට බන්දුලටද ආරාධනා කිරීමට අගමැතිවරයා පියවර ගත්තේය. ඒ අනුව එදින රාත්‍රියේ කෑම මේසයේදී පවතින ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට අගමැතිවරයා කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

සාගරගෙන් ලොකුගේගෙන් ලොකු ප්‍රහාරයක්

කෙසේ වෙතත් ප්‍රශ්නය එතැනින් සමතයකට පත්වනු ඇති බවක් බොහෝ දෙනා සිතා සිටියත් ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සෙන බවක් දැකගන්නට ලැබුණේ ඉකුත් සඳුදා දිනයේ පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවත් සමගය. ඊට සහභාගි වී සිටියේ කැබිනට් ඇමැතිවරයකු වන ගාමිණී ලොකුගේ මහතාත්, පොහොට්ටුවේ මහලේකම්වරයා වූ සාගර කාරියවසම් මහතාත්ය. මෙහිදී කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි විමල්, උදය සහ වාසුදේවට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ලොකුගේ සහ සාගර මෙම තිදෙනා සාමූහික වගකීම කඩකොට ඇති බවත්, එය කිසිසේත්ම පිළිගත හැකි කරුණක් නොවන බවත් කියා සිටියහ. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ රට වැසීම පිළිබඳ වචනයක් හෝ නොකියා ලිපියක් මාර්ගයෙන් රට වසන ලෙස දැනුම් දීම කොන්දක් නැති ඇමැතිවරුන්ගේ වැඩක් බව කියා සිටි සාගර, හරි නම් ජනාධිපතිවරයා විසින් මෙම ඇමැතිවරුන් තිදෙනා ඉවත් කළ යුතු බවද කියා සිටියේය.

කැබිනට් මණ්ඩලයේදීත් ප්‍රශ්න කරයි

මෙම බරපතළ ප්‍රහාරයෙන් පසු සඳුදා සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් කිසියම් කතාබහක් ඇතිවිය. එදින ජනාධිපතිවරයා දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ වතාවත්වලට සහභාගි වීම සඳහා මහනුවර බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් රැස්වීම පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
අමාත්‍ය මණ්ඩලයේ දෛනික කටයුතු අවසන් වීමෙන් පසුව රෝහිත අබේගුණවර්ධන මහතා මේ කරුණ මතක් කරමින් ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
“කැබිනට් තීරණ ගැන මුළු රටම බලන් ඉන්නවා. ගිය සතියේ රට අගුලු දැමීම ගැන කැබිනට් එකේදි කතා කරා. එතැනදි තීරණය වුණේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා විශේෂඥයන් සමග සාකච්ඡා කරලා ඊට පස්සේ තීන්දුවක් ගන්නයි. හැබැයි ඒ තීන්දුව අරන් පැය 24ක් යන්නත් කලින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ගරු ඇමැතිවරු තිදෙනකුත් අස්සන් කරලා රට අගුලු දාන්න කියලා ජනාධිපතිවරයාට ලිපියක් දුන්නා. මෙම ලිපිය ලිවීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒ ලියුම ජනාධිපතිතුමා කියවලා සාකච්ඡා කරන්න කලින් මාධ්‍යයට නිකුත් වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන. එතකොට එළියේ අය හිතන්නේ අමාත්‍ය මණ්ඩලය ඇතුළෙ ප්‍රශ්නයක් කියලයි. අමාත්‍ය මණ්ඩලයේ එකමුතු බව පෙන්වන්න ඕනෙ වෙලාවක සාමූහික වගකීම කඩලා රට වහන්න කියලා ඉල්ලනවා. ඉදිරියේදී මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි තීරණයක ඉන්න ඕනේ කියලා විශ්වාස කරනවා අගමැතිතුමනි…” යනුවෙන් රෝහිත කියද්දී අදහස් පළ කළේ ඩග්ලස් දේවානන්දාය.

ඩග්ලස්-එස්.එම් ප්‍රහාරයට එක්වෙති

“ඔය කියන ලියවිල්ලට මම අස්සන් කළේ නැහැ. ඔය ලියවිල්ල මම දැක්කෙත් මාධ්‍යයෙන්. හැබැයි සාමූහික එකඟතාවය රකින්න ඕනේ කියන තැන මමත් ඉන්නවා” යැයි ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඊට පිළිතුරු දුන්නේය.
“ඒක ඇත්ත. මමත් සම්පූර්ණයෙන් එකඟයි. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික එකඟතාවක් නෑ කියලා හිතෙනවා. එහෙම හිතලා අනිත් පාර්ශ්වයන් එක එක ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මාධ්‍යත් ඒ ගැන ප්‍රශ්න කරනවා.” යනුවෙන් එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාද කීය.

වාසු ගම්මන්පිල සද්ද නෑ

මේ අවස්ථාවේ එම ලිපියට අස්සන් තැබූ විමල් වීරවංශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල හමුවෙන් ඉවත්ව සිටියත් වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල ඇමැතිවරුන් අමාත්‍ය මණ්ඩල හමුව සමග එක්ව සිටියහ. නමුත් ඔවුහු ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළහ.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, “අපි ඉදිරියේදී මේ වගේ සිද්ධිවලදි මීට වැඩිය වගකීමෙන් කටයුතු කරමු” යනුවෙනි.

ලේකම්වරයා කරපු විශේෂ ඉල්ලීම

මේ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සියලු අමාත්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
“අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණ අරගෙන ඊට පස්සේ මාධ්‍ය වෙත ඊට වෙනස් ප්‍රකාශ නිකුත් කිරීම නිසා අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය අපහසුතාවට පත්වෙනවා. මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා” යනුවෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා මෙහිදී කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙම කැබිනට් හමුවේදී සාමූහික වගකීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකොට කතාබහ කළ ආකාරයක් දැකගන්නට ලැබුණත් සාමූහික වගකීම ඒ අවස්ථාවේදීම කඩවූ සිදුවීමක් දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. ඒ, අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට රැගෙන ආ යෝජනාවක් කැබිනට් මණ්ඩල රැස්වීම නිමාවීමටත් කලින් මාධ්‍ය වෙත නිකුත් වී තිබීමේ සිදුවීමකි.

සාමූහික වගකීම ඒ මොහොතේම කඩකරයි

රැස්වීම ආරම්භයේදී අගමැතිවරයා යෝජනා කර සිටියේ කොරෝනා අරමුදලට ඇමැතිවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීමට යෝජනා කරන බවකි. ඊට සියලු අමාත්‍යවරුන්ගේ එකඟතාව හිමිවූ අතර මොහොතක් යෑමට මත්තෙන් සියලු කැබිනට් ඇමැතිවරුන්ගේ ජංගම දුරකතනවලට ලැබුණු කෙටි පණිවුඩයකින් කියැවුණේ ‘ඇමැති වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කිරීමට අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇති බව’කි. එය දුටු ඇමැතිවරු එකිනෙකාගේ මුහුණු බලාගත්තේ කැබිනට් රැස්වීම නිමවීමටත් ප්‍රථම කැබිනට් රැස්වීමේ හිඳිමින් අදාළ යෝජනාව මාධ්‍ය වෙත ‘ලීක්’ කළ අමාත්‍යවරයා කවුරුන්ද යන්න සොයාගැනීමට නොහැකිවය.
“මේ පේනවනේ. අපි දැන් මෙතන සාමූහික වගකීම ගැන කතාකරනවා. මේ දැන් මෙතනම සාමූහික වගකීම කඩවෙලා…” යනුවෙන් ඩලස් කී කතාවට අගමැතිවරයාටද සිනා නොවී සිටිය නොහැකි විය.

අමෙරිකාව මෙහෙයුම අරඹයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමත් සමග ආණ්ඩුව ඇතුළේ මේ වන විට ජාත්‍යන්තර සම්බන්ධතා පැත්තෙන් වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඒ සඳහා පෙරමුණ ගෙන තිබෙන්නේ නව විදේශ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගනු ලැබූ ජී.එල්. පීරිස් මහතාය. එහි පළමු ලකුණ පසුගිය සතියේ එළියට ආවේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ නිල නිවෙසෙනි. එදින ඇමෙරිකානු තානාපතිවරියගේ නිල නිවෙසට රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා විශේෂ පුද්ගලයන් දෙදෙනකුට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. ඉන් එක් අයකු වූයේ ජී.එල්. පීරිස්ය. අනෙකා වූයේ දෙමළ ජාතික සන්ධානයේ ඉදිරි පෙළ සාමාජිකයකු වන එම්.ඒ. සුමන්තිරන්ය.

ආණ්ඩුව දෙමළ සන්ධානය රහස් හමුවක

මෙම සාකච්ඡා හරහා එළියට ආ විශේෂ කරුණු කිහිපයක්ම තිබේ. ඉන් පළමුවැන්න වන්නේ ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය අතර කිසියම් සංහිඳියාවක් නිර්මාණය වීමේ ලකුණු පහළවෙමින් පවතින බවකි. දෙවැන්න ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළ ප්‍රධානීන්ගේ ආශීර්වාදය හිමිව ඇති බවකි. ඒ අනුව ලබන සැප්තැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ආණ්ඩුව, දෙමළ ජාතික සන්ධානයේද සහාය ඇතිව චෝදනාවලට මුහුණ දීමේ සැලැස්මක් සකස් කරමින් සිටින බවක් පෙනී යයි.
මේ අතර පසුගිය සතියේදී දෙමළ ජාතික සන්ධානය මුල් කරගෙන තවත් විශේෂ සිදුවීම් දෙකක් සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් පළමු සිදුවීම වූයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අවස්ථා දෙකකදීම ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා වූ ගෝපාල් බාග්ලේ මහතා හමුවීමය. එහිදී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ වත්මන් ක්‍රියා පිළිවෙත සහ දෙමළ ඩයස්පෝරාවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවක් වාර්තා වේ. එමෙන්ම ඉන්දියාව අතීතයේ සිටම ලංකාව සම්බන්ධයෙන් පවත්වාගෙන ආ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම ඉදිරියටත් පවත්වාගැනීම පිළිබඳ සහතිකයක් ද ඉන්දියාව පැත්තෙන් මෙහිදී ලබාදී ඇති බවක්ද ආරංචිය.

සම්බන්ධන් ජනපතිට ලියුමක් ලියයි

මෙම හමුවීමෙන් පසු ඉකුත් 18 වැනිදා සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමට පියවර ගෙන තිබිණි. එම ලිපිය මගින් සම්බන්ධන්, ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ ඉකුත් ජුනි 16 වැනි දින පැවැත්වීමට නියමිතව තිබී අවසන් මොහොතේ අවලංගු කරන ලද සාකච්ඡාව යළි ලබාදීමට කටයුතු කරන ලෙසය.
ආණ්ඩුවෙ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණ වන්නේ ජනාධිපතිවරයාද මේ සඳහා ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බවකි. ඒ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සුමන්තිරන් වෙත කොළ එළියක් දැල්වි ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇමෙරිකාව මැදිහත්ව ආණ්ඩුව හා දෙමළ සන්ධානය අතර ‘සාම ගිවිසුමක්’ ගැසීමට ආරම්භ කළ මෙහෙයුම මේ වන විට සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

ඉන්දියාව දෙමළ සන්ධානයට එන්න කියයි

මීට අමතරව ලබන සැප්තැම්බරයේ දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිසකට සිය රටේ සංචාරයක නිරත වන ලෙසට ආරාධනා කිරීමේ සූදානමින් ඉන්දියාව සිටින බවද තානාපති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. මෙම සාකච්ඡාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් ඇතුළු කණ්ඩායමක් හමුවීමට දෙමළ ජාතික සන්ධානයට අවස්ථාව හිමිවනු ඇති බවද ආරංචිය.

විමල් මංගලගේ අවමගුලේ

පසුගිය සතියේ සිදුවූ මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය දේශපාලන කරළියම හෙල්ලුම් කා ගිය පුවතක් විය. ශ්‍රීලනිපයෙන් සිය දේශපාලනය ආරම්භ කර, එජාපයෙන් සිය දේශපාලනය අවසන් කළද මංගලට දේශපාලන සතුරන් සිටියේ නැත. මතවාදීමය වශයෙන් මත ගැටුම් පැවැතියද කිසිවකුත් මංගල සමග පෞද්ගලික ගැටුම් තබා නොගත් බවක් දැකගන්නට ලැබුණේ මංගලගේ අවසන් කටයුතු සිදුවූ අවස්ථාවේදීය. එහිදි කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසකගේ මුහුණු දැකගන්නට ලැබුණු අතර සියල්ලන්ම පුදුමයට පත්කරමින් අමාත්‍ය විමල් වීරවංශද ඊට එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
පසුගිය කාලය පුරා දෙපිල බෙදී විමල්-මංගල දේශපාලන වශයෙන් මරාගත්තද මීට දශකයකට පමණ ඉහතදී මංගල-විමල් අඹ යහළුවෝ වූහ. 2004 වසරේ එවක පැවැති එජාප ආණ්ඩුව පෙරළා දැමීමේදී මංගල-විමල් දැවැන්ත කාර්යභාරයක් කළහ. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජයේ අයවැය පරාජය කිරීමට මංගල පිඹුරුපත් සකස් කරද්දී ඊට ජවිපෙ සහායද ලබාගැනීමට පියවර ගෙන තිබිණි. එහිදී මංගලගේ විශ්වාසය වූයේ ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමම අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී මහින්දගේ ආණ්ඩුව පෙරළා දමනු ඇතැයි කියාය.

විමල් ජවිපෙ කඩන් යයි

නමුත් ඊට එරෙහිව විමල් මන්ත්‍රී කණ්ඩායමක් සමග ජවිපෙ කඩාගෙන ගොස් මහින්දගේ ආණ්ඩුවට එක්වී ආණ්ඩුව බේරාගැනීමට පියවර ගත්තේය. එදා සිට මංගල-විමල් සිටියේ දේශපාලන වශයෙන් එකිනෙකාට පහර ගසාගනිමිනි.
නමුත් එවැනි පසුබිමක් තිබියදී විමල්, මංගලගේ අවසන් කටයුතු සඳහා එක්ව තිබීම හරහා පසුගිය කාලයේදී දෙදෙනා අතර කිසියම් හිතවත්කමක් ගොඩනැගී තිබුණේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කුතුහලයක් මතුව තිබූ බවක්ද මෙහිදී දැකගත හැකි විය.
මීට අමතරව මංගලගේ අභාවයත් සමග විදේශ අමාත්‍යාංශයේ සුදු කොඩි එසවී තිබූ ආකාරයක් දැකගත හැකි විය. විපක්ෂයේ දේශපාලකයකු අභාවප්‍රාප්ත වී තිබියදී ඔහු වෙනුවෙන් ආණ්ඩුවේ අමාත්‍යාංශයක සුදු කොඩියක් එසවී තිබීම විශේෂ සිදුවීමක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

යෝෂිත ඉරාජ්ගේ කනට ගැහුවාද

මේ සියල්ල අතර පසුගිය සතියේ ආණ්ඩුවට සම්බන්ධව සිටි තවත් ප්‍රකට චරිතයක් වන ඉරාජ් වීරරත්න තමන් එතෙක් දැරූ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නාමල් රාජපක්ෂ වෙත යැවීම සමාජ මාධ්‍ය ජාලවල මහත් කතාබහට ලක්වූ කාරණයක් විය. ඒ සමගම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වූ පුවතකින් කියැවුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉරාජ්ගේ කම්මුලට ගැසීමේ සිදුවීමක් හේතුවෙන් ඉරාජ් සිය ඉල්ලා අස්වීම භාරදී ඇති බවකි. මේ කතාව කොතරම් දුරදිග ගියාද කියනවා නම් පසුගිය සතියේ මාධ්‍ය යෝෂිතගෙන් මේ පිළිබඳ විමසීමක් කර තිබූ අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ එම පුවත අසත්‍ය බවත්, තමා හා ඉරාජ් අතර එතරම් සමීප සබඳතාවක් නැති බවත්ය. තමා අවසන් වරට ඉරාජ්ව දැක තිබුණේද කලකට ඉහත පැවැති උත්සවයකදී බවද යෝෂිත එහිදී කියා සිටියේය.

ඉරාජ්ට පව් පල දුන්නාද

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඉරාජ් මංගලටද සිය සමාජ මාධ්‍ය භාවිතාව හරහා දැඩි ප්‍රහාර එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ගැහැනු ඇඳුම් ඇඳගෙන ඉකුත් මැතිවරණ සමයේදී ඉරාජ් ප්‍රසිද්ධියේම මංගලට පහර ගැසූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව මංගලගේ අභාවය සිදුවූ දිනම ඉරාජ්ට, තරුණ සේවා සභාවේ තමන් දැරූ තනතුරින් ඉවත් වන්නට සිදුවීම එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

තවත් රට වහන් ඉන්න බෑ! ආර්ථික ප්‍රතිවිපාක බරපතළයි!

Next Post

ජයසුමන කිව්වත් ‘ටොසිලිසුමාබ්’ අරන් එන්න බැරි වෙයි! සිංගප්පූරුව දෙන්න බෑ කියයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.