• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිල නිවෙස ගැන මෛත්‍රී දුන් උත්තරයට බිමල්ගෙන් රෙදි ගැලවෙන තවත් උත්තරයක්!

August 24, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
මෛත්‍රීපාල ‘ලියා ගත්’ ගෙවල් 2ක් ගැන බිමල්ගෙන් ලොකු චෝදනාවක්!
Share on WhatsAppShare on Facebook

” ගිලපු වෙහෙර මාධ්‍ය නිවේදනවලින් සැඟවිය නොහැක” යනුවෙන් සදහන් කරමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට පිළිතුරු නිවේදනයක් නිකුත් කර ඇත.

පසුගිය දිනෙක බිමල් රත්නායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ‌නිවස පිළිබදව හෙළිදරව්වක් සිදු කළ අතර පසුව සිරිසේන මහතා ඊට පිළිතුරු ලබා දී තිබිණ.

එම පිළිතුරට නැවත ප්‍රතිචාර දක්වමින් රත්නායක මහතා නිකුත් කළ නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයට පිළිතුරක්…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනතාවට අයත් දේපළ භුක්තිවිඳීම පිළිබඳ මවිසින් මාධ්‍ය හමුවකදී කළ හෙළිදරව් කිරීමෙන් පසු තරමක කලබලයකින් යුක්තව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මාධ්‍ය හමුවේදී අප විසින් මතුකළ තර්කය වූයේ, වත්මන් ජනාධිපතිවරයා විසින් ජනතාවට කැපකිරීම් කරන්නට යැයි ප්‍රකාශ කිරීම සහ ඇමතිවරු ජනතාවට ලැබෙන සොච්චම් වැටුප කප්පාදු කරන්නැයි යෝජනා කිරීම හාස්‍යයට කරුණක් බවත්, කළ යුතුව ඇත්තේ ඇමතිවරු තම රු.65,000ක් පමණ වන වැටුප් පරිත්‍යාග කිරීමෙන් ඔබ්බට ගොස් නිල නිවාසවලට වැය කරන අත්මහත් වූ ධනය ඉතිරි කර ගැනීමට අවධානය යොමු කිරීම බවත්ය.

එහිදී එක් උදාහරණයක් ලෙස හිටපු ජනාධිපතිවරයෙක් ලෙස ඔබ, ඔබ විසින්ම පවරාගත් නිවාස දෙකක් එක්කොට තනන ලද සුඛෝපභෝගී මන්දිරය සහ වාහන කිහිපයක් බුක්ති විඳිමින් පඩිය පමණක් පරිත්‍යාග කිරීමට යොජනා කිරීම හාස්‍යජනක කරුණක් බවයි. එමෙන්ම තම වැටුප මෙන් හත්අට ගුණයක්ටත් වැඩි අති විශාල දීමනා ප්‍රමාණයක් ජනතා බදු මුදලින් භුක්ති විඳිමින් තම වැටුප පරිත්‍යාග කරනවා යැයි ජනතාවගේ ඇසට වැලි ගසමින් ජනතාවගේ වැටුප් කැපීමේ ආණ්ඩුවේ උත්සහයට උඩගෙඩි දීම පහත් දේශපාලන උත්සාහයක් බවයි.

හිටපු ජනාධිපතිතුමනි,

පළමුව ඔබ කලබල විය යුතුව තිබුණේ මාගේ ප්‍රකාශයට පිළිතුරු දීමට නොව කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයට අයත් මහා මන්දිර දෙකක් තමාගේ බුක්තියට පවරාගත් අවස්ථාවේදීය. එමෙන්ම ඔබ විසින් මේ පිළිබඳව පැහැදිලි කළ යුතුව තිබුණේ මා මීටද වඩා කරුණු කාරණා සහිතව අදාළ කැබිනට් පත්‍රිකාද මාධ්‍ය වාර්තාද සමගින් 2019 වසරේදී පාර්ලිමේන්තුවේදී මෙම කරුණු හෙළිදරව් කරන ලද අවස්ථාවේදීය. ඔබ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවස්ථාවේදී මාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ නැත.

කෙසේ වුවද ඔබ මෙම කරුණ ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් කර ඇති ලිපියේ කරුණු ගැන යම් පැහැදිලි කිරීමක් ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ඔබගේ ලිපියට අනුව ඔබ විසින් එම නිල නිවාස දෙක බුක්ති විඳින්නේ හිටපු ජනාධිතිවරයෙක්ට අයත් නීත්‍යානුකූල අයිතියක් මත පදනම්ව බව දක්වා ඇත. එමෙන්ම සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන්ට එසේ නිල නිවාස “පිරිනමා” ඇති බවද ඔබගේ ලිපියේ දක්වා ඇත. මෙහිදී කරුණු කිහිපයක් ජනතාවගේ දැනුවත් වීම සඳහා ඔබගෙන් විමසීමට කැමැත්තෙමි.

01. ඔබට මෙම නිවස “පිරිනැමුවේ” කවුද?

02. ඔබට මෙම නිවස ලැබුණේ ඔබ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුවද?

03.එසේ පිරිනැමුවේ නම් මෙම නිල නිවාසයම ඔබට පිරි නැමීම සඳහා තීරණය ගත් රජයේ ආයතනය කුමක්ද?
සැබවින්ම ඔබ සිදුකළේ ඔබ විසින් මුලසුන දරන ලද කැබිනට් මණ්ඩලයේදී ම, තමාගේ ධුර කාලය අවසන්වීමට මාස කිහිපයක් තිබියදී නිවාස 02ක් එක් කොට එක් නිල නිවාසයක් බවට පත් කොට ඔබගෙ භුක්තියට පවරා ගැනීම නොවේද?

එමෙන්ම එම නිවස ඔබ ජනාධිපති ධුර කාලය තුලදීත්, විශේෂයෙන් ධුරයෙන් විශ්‍රාම යෑමට ආසන්න කාලයේදීත්, මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැය කොට අති විශාල ප්‍රතිසංස්කරණයක් හා නවීකරණයක් සිදු කර ගත් බව පැහැදිලිව දන්නා කරුණකි. ඔබට මෙම නිවාස දෙක එක් කොට රජයේ පිළිගත් ආයතනයක් විසින් පැවරුවේ නැති අතර සත්‍ය වශයෙන් සිදුකළේ ඔබ අත හැන්ද ඇති අවස්ථාවේදී අනාගත භුක්තිය ගැන සිතා තමන්ගේ සිතැඟි පරිදි බෙදාගැනීමය.

04. එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් ජීවිතාන්තය දක්වා රජයේ නිල නිවාස ලබාගැනීමද තමාට හැන්ද ඇති අවස්ථාවේ බෙදා ගැනීමට යොදා ගන්නා තවත් එක් සදාචාර විරෝධී පිළිකුල් සහගත නීතියක් බව ඔබ පිළිගන්නේද?
ඔබට පෙර සිටි ජනාධිපතිවරු සියලු දෙනාද, ඔබ මෙන්ම

තම ධුර කාලය තුලදීම තමා විශ්‍රාම යෑමට පෙර අනාගත බුක්තිය සඳහා නිල නිවස වෙන් කර තබාගත්තේද යන්න සොයා බලනු වටී.
එමෙන්ම මෙම විශ්‍රාමික ජනාධිපතිවරුන් රටේ සුපිරිම නිල නිවාස තමාගේ බුක්තියට පවරා ගත් පසු ඔහුගෙන් පසු භාර්යාවද, සමහර අවස්ථාවන්වලදී ඔහුගේ දරුවන්ද බුක්ති විඳින බවට දැනටමත් උදාහරණ ඇති නිසා ඔබ ඇතුළු හිටපු ජනාධිපතිවරුන් විසින් භාවිත කරනු ලබන නිල නිවාස නැවත රජයට ලබාගැනීමට හැකිවන්නේද ඉතාමත්ම කලාතුරකින් බව මතක් කිරීමට කැමැත්තෙමි.

මෙසේ හිටපු ජනාධිපතිවරුන් විසින් රජයේ නිල නිවාස පවරා ගන්නේ බොහෝ විට තමන්ටම කියා පුද්ගලික නිවසක් තිබියදී වීම මෙම නීතියේ පිළිකුල් සහගත බව වැඩි කරවන්නකි.

ජනතා මුදල් අධික ලෙස වැය කරමින් ජීවිතාන්තය දක්වා නිල නිවාස බුක්ති විඳීමේ දේශපාලන සදාචාරයමය වශයෙන් පිළිකුල් සහගත ක්‍රියාව ඔබ විසින් තවදුරටත් සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි අපටනම් නොවැටහේ. ඔබ පැහැදිලි කිරීමට උත්සහ දරන්නේ මෙම නිල නිවාස‍ භුක්ති විඳීම නීතියට අනුව වරදක් නොවන බවයි.

එසේනම් මෙම මහජන දේපල තමන්ගේ සුඛවිහරණය සඳහා යොදා නොගත්තේ නම් වරදක් සිදුවේයැයි ඔබ විසින් අදහස් කරන්නේ ද?
එසේත් නැතිනම් මෙම මන්දිර ලබා නොගත්තේ නම් යනඑන මං නොමැතිව ඔබ මහමඟට ඇද වැටීමට තිබුණේ ද? යන්න, ඔබ විසින් පැහැදිලි කළ යුතුව ඇත.

එසේම ඔබ විසින් සඳහන් කරන “සමිට් ප්ලැට්” පිළිබඳ කාරණය විහිළුසහගත වන්නා සේම ඔබ වැටී ඇති අසරණභාවයේ තරම කියාපාන්නකි. එම “සමිට් ප්ලැට්හි” ඡායාරූප කිහිපයක් හුදී ජන පහන් සංවේගය සඳහා පළ කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

එමෙන්ම එම මහා මන්දිරයේ අලුත්වැඩියා කටයුතු කළ සමාගම් ඊට මැදිහත් වූ පුද්ගලයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් සහ එහි ගොස් ඇති ඕනෑම කෙනෙකු ඒ පිළිබඳව දන්නා බැවින් මීට වඩා වැඩි යමක් සඳහන් නොකරමි.

එමෙන්ම ඔබ විසින් දක්වා ඇති දේශපාලනය සහ පරිපාලනය පිළිබඳ කාරණයටද අවධානය යොමු කරනු කැමැත්තෙමි. මම දේශපාලනය සහ පරිපාලනය පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහිත පුද්ගලයෙක් වෙමි. නමුත් රටේ දේශපාලන ප්‍රභූන් මහජන ධනය සොරාකන ආකාරයත්, තම සුඛවිහරණය සඳහා රාජ්‍ය දේපොළ යොදා ගන්නා ආකාරයත්, ඒ වෙනුවෙන් නීති රීති සකස් කරගන්නා ආකාරයත්, රාජ්‍ය මුදල්, පරිපාලන රෙගුලාසි තමන්ගේ ඥාතීන්ට ධන කුවේරයන් බවට පත්වීමට යොදා ගන්නා ආකාරයත්, ඉන් අනතුරුව සාදු චරිත රඟ දක්වන ආකාරයත් පිළිබඳව මට ඇති දේශපාලන හා පරිපාලන දැනුමෙන් මනා ලෙස තේරුම් ගැනීමට හැකි බව සඳහන් කර සිටිමි.

එමෙන්ම මා මාධ්‍ය හමුවේදී පැවසු තවත් කරුණක් ඔබට අමතක වී ඇති හෙයින් නැවත එය මතක් කරමි. ඔබ විශ්‍රාම යෑමට මසකට හෝ දෙකකට ආසන්න කාලයකදී මෙම රජයට අයත් මන්දිර දෙක තම බුක්තියට “පිරිනමා ගත්” කැබිනට් පත්‍රිකාවෙන්ම තමාගේ භාවිතය සඳහා සුඛෝපභෝගී වාහන කිහිපයක් ආනයනය කර ගැනීමට කටයුතු කළ කාරණය අමතක කිරීමයි. එම නවීන සුඛෝපභෝගී වාහන විශ්‍රාම යෑමට සුළු කාලයක් තිබියදී ඔබට “පිරිනැමුවේ”
කවුදැයි පැහැදිලි කරනු වටී.

රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇත්නම් එයට කැපකිරීම් කළ යුත්තේ යුත්තේ ජනතා මුදලින් යැපෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත්, විශ්‍රාමික ජනාධිපතිවරුන හා ජනතා බදු මුදල් ගසා කමින් ආණ්ඩුවේ සහයෙන් නීති රීති වෙනස් කරමින් මහා ධනයක් එක්රැස් කරගන්නා ලද ධන කුවේරයන්ය. ඒ සඳහා ආදර්ශයක් ලෙස තම වැටුප මෙන් හත් අට ගුණයක මහජන අරමුදල් වියදම් වන නිල නිවාස සහ අනෙකුත් වරප්‍රසාදයන්ගෙන් ඉවත් වී ඒ වැය කරන මුදල ආණ්ඩුව ඉතිරි කර දීමයි.

තම තමන්ගේ පාලන කාලයන්හි රටේ ආර්ථිකයත්, ජනතාවගේ ආර්ථිකයත් බිංදුවට බස්සා වසංගත හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව ඇති ජනතාව මත පරපෝෂිතයින් මෙන් යැපෙන දේශපාලඥයින්ට හා එම දේශපාලන සංස්කෘතියට එරෙහිව අප විසින් උපරිම මැදිහත්වීම සිදු කර තිබේ. ආසන්නම උදාහරණයක් ලෙස මෙවැනි ව්‍යසනයකට රට ඇද වැටී ඇති මොහොතක මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ ආණ්ඩුවේ උත්සහය නැවැත්වීම‌ට ජවිපෙ කළ කාර්යභාරය නැවත මතක් කර සිටිමු.

ජනතා බදු මුදලින් පරපෝෂිතයින් මෙන් යැපෙන අතරම සාදු චරිත රඟදක්වන දේශපාලනඥයින්ට සැමදා අභියෝගයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතයයි. ඔබ, ඔබටම “සමිට් ප්ලැට්” පරිනමා ගන්නා විට අපි ජනතාවට පිරි නමා ඇත්තේ එම මහජන සේවා දේශපාලන ආදර්ශයයි.

එම නිසා වෙහෙර ගිල්ල බව රටට පෙනෙන්නට තිබියදී මාධ්‍ය නිවේදනවලින් එය සඟවාගත නොහැකි බවත් ජනාධිපතිවරයා ඇතුළු සියලු මැති ඇමතිවරුත්, හිටපු ජනාධිපතිවරුත් තම නිල නිවාස සහ අති විශාල දීමනා කප්පාදු කරගනිමින් එම ආදර්ශය ලබාදීමට කටයුතු කරන ලෙස අභියෝග කරන අතර මේ මොහොතේ ජනතාව ඕනෑවටත් වැඩියෙන් කැප කිරීම් කරමින් සිටින බව ද මතක් කර සිටිමි.

බිමල් රත්නායක
2021.08.24

SendShareShare
Previous Post

මරණ 190ක්! ඔක්කොම 7770යි!

Next Post

තුන්වන දිනටත් පිට පිට රෝගීන් 4000 ඉක්මවයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.