ශ්රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස, දිගු කාලීන ණය පදනමක් යටතේ, ඛණිජ තෙල් සහ බොරතෙල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කිරීමේ හැකියාව පිළිබදව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සමග සාකච්ජා පවත්වා ඇත.
මීට අදාළ මූලික සාකච්ජා, ඊයේ දිනයේ දී අමාත්‍යවරයා සහ මෙරට, එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිකාර්යාලයේ වැඩබලන ප‍්‍රධානී සායිෆ් යූසුෆ් මහතා අතර සිදුව තිබේ.
2021 වසරේ මුල් කාර්තුව තුළ, මෙරට ආනයන වියදමෙන් 18% ක්, ඛනිජ තෙල් ආනයනය සදහා දරා ඇති බවත්, එබැවින් ඉන්ධන අරපරිස්සමින් භාවිතා කරන ලෙසත්, ඛණිජ තෙල් අමාත්‍යවරයා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී තිබුණි.










