පසුගිය සතියේ කළුබෝවිල රෝහල් බලධාරීන් විසින් රෝහල් දොරටුව අසල අතහැර දමා ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයින් හයදෙනෙකු සොයාගෙන තිබේ.
ඒ අතර වැඩිහිටි කාන්තාවන් පස් දෙනෙකු සහ එක් පිරිමියෙකු සිට ඇත.
ඔවුන් සිටි දුර්වල තත්ත්වය හා වැඩිහිටිබවඅනුව ඔවුන් පැමිණියේ කොහෙන්ද යන්න හෝ ඔවුන් එහි පැමිණියේ කෙසේද යන්න ගැන කතා කිරීමට නොහැකි වී ඇති බව පැවසේ.
PCR පරීක්ෂණවලින් ඔවුන් ’නෙගටිව්’ වී ඇති බවද දැනගන්නට ඇත.
හොඳින් ඇඳ පැළඳ සිටි පුද්ගලයින් ත්‍රීරෝද රථවලින් පැමිණ මහලු අය රෝහල ඉදිරිපිට දමා යන ආකාරය රෝහල් සීසීටීවී කැමරාවල සටහන් වී තිබේ.










