සැප්තැම්බර් මාසයේදී නවදිල්ලියේ සංචාරය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසකට ආරාධනා කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු ඇමති ආචාර්ය ජෙයරාම් ජයිශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානය විසින් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ලබා දී ඇති බව දැනගන්නට ඇත.
දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතා විසින් සාකච්ජා සදහා අවස්ථාවක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමටද පියවර ගෙන තිබිණ.










