විවිධ පාර්ශව විසින් රට සතියකට හෝ දෙකකට වසා දමන ලෙසට ආණ්ඩුව වෙත දැනුම් දී තිබුණද එසේ රට ලොක්ඩවුන් කිරීමේ තීන්දුවක් ජනාධිපතීවරයා විසින් මෙතෙක් ගෙන නොමැති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එසේ රට වසා දැමුවහොත් එදිනෙදා ආදායම් සොයාගන්නා අතිබහුතරයක් ජනතාව දැඩි පීඩාවට පත්වීම හේතුකොට ගෙන රට වසා දැමීමට ජනාධිපතිවරයා තීරණය නොකරනු ඇති බවකි.
මේ බව අද සවස සිදුකිරීමට නියමිත ජාතිය ඇමතීමේ කතාවේදී ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
එමෙන්ම හෙට දිනයේදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසී ඒ පිළිබද කරුණු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










