• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එක සැරේ පිපිලා පරවෙන මලක් වෙන්න මම කැමැති නැහැ…

August 17, 2021
in Heart
Reading Time: 5 mins read
A A
එක සැරේ පිපිලා පරවෙන මලක් වෙන්න මම කැමැති නැහැ…
Share on WhatsAppShare on Facebook

රඟපාලා විතරක් මේක කරන්න බැහැ…
මම කැමැතියි ලැබෙන හැම චරිතයම බාරගන්න…

ශලිත ගුණවර්ධන කියන්නේ හැම දෙනාගේම ආදරය දිනා ගත්ත නව පරපුරේ රංගන ශිල්පියෙක්. ශලිතගේ රංගනය ගැන බොහෝ දෙනෙක් ප්‍රශංසාත්මකව කතා කරනවා. වේදිකාව හරහා ටෙලිනාට්‍ය කලාවට පිවිසි ශලිත මේ වෙද්දි සිනමාවටත් සම්බන්ධ වෙලා තියෙනවා. රංගන ශිල්පියෙක් විදියට විතරක් නෙවෙයි තවත් අංශ කිහිපයකින්ම ශලිත කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ හැම දෙයක්ම ගැනම වැඩිදුර දැන ගන්න අපි ශලිතට කතා කළා.

ශලිත අලුත්ම වැඩකට සම්බන්ධ වුණා කියලා දැනගන්න ලැබුණා. මුලින්ම ඒ ගැන මතක් කරලා ඉමු?
ඔව්. වෙනස්ම විදියේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒත් මේ කොවිඞ් ප්‍රශ්නයත් එක්ක පොඞ්ඩක් ඒකේ රූගත කිරීම් පමා වෙලයි තියෙන්නේ.

ඒ චිත්‍රපටය ගැන තව ටිකක් විස්තර කියමු නේද?
තවම ඒකට නමක් නම් නැහැ. හැබැයි ඉතාලිය ඇතුළු විදේශීය රටවල් කිහිපයක තමයි මේ චිත්‍රපටය රූගත කෙරෙන්නේ. ලංකාවෙත් දර්ශන කිහිපයක් තියෙනවා. ඒත් වැඩි කොටසක් රූගත කරන්නේ ලංකාවෙන් පිටත. ඒ වගේම වෙනස්ම ආකාරයක කතාවක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ. ඒ හින්දා මේක වෙනස්ම අත්දැකීමක් වේවි.

ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?
වියළි කියලා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල එහි රූගත කිරීම් සඳහා තිස්සමහාරාමයට ගිහින් ඉන්නේ.

අපි පොඞ්ඩක් අතීතයට යමු. ශලිත කලාවට යොමු වුණේ කොහොමද?
මගේ ගම කෑගල්ලේ. බණ්ඩාරනායක විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලේ ඉඳන්ම කලාවට ළැදියාව තිබුණා. මොකද අපේ පවුලත් කලාවට ළැදියි. ඒ හින්දා පාසල් වේදිකාවට නිතරම සම්බන්ධ වුණා.

එතැනින් පස්සේ?
ඊට පස්සේ ජාතික රූපවාහිනියේ රජත රශ්මි වැඩසටහනට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. එහි අවසානය දක්වා එන්නත් මට පුළුවන් වුණා. එතැනින් තමයි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය කණ්ඩායමට එක්වෙන්න ලැබුණේ. ඒ හරහා තමයි ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන්න ඉඩකඩ ලැබුණේ.

රංගන ශිල්පියෙක් විදියට දැන් ජනප්‍රිය වෙලා තිබුණත්, ඔබ ඊට වෙනස් ආකාරයටත් කලා නිර්මාණ සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන කතා කළොත්?
එකපාරට ඇවිත් එක සැරේ පරවෙලා යන කෙනෙක් නොවී, කාලයක් කලා ලෝකයේ රැඳිලා ඉන්න නම් මුලින්ම කලාව ඉගෙන ගෙන ඉන්න ඕනෑ. ඒ අවවාදය මුලින්ම මට දුන්නේ මගේ ලොකු අක්කා. ඒ හින්දා රංගනයට සම්බන්ධ වෙන ගමන් ඒ ගැන ඉගෙන ගන්න මම උනන්දු වුණා. රංගනයට ආව මුල් කාලේ ඒ මත විතරක් යැපිලා ඒ දේවල් කර ගන්න බැහැ. මම මේකප් ආටිස්ට් කෙනෙක් විදියටත් කටයුතු කරන්න ගත්තේ ඒකයි.

ඒ අතරතුරේදී වුණු සිදුවීමක් ඔබේ රංගන ජීවිතය වෙනස් කළා කියලා අපි අහලා තියෙනවා. ඒ ගැනත් මතක් කරමු නේද?
ඔව්. මම එක ටෙලිනාට්‍යයක මේකප් ආටිස්ට් විදියට කටයුතු කරන අතරේ සුනිල් කොස්තා මහත්තයාගේ ටෙලිනාට්‍යයක දර්ශනයකට පෙනී හිටින්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ හිටිය සහාය අධ්‍යක්ෂවරයෙක් මාව කලින් දැනගෙන හිටියා. මම වේදිකාවේ වැඩවලට සම්බන්ධ වෙනවා එයා දැකලා තිබුණා. ඒ හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.

ඒක සිද්ධ වුණු විදිය හරියටම දැන ගන්නත් හැමෝම කැමැති වේවි?
එක දවසක් එයා මම හිටිය හෝටලයට ඇවිත් හදිසියේම මාව එක්කරගෙන ගියා. ඒ දර්ශනයට ඇවිත් හිටිය රංගන ශිල්පියාට ඒක හරියට කරගන්න බැරි හින්දා තමයි මාව එක්කරගෙන ගිහින් තියෙන්නේ. මට තිබුණේ දොරක් ඇරගෙන යන දර්ශනයක්. ඒක දැකපු කොස්තා මහත්තයා, නියමයි කොල්ලෝ කියලා කිව්වා. ඒකෙන් පස්සේ මට සුනිල් කොස්තා මහත්තයාගේ නත්තල් නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. එදා ඉඳන් මම එතුමාගේ කණ්ඩායමේ සාමාජිකයෙක්.

can you hear me හරහා ඔබ ගැන බොහෝ දෙනෙක් කතා කළා. එහි දෙවැනි කතා මාලාවත් ළඟදිම එනවා කියලා දැන ගන්න තියෙනවා?
ඔව්. ඒක කොටස් 50 බැගින් අදියර තුනක් යටතේ ගලා යන නිර්මාණයක්. එහි දෙවැනි කොටස ඉතාම ඉක්මනට විකාශනය වේවි.

එහිදීත් ශලිතගෙන් අමතක නොවන රංගනයක් දැක බලා ගන්න ලැබේවි නේද?
අනිවාර්යයෙන්ම.

කලාවේ දිගටම රැඳී ඉන්න එක ගැන ඔබ මුලින්ම කතා කළා. ඒ වෙනුවෙන් ඔබ මොනවාද විශේෂයෙන් කරන්නේ?
එක චරිතයකින් ජනප්‍රිය වුණොත් දිගින් දිගටම ඒ ආකාරයේ චරිත තමයි ලැබෙන්නේ. ඒක ලංකාවේ හැටියක්. ඒ හින්දා ඒ විදියට එක වගේ චරිත බාර ගන්නේ නැහැ කියලා මම මටම නීති පද්ධතියක් පනවා ගෙනයි තියෙන්නේ.

ඊට අමතරව නිර්මාණය මොන වගේද කියන එක ඔබ සලකා බලන්නේ නැද්ද?
පිටපත අනිවාර්යයෙන්ම කියවනවා. හැබැයි ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්න තමයි මම කැමැති. දැන් හැමෝම මෙගා ගැන කතා කරනවා. මෙගාවලත් හොඳ දේවල් තියෙනවා. තමන් කරන දේ හරියට කැපවීමෙන් කරනවා නම් මෙගාවල වුණත් හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒක තමන් අතේ තියෙන්නේ.

අපි අවසන් වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරමු?
මීටත් වඩා හොඳ නළුවෙක් වීම තමයි බලාපොරොත්තුව. ඒ වගේම හොඳ රංගන ශිල්පියෙක් විදියට දිගටම කලාවේ රැඳිලා ඉන්න එකත් මගේ බලාපොරොත්තුවක්.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හිඟයක් අත ළඟද? ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න! ගම්මන්පිලගෙන් හදිසි පණිවුඩයක්!

Next Post

මරණ 171ට නගී! ආසාදිතයන් 3609ක්! දෙකම වාර්තාවක්!

MORE NEWS

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News
Heart

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.