• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අද මෙහෙමහරි තැනක ඉන්න ලැබුණු එක ගැන සතුටුයි…

August 12, 2021
in Heart
Reading Time: 3 mins read
A A
අද මෙහෙමහරි තැනක ඉන්න ලැබුණු එක ගැන සතුටුයි…
Share on WhatsAppShare on Facebook

දිග පළල බලන්නෙ නැතිව රඟපාන්න වෙනවා…
මම දැන් අම්මා කෙනෙක්…

‘පබා’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිත අතර සුවිශේෂී චරිතයක් තමයි මාර්තා. ඇයගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් ලෙසට ඒ නිර්මාණය හඳුන්වන්න පුළුවන්. ඇය දැන් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට නැතුවම බැරි අම්මා කෙනෙක් වෙලා. ඇත්තටම කවුද මේ ඔබ ආදරය කරන අම්මා. ඒ වෙන කවුරුවත් නෙවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදේනි නදීකා. ඒ මවු සෙනෙහසේ සුන්දරත්වය කොයි වගේද කියලා ඇය සමග කතා කිරීමට අප හිතුවා.

ඔබ දැන් ගෙදරට විතරක් නෙවේ හැමෝටම මවක් වෙලා නේද. ඉතින් කියමුකෝ බලන්න මේ විඳින සතුට ගැන?
ඒ සතුට මම කොහොම කියලා කියන්නද කියලා මටම තේරෙන්නේ නැහැ. මම මගේ දරුවන්ට මවක් වෙලා විඳින සතුට අනෙකුත් අම්මලා වින්දා වගේම සතුටක් වින්දා. හැබැයි මම දැන් ඊටත් වඩා පියවරවල් කිහිපයකින් මවක් වෙලා ඇවිත් ඉන්නවා. හරියටම කිව්වොත් නුග ගසක් වගේ හැම දරුවෙක්ටම සෙවණක් දෙනවා අම්මා කියන උත්තරීතර නාමය මුල්කරගෙන.

ඉතින් මේ දවස්වල ඔබ ටෙලිනාට්‍ය කිහිපයකම ඒ අම්මා ලෙසින් අප හමුවට එනවා?
ඔව්… හදවිල අරණ, දූවිලි සළඟ, කොළඹ ඉතාලිය ටෙලිනාට්‍යවල මම අම්මා ලෙසට තමයි රඟපාන්නේ. මෙවැනි චරිත හරහා මම නිරූපණය කරන අම්මලා අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.‘සිහින වසන්තයක්’ ටෙලිනාට්‍යයේ තමයි මම මුල්වරට අම්මා ලෙසට රඟපෑවේ. එදා ඉඳලා ඉතින් මට නිර්මාණ ගොඩක අම්මා ලෙසට ජීවත් වෙන්න සිදුවුණා.

ඔබ පාසල් කාලයේ ඉඳලම රංගන ක්‍ෂේත්‍රයට යොමු වීමට සිහින දැක්ක බව ආරංචියි?
මගේ පියා ගමේ තියටර්වල රඟපාපු රංගන ශිල්පියෙක්. ඔහුගේ ආභාෂයත් මට ලැබෙන්නට ඇති. පාසලේදී හැම සාහිත්‍ය සමිතියකදීම මුලින්ම ඉදිරිපත් වෙලා වැඩ කිරීමේ පුරුද්දක් මට තිබුණා. මගේ මුල්ම වේදිකාව පාසල. පස්සේ මම විවාහ වෙලා දරුවන් හැදුවාට පස්සේ නැවැත රඟපාන්න ආශාවක් ඇති වුණා. ඊට පස්සේ මම ජයසේන අපොන්සු මහතා ළඟට ගියා රංගනය හැදෑරීමට. එතැනදී මාවම එතුමාගේ ‘සිල්’ ටෙලිනාට්‍යයට තෝරාගත්තා. එතැනින් පටන්ගත්තු මම අද මෙහෙම හරි තැනක ඉන්න ලැබුණු එක ගැන සතුටු වෙනවා.

හීන හොයන විසේකාරි නිර්මාණ තුළින් ඔබව වෙනස් පැත්තකට යොමු වුණා නේද?
2018 මම හීන හොයන විසේකාරී වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළා. පසුකාලීනව ගොඩාක් ප්‍රශ්න ආවා. දැන් කොරෝනා ප්‍රශ්න මතුවෙලා. ඉතින් මගේ වේදිකා නාට්‍ය ගොඩාක් ප්‍රේක්‍ෂකයන්ට දැකබලා ගැනීමට නොහැකි වුණා. ඉතින් මේ දවස්වල මගේ සැලැසුම නැවැත වේදිකා නාට්‍ය අරගෙන රටවටා යන්න තමයි.

මවක් විදියට නිර්මාණවලට සම්බන්ධ වීමේදී සීමා මායිම් මොනවද?
මම දැන් අම්මා කෙනෙක්. සමාජයට වැරැදි ආදර්ශයක් දෙන විදිහේ නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. අපෙන් සමාජයට වියයුතු වැදගත් දෙයක් තියෙනව නම් තමයි මම ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. එහෙම ආවාට ගියාට මම රඟපාන්න යන්නේ නැහැ.

ජනප්‍රිය වුණු මෙගා නාට්‍ය රැසකට ඔබේ දායකත්වය ලැබුණා නේද?
වසුදා, කාව්‍යා වැනි දීර්ඝතම ටෙලිනාට්‍යවලට මම සම්බන්ධ වුණා. මේ අපේ වෘත්තීය. අපට දිග, පළල නොතකා නිර්මාණවලට සම්බන්ධ වෙන්න සිදුවෙනවා. හැබැයි හොඳ චරිතයක් නම් විතරයි මම එහෙම හරි සම්බන්ධ වෙන්නේ.

පසුගිය කාළේ ඔබ සුවිශේෂී සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණු බව අපට දැනගන්න ලැබුණා?
ඔව්… වෙස්සන්තර ජාතකය මූලාශ්‍රයෙන් තමයි ‘වෙස්සන්තර’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මම වෙස්සන්තරගේ මවට තමයි රඟපාන්නේ. ඒ චිත්‍රපටය කරලා ගොඩාක් කල් වෙනවා. ආශාවෙන් ඉන්නවා ඒ චිත්‍රපටය තිරගත වෙනකම් දැකබලා ගන්නට.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආණ්ඩුව ගෑස් සමාගමක් අරඹයි!

Next Post

විමල්ගේ‌ ගෙදර හදිසි සාකච්ජාවක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.