ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයක් දියුණු කිරීමට ඇමරිකානු සමාගමක් කැමැත්ත පළ කර ඇති අතර එමඟින් ඩොලර් බිලියන 3 ක ආයෝඡනයකින් යුත් දැවැන්ත තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක් මගින් අනාවරණය කොට ඇත.
කෙසේවෙතත් අදාළ අමෙරිකානු සමාගම කුමක්ද යන්න කැබිනට් පත්‍රිකාව මගින් අනාවරණය කොට නැත.
මෙම සැලැස්ම යටතේ තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම සහ හුවමාරු කිරීමේ පදනම මත ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අමාත්‍යාංශ සංදේශයට අනුව, මෙම වරාය අසල අක්කර 33000 ක භූමි භාගයක තෙල් පිරිපහදුව සහ කාර්මික උද්‍යානය සහිත ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ස්ථාපිත කෙරේ.
මෙම ප්‍රදේශය කොළඹ වරාය පරිශ්‍රය මෙන් දසගුණයකින් විශාලය.










