• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මව්රට ගිලගන්න බලා ඉන්න කොරෝනා මාරයා!

August 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මව්රට ගිලගන්න බලා ඉන්න කොරෝනා මාරයා!
Share on WhatsAppShare on Facebook

නෝනාවරුනි, මහත්වරුනි,

මේ වතාවෙ කියන්නෙ ඔබටය. හුදී මහජනතාවටය. ඒ වෙන කියන්නවත්, අහන්නවත් කිසිවෙක් නැතැයි ලියුම්කරු හිතන නිසාය. නමුත් මා මේ කතාව ඔබට කිව යුතුමය. එසේ නොකියා හිඳීමෙන් මගේ හදවතට විශාල බරක් උසුලාගෙන ඉන්නට සිදුවනු ඇත. මේ අතිශය භයානක දින කිහිපයකි. කොවිඩ් මාරයා ඔබද මමද වටකොට අවසන්ය. කොයි වෙලේ කවුරු මියයාදැයි අපි නොදනිමු. මරණය කලබලයේ පැමිණ කිසිවකු රැගෙන ගිය බව පමණක් හදිසියේම දැනගන්නට ලැබේ. එවන් හැන්දෑවක හුදෙකලා වූ නිවෙසක තමන්ගේ හතර පස් දෙනා සමග කූඩු වී සිටියා නම් මේ කතාව මේ තරම් භයානක ලෙස නොදැනෙනු ඇත. නමුත් ඔබ ඉන්නේ එක්කෝ බස් එකේය. නැතිනම් කෝච්චියේය. තෙරපෙමින්, සිරවෙමින්, මාස්ක් සකසමින් දැන් ඔබ රැකියාවට යා යුතුය. ඔබ කොයි තරම් ඔබේ දරුවන්ටත් මවුපියන්ටත්, ඔබේ පවුලටත් අවැසි මුත්, ශ්‍රී ලංකා රජය ඔබට රැකියාවට එන්නැයි නියම කර අවසන්ය. දිනකට දෙවරක් ඔබ ජීවිතය පරදුවට තබා රැකියාවට පැමිණිය යුතුය. ඔබ සේම මමද මේ අසිරිමත් දේශය තුළ අසරණය. ඔබ රැකියාවට පැමිණීම අනිවාර්ය කළ පණිවුඩය මගේ ජංගම දුරකතනයට එද්දීම තවත් පණිවුඩයක් ආවේය. ඒ කොළඹ ජාතික රෝහල සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරීගොස් ඇති බවට වූ පණිවුඩයයි. එකකින් කියන්නේ සියල්ලෝම රැකියාවට පැමිණිය යුතු බවකි. අනෙක රෝහල් පිරීගිය කතාවකි. විය යුතුව තිබුණේ රෝහල් හිස් වූ පසු රැකියා ස්ථාන විවෘත වීමය. ජනතාව පොදු ප්‍රවාහන සේවා වෙතට පැමිණීමය. නමුත් සෞඛ්‍ය අංශ සියලු මට්ටම්වල සිට රට අතිශය අවදානම් මට්ටමකට ඇතැයි කියන මොහොතක, බස් රථවල යන එන ඔබ දුක්විය යුත්තේ කොවිඩ් සමග යන මෙවන් රටක ඉපදෙන්නට සිදුවීම ගැනය.

දොස්තර මහත්තයෙක් පහුගිය දිනෙක අපූරු කතාවක් කීවේය. ඒ බස්වල කෝච්චිවල තෙරපෙමින් ගොස් අපට චෝදනා නොකරන ලෙසය. කිසිවෙක් බස්වල කෝච්චිවල තෙරපෙමින් යන්නේ විනෝදයට නොවන වග ඒ දොස්තර මහත්තයාට කවුරුන් හෝ තේරුම් බේරුම් කර දිය යුතුය. යාන්තම් කොරිඩෝවල නිදියමින් පැදුරු කෑල්ලකට වී දුක් විඳින කොවිඩ් රෝගීන්ද පෙනෙනු ඇත්තේ ඔබට වද දෙන්නට පැමිණියා වාගේය. මිනිසුන්ගේ දුක නොදන්නා නිලධාරීන් ඉහළ තනතුරුවලට යෑම අපේ අවාසනාවයි. මේ කතාවල අගදී දැනෙන්නේ එහෙමය. ඒ නිසාම ඔබට අප මේ මොහොතේ අනාරක්ෂිත බව නැවත මතක් කරදිය යුතුය. මේ ලිපිය ලියනා මොහොත වන විට රත්නපුර රෝහල රතු නිවේදන නිකුත් කර අවසන්ය. ඒ තවදුරටත් රෝගීන් ඇතුළත් කරගත නොහැකි තත්ත්වයකට පැමිණීමත් සමගය. සමහර විට ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට තත්ත්වය වෙනස්ව තිබිය හැකිය. නමුත් මේ ලියන මොහොත වෙද්දී රත්නපුර රෝහලේ අසාධ්‍ය රෝගීන්ට හැර වෙනත් කිසිවකුට ඉඩ ලබාදිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී අවසන්ය.

ඒත් සමගම ඊළඟට මෙවැනිම ආරංචියක් ආවේ කරාපිටිය ශික්ෂණ රෝහල පැත්තෙන්ය. ඒ රත්නපුර රෝහලේ ඇතිවූ තත්ත්වයටම සමාන තත්ත්වයක් ගැනය. මේ ලියන මොහොත වන විට කරාපිටිය රෝහලද රතු නිවේදන නිකුත් කර අවසන්ය. කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවදුරටත් අසාධ්‍ය රෝගීන් නොවන රෝගීන් වෙනුවෙන් සිය රෝහලේ පහසුකම් සැපයීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.

එසේම කොළඹ ජාතික රෝහලේ තත්ත්වයද එන්න එන්නම නරක අතට හැරෙනා බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. එහි ‘කොවිඩ්’ ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති කොටස් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරීගොස් අවසන්වී ඇති අතර සාමාන්‍ය වාට්ටුවලින් කොටසක් ‘කොවිඩ්’ රෝගීන්ට ලබාදෙන තත්ත්වයට පත්ව තිබේ. මේ ලියන මොහොත වන විට ජාතික රෝහල් කාර්ය මණ්ඩලය පවා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ.

රාගම ශික්ෂණ රෝහලේ තත්ත්වයද මීට වඩා වෙනස් නැත. එහි කොවිඩ් සඳහා වෙන් කළ වාට්ටුවල සාමාන්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබයි. රාගම රෝහලේ කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගයට ගොදුරු වීම නිසා ඔවුන්ද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ තත්ත්වයද ඒකමය. මේ වන විට අනුරාධපුර රෝහලේද සියලුම ඇඳන් පිරී අවසන්ය. ඒ අනුව තත්ත්වය නරක අතට හැරෙනා විට අනුරාධපුරයටද රතු නිවේදන නිකුත් කරන්නට සිදුවනු ඇත.

නාගොඩ රෝහල සම්පූර්ණයෙන්ම පිරීගිය බවට වූ ආරංචිය ආවේය. ඒ නිසාම රෝහල් පරිශ්‍රයේ තාවකාලික කූඩාරම් ඉදිකොට ප්‍රතිකාර කරන තත්ත්වයට පත්ව ඇතැයි පුවත්පත් වාර්තා කළේ පහුගිය හතර වැනිදාය.

“‍කළු‍බෝවිල රෝහල, පාන්දර 1.20 යි.
වාට්ටු ඉඩ මදිව එළිමහනටත් රෝගීන් යොමු කරල…. එක ඇඳක අසාධ්‍ය රෝගීන් තුන් දෙනෙක්… රෝගීන් ක්ලාන්ත වෙලා වැටෙනව… ඔක්ෂිජන් ප්‍රමාණවත් නැති තරම්… කාර්ය මණ්ඩලය අඩු නිසා ඉතාම අපහසු තත්වයක්… ඒ වගේම පාන්දර 1.20ටත් රෝහලට ඇතුළුවෙන රෝගීන්ගෙ දිග පෝලිම්… දැන් මෙහෙත් ඉන්දියාවෙ දිල්ලියට වූ අන්ත දුක්ඛිත තත්ත්වය මැවෙන ලකුණු තියෙන්නෙ. ඇත්ත තත්ත්වය අවබෝධ කරගැනීම තමන් සතුයි. හැකි උපරිම පරිස්සම් වෙන්න.”‍
යනුවෙන් වූ ෆේස්බුක් සටහනකි.

ද සොයිසා රෝහලේ ගැබිනි මවුවරුන් රෝගීවීම ආරම්භ වී තිබේ. අප මේ ලිපිය ලියන මොහොත වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් ප්‍රමාණය තිහකට වඩා වැඩි බව දැනගන්නට ලැබේ.

මෙසේ ගැබිනි මවුවරුන් සඳහාම වෙන්කර ඇති මුල්ලේරියාව රෝහලද පිරීගොස් පොරොත්තු ලේඛනයේ රෝගීන් බලා ඉන්න තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහළටද සීග්‍රයෙන් ළමා රෝගීන් පැමිණෙමින් සිටී. ඒ අනුව ළමා රෝහලද ඉතා ඉක්මනින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන තත්ත්වයට පත්වීම භයානකය.

කියන්නට කිසිවෙක් නැත. ඔබද මමද අනාරක්ෂිත‍ය. සමහර විට ඔබ මෙය කියවන දිනය වන විට සියල්ල උඩු යටිකුරුව තිබිය හැකිය. නමුත් මේ ලියන මොහොත වන විට දිනකට රෝගීන් 94 දෙනෙක් මියයන තත්ත්වයට රට පත්ව තිබේ. ඒ සෑම විනාඩි 15කටම මරණයක් වාර්තා වන සේය. ඒ, ඔබත් මාත් සමග ජීවිතේ බෙදාගත් අහිංසකයන්ය. හෙට වෙනුවෙන් හිතන්නට කිසිවක් නැත. බලාපොරොත්තු නැත. එකම බලාපොරොත්තුව ජීවිතය පමණි. අනාරක්ෂිත මගී ප්‍රවාහන සේවයකින් හෙටද රැකියාවට යා නම් ඔබ සහ මම කුමක් කරමුද?

ජීවන පහන් තිළිණ -ප්‍රේමලාල් විජේරත්න -චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ආර්ථිකයද-ජීවිතයද! වහා සියයට සියයක ඇඳිරි නීතියක් පනවන්න! නැතිනම් දිනක මරණ 300ක් වේවි! රජරට මහාචාර්යවරයා අනතුරු අගවයි! ‌

Next Post

පොලිසිය කොළඹ ගෙවල්වලට පනින්න පටන් ගනී! 5000ක් අල්ලන් එයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.