• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අතුල් ඉන්දියාවට! සිංග් අමෙරිකාවට! ‘2015 පෙරළිය’ PART II (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 7, 2021
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
අතුල් ඉන්දියාවට! සිංග් අමෙරිකාවට! ‘2015 පෙරළිය’ PART II (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මෛත්‍රි – රනිල් යහපාලන ආණ්ඩුව එන විට ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වූයේ පැට්‍රීෂියා බුටෙනිෂ්ය. ඇය ලංකාවට ආවේ මහින්ද ජනාධිපතිවරයාව සිටියදීය. එකල ඇය මහින්දගේ ආණ්ඩුවේත්, ආණ්ඩුවේ මාධ්‍යයේත් ආණ්ඩුවට කඩේ යන මාධ්‍යයේත් දැඩි ප්‍රහාරයට ලක් විය. ඇය මහින්ද පරාජය කරන්න පොදු අපේක්‍ෂකයෙක් ගේන්න විපක්‍ෂයේ පක්‍ෂ, සිවිල් සංවිධාන, සෝභිත හිමියන් හමුවී රහස් සාකච්ඡා කරන බවට ආණ්ඩුව ප්‍රසිද්ධියේ චෝදනා කළේය. 2011දී ඇය තානාපති ධුරයේ සිටියදී තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී මෛත්‍රිපාල සිරිසේන හමුවී එවකට සිරගතව සිටි ෆොන්සේකා පිළිබඳව සාකච්ඡා කිරීම මහින්ද සහ ආණ්ඩුව දුටුවේ ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමේ කුමන්ත්‍රණ‌යක් ලෙසය.

කෙසේ හෝ ඇය තානාපති ධුරයේ සිටියදීම පොදු අපේක්‍ෂකයා ආණ්ඩුව ඇතුළෙන් එළියට ආවේය. ඔහු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී සමග සාකච්ඡා කළා යැයි කී මෛත්‍රිපාල සිරිසේනය. පැට්‍රීෂියා ලංකාවෙන් පිට වූයේ මෛත්‍රි ජනාධිපති කොට මෛත්‍රි – රනිල් ආණ්ඩුව හදලාය. ඇය වෙනුවට එවකට ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ලංකාවට පත්කර එව්වේ ඉන්දීය සම්භවයක් සහිත අතුල් කේෂප්ය. අතුල් කේෂප් මෛත්‍රි – රනිල් ආණ්ඩුව සමග බොහොම ළඟින් වැඩ කළේය. 2018 ජුනි 14දා ඔහු එවකට විපක්‍ෂ මන්ත්‍රිවරයකුව සිටි මහින්ද හමුවීම මහත් ආන්දෝලනයකට හේතු විය. එයට හේතුව එම හමුවේදී ගෝඨාභය රාජපක්‍ෂගේ ජනාධිපති අපේක්‍ෂකත්වය සහ ඇමෙරිකානු පුරවැසි ප්‍රශ්නය ගැන මහින්ද අතුල් කේෂප්ගෙන් ප්‍රශ්න කිරීමය. හමුදා නායකයකු ලෙසත්, යුද අපරාධ චෝදනා එල්ල වී ඇති යුද්ධයකට සම්බන්ධ වූ අයෙක් ලෙසත් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක වීම ගැන ඇමෙරිකාවට ප්‍රශ්න තිබෙන බවත්, එසේම ගෝඨාභය සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීමේදී ඔහුට එරෙහි යුද අපරාධ චෝදනා එයට බාධාවක් විය හැකි යැයි ඇමෙරිකානු තානාපති අතුල් කේෂප් පැවැසූ බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. මේ ගැන සමහර මාධ්‍ය ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රශ්න කරද්දී තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ සාකච්ඡාවල තොරතුරු දිය නොහැකි බවය. එහෙත් ගෝඨාභයට සමීප හිතවතුන්ගේ මතය වූයේ ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට එරෙහි රාජපක්‍ෂ පවුලෙන්ම මේ කතාව මාධ්‍යයට ලීක් වුණු බවය.

කෙසේ හෝ අතුල් කේෂප් මහින්ද සමග සමීපව ගනුදෙනු කරන අතරතුර මෛත්‍රි – රනිල් ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට සීමාව ඉක්මවා ක්‍රියා කරන බවට මහින්දවාදී විපක්‍ෂය චෝදනා කළහ. කේෂප්ව නම් කර එව්වේ ඔබාමා වුණාට කේෂප්ට වැඩ කිරීමට සිදු වූයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගය. මේ කාලයේදී ගෝඨාභය ට්‍රම්ප් පාලනය සමග සමීප සබඳතා ගොඩනඟා ගැනීමට සමත් විය. ඒ යුද්ධ කාලයේ යුද්ධයට සහාය දැක්වූ මෙරට ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් සහ ඊශ්‍රායල ආරක්‍ෂක අංශ සම්බන්ධතා හරහාය. අතුල් කේෂප් සිය නිල කාලය අවසන් කොට යන විට ලංකාවට ආවේ අලෙයිනා බී.ටෙප්ලිට්ස්ය. ඇයව නම් කොට එව්වේ ට්‍රම්ප් ජනාධිපතිවරයාය. ගෝඨාභයගේ ට්‍රම්ප් ආණ්ඩු සබඳතා ශක්තිමත් වී ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය පහසුවෙන් ඉවත් කරවා දිමට ඇය පහසුකම් සැලැසුවාය.
ඇය එසේ කළේ ඔබාමාගේ නියෝජිත අතුල් කේෂප්ගේ මතයට පරස්පර මතයක පිහිටාය. යුද්ධ කාලයේ මෙරට ඇමෙරිකානු තානාපති බ්ලේක් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට කීවේ ගෝඨාභය ආරක්‍ෂක ලේකම් කාලයේ ඇමෙරිකාව පහසුවෙන් ලංකාව සමග ආරක්‍ෂක ගිවිසුම් අස්සන් කළ බවත්, ඇමෙරිකානු මැදිහත්වීමකින් ගෙන ආ මෛත්‍රි – රනිල් ආණ්ඩුව ලව්වා ඒ ගිවිසුම දික්කර ගැනීමත් දුෂ්කර වී ඇති නිසා මහින්ද මෙන් නොව ඇමෙරිකානු අවශ්‍යතා හොඳින් හඳුනන ඇමෙරිකානු පුරවැසියෙක්ද වන ගෝඨාභය ජනාධිපති වීම ඇමෙරිකාවට වාසිදායක බවය. මෙරට ඇමෙරිකානු තානාපති අලෙයිනාත් හිටියේ ඒ මතයේය. ඒත් ගෝඨාභය ජනාධිපති වූ පසුව ජනාධිපතිවරණයට කලින් රාජපක්‍ෂවරු ඇමෙරිකාවට පෙන්වූ ආලය නැති විය. දැන් අලෙයිනාගේ නිල කාලය අවසන්ය. අද ඇමෙරිකාවේ ජනාධිපති බයිඩන් ඔබාමාගේ හිටපු උප ජනාධිපතිය. ඔහු ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ විශේෂ ප්‍රධානියකු කොට එවන්නේ ලංකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ අතුල් කේෂප්ය. ඒ මෛත්‍රි – රනිල් ආණ්ඩුව ගැන, රාජපක්‍ෂලා ගැන චීනය ගැන ඇහැ ගහගෙන ඉන්න ඔබාමා 2015 ලංකාවට එව්ව තානාපතිය. අද ඔහු ඉන්දියාවේ සිට ලංකාව දෙස ඇස ගසාගෙන බලා සිටී. මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ විනාශය, රාජපක්‍ෂලාගේ යළි නැඟිටීම ගැන ඔහුට හොඳ අත්දැකීම් තිබේ. ඔහු ලංකාවෙන් ගියේ 2018 පුංචි ඡන්දයෙන් රාජපක්‍ෂලා යළි හිස එසෙව්වාට පසුවය. ඔහු ලංකාවේ දේශපාලන චරිත, පක්‍ෂ විවිධ සංවිධාන සමග සමීපව ගනුදෙනු කළ අයෙකි.

අනෙක් අතට ගෝඨාභය ජනාධිපති වූ විගස ලංකාවේ සිය නිල කාලය අවසන් කළ මෙරට හිටපු ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංග්ව ඉන්දියාව ඇමෙරිකානු ඉන්දීය තානාපති ධුරයට පත් කළේය. ඔහු දැන් ඉන්නේ ඇමෙරිකාවේය. තරන්ජිත් සිංග් සහ කේෂප් ලංකාවේ එකට වැඩ කළ දෙදෙනෙකි. තමන්ව පරාජය කෙරෙව්වේ ඉන්දීය ඔත්තු සේවා යැයි මහින්ද කෑමොර දෙමින් සිටින විට යළි මහින්දවයි, ඉන්දියාවයි මිත්‍ර කළේ තරන්ජිත් සිංග්ය. ඔහු මෝඩි ලංකාවට පැමිණෙන විට මහින්දට හමු වීමට වෙලාවක් අරන් දුන්නේ මහින්දගේ බලවත් ඉල්ලීම මතය. මහින්ද ඒ හමුවට ගියේ ගෝඨාත් රැගෙනය. ඒ කාලයේ රාජපක්‍ෂවරු තමන් යළි ඉන්දියාවට තර්ජනයක් වන සේ චීනය සමග ගනුදෙනු නොකරන බව කියමින් ඉන්දියාව හුරතල් කළහ. ඒත් අද වෙන්නේ රාජපක්‍ෂවරුන් චීනය හුරතල් කිරීමය. මේ දෙස තරන්ජිත් සිංග් බලාගෙන සිටින්නේ ඇමෙරිකාවේ සිටය.

ගෝඨාභය ජනාධිපති වූ පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට ඇවිත් චීනයට එරෙහි ‘කොඩ්’ සංවිධානයට එක් වන ලෙස ලංකාවට ආරාධනා කළේය. ගෝඨාභය එය ප්‍රතික්‍ෂේප කළේය. ඒත් ඇමෙරිකානු හමුදා සමග යුද අභ්‍යාස ලංකාවේ උතුරු – නැඟෙනහිර දිගටම සිදුවෙයි. ලංකාවේ කිසිදු ආණ්ඩුවක් යටතේ සිදු නොවූ ආකාරයට ඇමෙරිකානු හමුදා ලංකාවට පැමිණ ලංකාවේ හමුදා සමග ඒකාබද්ධ පුහුණු මෙහෙයුම් සිදු කරනු ලබයි. පළමුවරට ලංකාවේ විදුලි බලාගාර ඇමෙරිකානු සමාගම්වලට විකිණීමට ගිවිසුම් අස්සන් කර තිබේ. කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවේ සමාගමකට දීමට දැනටමත් ගිවිසුම් අස්සන් කොට ඇත. මෙයින් පෙනෙන්නේ 2005 – 2015 මෙන් නොව රාජපක්‍ෂ ආණ්ඩුව ඇමෙරිකාව හුරතල් කරන්න තවමත් උත්සාහ ගන්නා බවය. එහෙත් මෛත්‍රි – රනිල් ආණ්ඩුව චීනයට බදු දුන් හම්බන්තොට වරාය යළි පවරා ගන්නා බවට ගෝඨාභය ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු වී නැත. මේ නිසා චීන බලපෑම ගැන ඇමෙරිකාව ඉන්නේ හොඳ හිතකින් නොවේ. ලංකාවේ චීන බලපෑමට එරෙහිව ඇමෙරිකාව උසීගන්වන්නේ ඉන්දියාවය.

එහෙම බලන කොට ඉන්දියාවේ ඉන්නා කේෂප් සහ ඇමෙරිකාවේ ඉන්නා සිංග් ලංකාව සම්බන්ධයෙන් එකට ගනුදෙනු කරන බව පැහැදිලිය. සිංග්ද කේෂප් මෙන් මෛත්‍රි – රනිල් පාලනය, රාජපක්‍ෂවරුන්ගේ නැඟීම, මෙරට දේශපාලන පක්‍ෂ සහ නායකයන් ගැන සංවිධාන ගැන හොඳ දැනුමක් ඇති අයෙකි.

චීන ගැති රාජපක්‍ෂවරුන් පන්නන්න මෛත්‍රිපාලව ජනාධිපති කොට රනිල්ව අගමැති කොට රනිල්ට අවශ්‍ය විදියට රට පාලනය කරන්න 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලයත් අරන් දී වෙච්ච නස්පැත්තිය කේෂප් සහ සිංග් ද දනී. කොළඹ වරාය නගරය චීන ආධිපත්‍යයෙන් මුදාගන්න ගෙන ආ මෛත්‍රි – රනිල් ආණ්ඩුව අන්තිමේදී හම්බන්තොට චීනයට වික්ක විට රාජපක්‍ෂලා තමන්ට හිනා වුණු සද්දයත් කේෂප්ගේ සහ සිංග්ගේ කන්වල තවමත් දෝංකාර දෙනවාට සැකයක් නැත. ඒ නිසා ආයේ පොදු අපේක්‍ෂකයෝ එන්න විදිහක් නැත. ආයේ 2015 ප්‍රධාන චරිත කරළියට එන්නේත් නැත. 2015 මොඩ්ල් එක ආයේ එන්නේත් නැත. ආයේ එනවා නම් එන්නේ අලුත් මොඩ්ල් එකක් අලුත් චරිත සහ අලුත් නළු නිළියන්ය. මොකද 2015 යහපාලනය බොක්ස් ඔෆිස් ෆේලියර් එකක් බව ඇමෙරිකාව වගේම ඉන්දියාවත් දනී.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නුවර සිට එන පාගමන නවත්වන්නැයි පොලිසිය කළ ඉල්ලීම විනිසුරුවරිය දෙවන දිනටත් ප්‍රතික්ෂේප කරයි!

Next Post

කොළඹ බෝම්බ පුපුරන හඬ පටයක්! පොලිසිය වහා පරීක්ෂණ අරඹා සොයා ගත් දේ!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.