• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම මහරජාලාට වඩා ගව්ගණනක් උඩින් සිටි කව්ද මේ සිරස මහාරාජා!

August 4, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ඔක්කොම මහරජාලාට වඩා ගව්ගණනක් උඩින් සිටි කව්ද මේ සිරස මහාරාජා!
Share on WhatsAppShare on Facebook

පහුගිය හැන්දෑවක හදිසියේ පැමිණි ප්‍රවෘත්තියක සඳහන්ව තිබුණේ ආර්. රාජාමහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව මියගිය බවය. සාමාන්‍යයෙන් දිනකට කොවිඩ් මරණ හතළිහක් පනහක් වාර්තා වෙන රටක එය තවත් එක මරණයක් පමණි. මේ මරණය ගැන කියන්නට වැඩිමනක් කතාවක් තිබේ. ආර්. රාජාමහේන්ද්‍රන් යනු සිරස හදන්නට වෙහෙසුණු මිනිසකු නිසාය. සිරස හදනවා යැයි කියූ ගමන්ම ඔබට සිහියට එන්නේ සිරස නම් වූ රූපවාහිනි නාලිකාවත් ගුවන්විදුලි නාලිකාවත්ය. ආර්. රාජාමහේන්ද්‍රන් සිරස හදන්නට උත්සාහ කළාය කියන්නේ ඔය නාලිකාව හදන්නට උත්සාහ කළාය කියනවාට වඩා වැඩියමක් යැයි අපි හිතමු. අපි මේ වතාවේ මේ ලිපිය ලියන්නේද රාජාමහේන්ද්‍රන්ට රටේ මිනිසුන්ගේ සිරස හදන්නට වුවමනාවක් තිබූ නිසාය. ඔහු හුදු ව්‍යාපාරිකයෙක් පමණක්වී මාධ්‍ය මුදලාලි කෙනෙක් නම් ඔහු වෙනුවෙන් රටක් දුක්වෙන්නේ නැත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතා මනාපයෙන් ඉහළ පුටුවලට ගිය බොහෝ මහත්වරුන්ට සිරස හදන්නට වුවමනාවක් තිබුණේ නැත. ඒ අයට වුවමනා වී තිබුණේ සිරස නැති පරම්පරාවක රජ වෙන්නටය. සිරස හැදූ විට තමන් කවුදැයි ඒ මිනිස්සු අවබෝධ කරගන්නවාට බොහෝ දෙනෙක් බියවූහ. ඒ නිසා සිරස හදනවා වෙනුවට සිරස මොට කරන්නට බොහෝ දෙනෙක් උත්සාහ ගත්හ.

නමුත් මේ මනුස්සයාගේ වුවමනාව තිබුණේ ජාතියේ සිරස හදන්නටය. මේ ජාතිය කියූ එක ගැන ඔබට ප්‍රශ්නයක් තිබේ නම් ඒ ගැන පැහැදිලි කරගත යුතුමය. ඔහු ජාතියෙන් ශ්‍රී ලාංකිකය. වෙන කිසිවක් නැත. මේ ජාතිය කියන්නේ ශ්‍රී ලාංකික ජාතිය ගැනය. ඔහු කැපවුණේ ඒ වෙනුවෙන්ය. අප අසා ඇති පරිදි ඔහු ඒ වෙනුවෙන් සිය ජීවිතයත් කාලයත් ශ්‍රමයත් කැප කළේය. ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයෝ අද ඉන්න තැනට ආවේ කොහේ හෝ නීතියට වෙට්ටු දමාය. සමහරු කොටස් වෙළෙඳපොළ නූල් සූත්තරවලින් සිය ව්‍යාපාරික අගය වැඩිකර ගත්තෝය. බොහෝ දෙනෙක් ආණ්ඩුවලට වන්දිභට්ටකම් කොට සිය මඩිය තරකර ගන්නට උත්සාහ කළ අයය. නමුත් රාජා මහේන්ද්‍රන් අප දන්නා පරිදි එහෙම වැඳවැටෙන්නට ගියේ නැත. ඔහුට දේශපාලනය ගැන තිබුණේ වෙනම කියවීමකි. සමහරවිට ආර්. රාජාමහේන්ද්‍රන්ට මේ රටේ දේශපාලන හැඩය වෙනස් කිරීමේ වුවමනාවක් තිබුණා විය හැකිය. ඔහු දේශපාලකයන් නිර්මාණය කළේය. පක්ෂයකට කණ්ඩායමකට එහෙයි කීම වෙනුවට ඔහු තෝරාගත්තේ වෙනමම දේශපාලන ව්‍රතයකි. අපට පේන්නෙ ඔහු උකුස්සෙක් වගේය. වැහි එද්දී ඒ වැහි පොදෙන් බේරෙන්නට පුංචි කුරුල්ලෝ හෙවණක් හොයා පියඹති. නමුත් උකුස්සා වැස්සා උපදිනා වලාකුළෙන් ඉහළ අහසට පියාසලයි. උකුස්සා වැස්සෙන් බේරෙන්නේ එහෙමය. මේ රාජාමහේන්ද්‍රන් නම් වූ උකුස්සාද එහෙමය. ඔහු දේශපාලනයට ඉහළින් පියඹා දේශපාලනය වෙනස් කරන්නට උත්සහ කළා මිස දේශපාලනයෙන් බේරෙන්නෙට කොහේ හරි තැනකට රිංගාගත්තේ නැත. ඒ වෙනුවට දේශපාලනයේ ඉහළට පියඹා ගොස් දේශපාලනය දෙස බලා හිටියේය. අපිට නම් පෙනුණේ ඔහු දේශපාලනයට ඉහළින් හිඳ එය වෙනස් කරන්නට උත්සාහ කරනා බවය.

ඒ අතර ටෙස්ට් ක්‍රිකට් හඳුන්වාදීමේ පුරෝගාමී වූවන් අතර මේ අපූරු මනුස්සයාද වූ බව ඔබ නොදන්නා කාරණයකි. ගාමිණී දිසානායක මහතා සමග එක්ව එවක ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය දැරූ රාජාමහේන්ද්‍රන් මේ කටයුත්ත සඳහා පුරෝගාමීව කටයුතු කළ අයෙකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත්වන බොහෝ දෙනෙක් ආපහු ගෙදර ගියේ මඩ නාගෙනය. ඒ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කළ සේවයට වඩා ක්‍රිකට්වලින් තමන්ට කරගත් දේ වැඩි නිසාය. ක්‍රිකට් තනතුරුවලට එන්නට ඔවුන් හැකි හැම සෙල්ලමක්ම දැම්මේය. අන්තිමට ක්‍රිකට් බේරාගන්නට සිදුවුණේත් ඒ තනතුරු තාන්නමාන්නවලට එන අයගෙන්මය. මේ මිනිස්සු පත්වුණේ ක්‍රිකට් බේරා ගන්නටය. ක්‍රිකට් බේරාගන්නට සටන් පාඨ කියන්නට වුණේ ක්‍රිකට් ගහනා අයටය. මහේන්ද්‍රන්ලා ක්‍රිකට්වලින් වැඩිකරගත් ගොඩක් නැත. නමුත් මේ උදවිය ලංකාවේ ක්‍රිකට් මේ තැනට උස්සා තියන්නට වෙහෙසුණේය. ඒ ක්‍රිකට් බිංදුවේ තිබුණු කාලයේය. ක්‍රිකට් අත දරුවා වැටි වැටී නැඟිටිද්දී දෙපාවලට සවිය දුන්නේ ගාමිණී දිසානායකලා සහ රාජාමහේන්ද්‍රන්ලාය. ඊට බොහෝ පසු කලෙක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මධුසමයක් වූ පසු ද ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සිරස බොහෝ දේ කළේය. එදා ඒ සිරස පිටුපස තිබුණු සිරස හිමිකාරයා රාජා මහේන්ද්‍රන්ය. ගම්වල ඈත පිටිසර පුංචි පිට්ටනිවල ක්‍රිකට් ගැසූ අහිංසක කොල්ලන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දොර ඇර දුන්නේ මේ මිනිස්සුය. නැත්නම් ලංකාවේ ක්‍රිකට් තිබුණේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකට සින්නක්කරවය. නමුත් කටාන පාවුළු‍පාප් පුංචි ඉස්කෝලේ අහිංසක කොල්ලෙක් වූ නුවන් ප්‍රදීප්ට මඩම්පැල්ලේ කටානේ පිට්ටනිවලින් ලෝඩ්ස් දක්වා යන්නට පාර කිව්වේ රාජාමහේන්ද්‍රන්ය. ඔහු ඒ වෙනුවෙන් නුවන් ප්‍රදීප්ගෙන් සත පහක් බලාපොරොත්තු වූ බව අප අසා නැත. මේ සියල්ල සිදුකොට ඔහු සුපුරුදු ළෙන්ගතු සිනහවෙන් සිනාසී යළි ඊළඟ සැනසුම වෙනුවෙන් සිය කාලය වෙන් කළා පමණි.

රාජා මහේන්ද්‍රන්ගේ යටතේ හැදුණු වැඩුණු සිරස Super Star තවත් එවැනිම වූ ක්‍රියාන්විතයකි. ඈත පිටිසර වන්නි වනාන්තරවල සිට කොල්ලෝ කෙල්ලෝ ගී කියන්නට කොළඹ ආවෝය. ඔවුන් අතරින් සමහරු තරු බවට පත්විය. ලංකාවේ අහසේ තවමත් ඒ තරු දිලිසේ. ඈත කටුසර බිම්වල හේන් යායවල ඕවිටිවල බඩවැටිවල හුළඟට ගසාගෙන ගිය කටහඬකට Super Star වේදිකාවේ දොරගුළු විවර කොටදී අලු‍ත් ලෝකයකට පාර කිව්වේ සිරසය. ඒ සිරස පිටුපස සිටි සිරස රාජාමහේන්ද්‍රන්ය. සනත් ජයසූරියලා චමින්ද වාස්ලා ට්විටර් පණිවුඩ මගින් ඒවා සනාථ කර තිබුණේය.
ශ්වේත රාත්‍රිය සිරස අනුග්‍රහයෙන් කරන්නට පටන් ගනිද්දී බැලූ බැල්මටම පෙනුණේ එය අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසය. එය අසාර්ථක වුණේ ලංකාවේ රසවින්දනය එදා තිබුණා යැයි අප සිතා සිටි තැන අනුවය. අර්ථපතියෝ පාඩු ලබන ව්‍යාපෘතිවලට කිසිසේත්ම කැමැති නැත. නමුත් රාජාමහේන්ද්‍රන් ශ්වේත රාත්‍රිය රුපියල් සතවලින් මැන්නේ නැත. ඔහු පාඩු ලබන්නට නියමිත බව දැන දැනම ශ්වේත රාත්‍රිය තනන්නට සිරසේ ලොක්කන්ට ඉඩහසර දුන්නේය. එහෙම ඉඩදී අත පිහදාගෙන නිකන් හිටියේද නැත. ඔහු ජෝන් ද සිල්වාවට ගොස් පළමු දිනයේ තෑග්ගක්ද දුන්නේය. ඉනික්බිති ශ්වේත රාත්‍රිය රට පුරා ගොස් සාර්ථක වෙද්දී ඔහු සියලු‍ ශිල්පීන්ට රනින් සම්මාන පිදුවේය. රාජාමහේන්ද්‍රන් යනු ලංකාවේ කලාවට සාහිත්‍යයට හිත මිතුරෙකි. සමහර විට ඒකට හේතුවන්නට ඇත්තේ අපි කවුරුත් නොදන්නා ගාමිණී ෆොන්සේකාගේත් රාජාමහේන්ද්‍රන්ගේත් යාළු‍ මිත්‍රකමද විය හැකිය. රස පිරවූ සිරසක් හදන්නට ඔහුට වුවමනාවී තිබුණේය. රටේ මිනිසුන්ගේ සිරස හිස්කර දමා ලට්ට ලොට්ට පුරවන කුණුහරුප මාධ්‍යකාරයන්ට මේ මනුස්සයා ඉගැන්වූ පාඩම ඒකය.

සිරස ගම්මැද්ද හැදුවේ ගමේ මිනිස්සු වෙනුවෙන්ය. අලි ගහන ගම්මානවල අලිත් බේරෙන මිනිස්සුත් බේරෙන සැලසුමක් වෙනුවෙන් ඔවුන් කැපවුණේය. ගංවතුරක් නියඟයක් ආ විට කන්දක් කඩා වැටුණු විට හැකි ඉක්මනින් පිහිටට යන සැලසුමක් ඔහුට තිබුණේය. රටේ හුඟාක් ලොක්කන් වගේ නොව රාජමාහේන්ද්‍රන්ගේ දුරකතනයෙන් හුඟාක් ප්‍රශ්නවලට උත්තර ලැබුණේය. තමන්ගේ ආයතනයේ වැඩකරනා අයට ආයතනික නීතිරීති සීයට සීයක්ම ආරක්ෂා වන පරිදි කටයුතු කළේය. දුක කියාගෙන ආ අයට ඔහු පිහිට වුණේය. රටේ සිරස හදන්නට ඔහු කාලය කැපකළේය.
ඔහු දන්නා අය කියනා පරිදි ඔහු අපූරු මිනිසෙකි. ඔහු වැනි අය වෙන නැත. හෙටට ඔහු වැනි සැලසුම්කරුවෙක් අවශ්‍යය. ගල් ගැසූ පසු ගිනි තැබූ පසු ඒ මතින් නැඟිටිනා මිනිසුන් අපට හිඟය. සැලසුම් සහිත හෙටක් අපි කාගෙන් හෝ ඉල්ලනා දවසක සැලසුම් සහිත විශිෂ්ටයෙක් සමුගෙන යාම සිරසක් අවැසි රටකට පාඩුවකි. ඔටුනු දමන්නට නම් සිරසක් අවැසි බව ඔබ අපට ඉගැන්වූ පාඩමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රිෂාඩ් විනාඩි එකහමාරක් කතා කරපු බාලසුබ්‍රමනියම් ගැන ජොන්ස්ටන් හොයා ගනී! (VIDEO)

Next Post

එයාලද කාලකණ්ණි! මෙයාලද කාලකණ්ණි!

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.