කොතලාවල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පස්වරු 2ට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිතයන් දැනුවත් කෙරෙනසාකච්ජාවක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් සංවිධාන කර ඇති මෙම වැඩමුළුවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයටද ආරාධනා කොට ඇති බව දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකෙහි මෙම රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සාකච්ජාවට කොතලාවල ආරක්ෂක පීඨයේ නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම සාකච්ජාව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවකි.
විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් විසින් මෙහිදී කොතලාවල පනත සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබද ප්‍රශ්න කිරීමට සූදානමින් සිටීම ඒඊට හේතුව බවද දැනගන්නට තිබේ.










