තනතුරු ලැබීමෙන් වසරකට පසු මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයේ රාජකාරී භාරගැනීම සදහා සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද්දේ 2020 වසරේ අගෝස්තු මාසයේදීය.
එම පත්වීම පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී අනුමත කිරීමටද පියවර ගෙන තිබිණ.
නමුත් මොරගොඩ මහතා පසුගිය වසර පුරාම එම තනතුර භාර ගැනීමට පියවර ගෙන තිබුණේ නැත.
නමුත් මේ වනවිට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත්තේ මොරගොඩ මහතා අදාළ තනතුර බාර ගැනීමට සූදානමින් සිටින බවත්, දෙරට අතර ආර්ථික, සමාජ සහ සංස්කෘතික ප්‍රශ්න විසදීම සදහා සැලැස්මක් සකස් කර ඇති බවත්ය.









