පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්යින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබෙන බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු පවසයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවයක් පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්වීමෙන් නවතා දමා ඇත.
කෙසේ නමුත් උත්සවය නැවැත්වීමෙන් පසු ඒ සඳහා ආරාධනා කළ පිරිසට සහ අසල්වාසීන්ට පිසින ලද ආහාර පාර්සල් කර බෙදාදී තිබේ.
පසුව අනාවරණය වී තිබෙන්නේ අදාළ මල්වර උත්සවයේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
ඉන් පසුව සිදුකළ PCR පරීක්ෂණවලින් අනෙක් පිරිස හඳුනාගෙන ඇති බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු වැඩිදුරටත් සඳහන් කළේය.










