මේ වනවිට ආණ්ඩුව ජන්දයක් පැවැත්වීම සදහා එන්නත් සන්දර්ශනයකට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
ඩෙල්ටා ප්‍රබේදය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක ආණ්ඩුව අනුමැතිය හෝ ලැබී නොමැති සිනොවැක් එන්නත ගෙන ඒමට සූදානමින් සිටින බවත්, ආණ්ඩුව මේ කරන්න යන්නේ මැතිවරණය වෙනුවෙන් මීඩියා ෂෝ දැමීම බවත් මන්ත්‍රීවරයා කීය.
මේ ආකාරයේ සන්දර්ශන දා ජනතාව අමාරුවේ නොදමන ලෙසත් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










