• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වේදිකාවක තනියම රඟපාන එක අභියෝගයක්…

July 28, 2021
in Heart
Reading Time: 3 mins read
A A
වේදිකාවක තනියම රඟපාන එක අභියෝගයක්…
Share on WhatsAppShare on Facebook

මගෙන් බලාපොරොත්තු වුණේ වෙනස්ම රංගනයක්…
දුක් විඳලා ආපු ගමනක් මේක…

2019 රාජ්‍ය නාට්‍ය තරගාවලියේ කෙටි නාට්‍ය තරගාවලියේ හොඳම කෙටි නාට්‍ය නිළියට සම්මාන දිනාගත් ඇය අද එකම වේදිකාවේ, එකම රංගන ශිල්පිනිය ලෙසට රඟපාන ‘ආදර ඔංචිල්ලා’ වේදිකා නාට්‍යයේ අභියෝගාත්මක චරිතයක් නිරූපණය කරමින් ජනකරළියට ඇවිත් තිබෙනවා. ඇය රේබෙකා දිල්රුක්ෂි. දහදිය, කඳුළු වගුරවමින් වේදිකාව වෙනුවෙන්ම කැපවෙන ඇය ගැන කතා නොකළොත් පුංචි අඩුවක් ලෙසට අපි දකිනවා. ඉතින් ඇයගේ දක්‍ෂතාවයන් ගැන රෙබෙකා සමග කතා කිරීමට අපි මෙවර හිතුවා.

රෙබෙකා ඔබේ රඟපෑම ගැන ගොඩදෙනෙක් අතර කසුකුසුවක් යනවා මේ දවස්වල. ඇත්තටම මොකක්ද මේ විශේෂත්වය?
මම වේදිකාවේ සුවිශේෂී අභියෝගාත්මක චරිතයක් නිරූපණය කළා. එම්. සෆීර් අධ්‍යක්‍ෂණය කළ ‘ආදර ඔංචිල්ලා’ වේදිකා නාට්‍යයේ පැය එකහමාරක් විතර මුළු වේදිකාවෙම මම විතරයි චරිතය නිරූපණය කරන්නේ. ඉතින් ඒ චරිතයේ බැරෑරුම්කම වගේම මගේ රඟපෑම ගැන ගොඩදෙනෙක් අගය කරලා මට සුබපැතුවා.

මෙයට පෙර ‘ආදර ඔංචිල්ලා’ නාට්‍යයේ නිරූපණය කළේ විදේශීය ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව ඔබ දැන සිටියාද?
ඔව්… සෆීර්ගේ Swing of Love ඉංග්‍රීසි නිෂ්පාදනයේ ජුලියා ෆිලිප්පෝ රඟපාලා තිබුණු බව මම දැන සිටියා. එහෙත් ඇය රඟපෑ කිසිම දෙයක් මට නැරැඹීමට ඉඩකඩ සැලැස්සුවේ නැහැ. මොකද ‘ආදර ඔංචිල්ලා’ නිෂ්පාදන කණ්ඩායම මගෙන් බලාපොරොත්තු වුණේ වෙනස්ම රංගනයක් නිසා.

‘නොකියා හිටපු දෙයක්’ වේදිකා නාට්‍ය තුළින් ඔබේ රංගනයේ තවත් පියවරක් ඉදිරියට තැබුවා නේද?
මම ලංකාවේ හැම නාට්‍ය උළෙලකටම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් 2019 වර්ෂයේ තමයි මම ප්‍රථම වතාවට රාජ්‍ය නාට්‍ය උළෙලෙකට තරග කිරීමට ඉදිරිපත් වුණේ. එහිදී නලින් ලුසේනාගේ ‘නොකියා හිටපු දෙයක්’ කෙටි වේදිකා නාට්‍යයෙන් මගේ රංගනයේ ජයග්‍රහණය මට හිමි වුණා. එදා මට හොඳම කෙටිනාට්‍ය නිළිය සම්මානය හිමිකර ගැනීමට වාසනාව ලැබුණා. මම වේදිකාවේ ලබාගත්ත පළමු සම්මානය තමයි ඒ.

ඉතින් එදා ඔබ සම්මානය දෝත දරාගෙන ඉද්දි මොනවගේ හැඟීමක්ද දැනුණේ?
ගොඩාක් සතුටු වුණා. මම ගොඩාක් දුක්විඳලා ආපු ගමනක් තමයි මේ. මම රඟපෑ චරිතය ගැන මට වගේම සියලුම දෙනාට වෙනසක් දැනෙන්නට ඇති.

ඔබ කැමරාවක් ඉදිරියේ රඟපානවට වඩා වේදිකාවේ රඟපෑමට ලොකු ඇල්මක් දක්වන්නේ ඇයි?
ඇත්තටම මම එහෙම ටෙලිනාට්‍ය ගොඩක රඟපාලා නැහැ. සුවිශේෂී ටෙලිනාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කළා. නමුත් වේදිකාවේ කණ්ඩායමක් සමග එකතු වෙලා සජීවීව ලබන අත්දැකීමට මම ගොඩාක් කැමැතියි. වේදිකාවේ සහ කැමරාවක් ඉදිරිපිට රඟපාන චරිතවල වෙනස මට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ මාධ්‍ය දෙකේම රඟපෑම පහසු කටයුත්තක් නෙවේ කියලා මම දන්නවා.

වේදිකා ශිල්පීන් ගැන වැඩි අවධානයක් යොමු නොවන කාලයක් නේද මේ?
වේදිකාවේ රඟපාන ශිල්පීන් පිළිගැනීමේ අඩුවක් නැහැ. නමුත් මාධ්‍ය තුළින් ඔවුන්ගේ දක්‍ෂතාව හරියට කතා නොකරන අඩුවක් තිබෙනවා. ප්‍රේක්‍ෂකයන් අතරට මේ ශිල්පිීන්ගේ වටිනාකම එළියට නොයන්නේ ඒ හේතුව නිසයි. නමුත් ක්‍ෂේත්‍රයේ අපි, අපි අතර හොඳ පිළිගැනීමක් තිබෙනවා.

ඉදිරියේදී රෙබෙකා අප අතරට එන ටෙලිනාට්‍ය, චිත්‍රපට එහෙම තියෙනවද?
සංජීව පුෂ්පකුමාරගේ ආරම්මන, සුදර්ශන බණ්ඩාරගේ ටෙලි පේස්, සුපුන් රත්නායකගේ මෙට්ට්‍රෝ සිහින නිර්මාණවල සුවිශේෂී චරිත මම නිරූපණය කරනවා.

–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක වැරදි ‌2ක් පිළිගනී! සමාවත් ඉල්ලයි!

Next Post

ඩොලර් මිලියන සියයේ නිල් මැණිකේ කතාව අලි බොරුවක්ලු! ලක්ෂ 10ක්වත් වටින්නේ නෑලු!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.