මේක අමුතු වැඩක්. ලංකාව පුරාම ඉන්නවා ලිංගික ශ්‍රමිකයන්. ඔවුන්ට අපි කියන්නෙ ගණිකාවො කියලා. පිටකොටුවෙ වීදිවල ඉඳලා ඉතා මිල අධික සුවපහසු හෝටල් දක්වාම ගණිකාවො ඉන්නවා. අපි ඔවුන්ට චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරීම කරන්නෙ නෑ.
ඒත් එහෙම ඔවුන්ව අලෙවි කරන හැමෝටම හැමදාම චෝදනාවක් තියෙනවා. ඒ වගේම ලංකාව පුරාම විවිධ මට්ටම්වල සම්බාහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒවා වැඩි ප්‍රමාණයක වෙන සම්බාහනයක් නෑ. ඒවයෙ වෙන්නෙ දොරවල් වහලා ලිංගික කටයුතු බාගෙට කරන එක. මේ වෙන කොට ඒ අය අතරින් බොහෝ දෙනෙක් ඉන්නෙ තමන්ගෙ ජීවිකාව කරගන්න බැරිව.
මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. සම්පූර්ණ ඕඩර් එක කරන්න වෙන්නෙ ඉනටර්නෙට් එකෙන්. ඒකටම වෙන් වෙච්ච වෙබ් අඩවි තියෙනවා. ඒවයෙ නම් ගම් අපි කියන්න යන්නෙ නෑ. මේ කිසිම වෙබ් අඩවියක් ක්‍රියාත්මක වෙන්නේ හොරෙන් රහසින් නෙවෙයි.
අපි දන්නේ නෑ ඒවා අපේ ලංකා රජයේ ලියාපදිංචි ඒවාද නැද්ද කියන එක. කොහොම නමුත් මේවා ඉතාම පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් සීමා මායිම් කිසිවක් නැති වෙබ් අඩවි.
මේ වෙබ් අඩවිවල ලියාපදිංචි වෙච්ච තරුණයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතර තරුණියො කීප දෙනෙකුත් අපි දැක්කා. වයස් සීමාවකින් තොරව ජාති ආගම් භේද නැතුව මේ වැඩේ නම් වෙනවා කියන එක පැහැදිලියි.
එහෙම වෙන්නේ මෙහෙමයි. ගෙදර ඉදන් whatsapp අංකයක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. සියලු සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් වෙන්නෙත් whatsapp අංකය හරහා විතරයි. මේ whatsapp අංකය ඔවුන් පිළිගන්න මට්ටමේ තියෙනව නම් විතරයි සම්බන්ධතා හදාගන්න පුළුවන්. සම්බන්ධතා හදාගන්නවා කියලා කියන්නේ මුලින්ම කතාබහ කරන එක. කතාබහ කළාට පස්සෙ කෙනෙක්ට පුළුවන් වෙනවා වැඩේට බහින්න.
හැබැයි මේ වැඩේට බහිනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. පිච් එක ලෑස්ති කළාට මැච් එක පටන්ගන්නෙ නෑ. ටොස් එක දාන්නත් සල්ලි ගෙවලා ඉන්න ඕනේ. සමහර අයගේ තියෙනවා මූලික ගෙවීමක්. මූලික ගෙවීමෙන් පස්සේ කෙනෙක්ව තෝරගන්න පුළුවන් සේවය ලබාගන්න විනාඩි කීයකටද කියලා. විනාඩි 05, විනාඩි 10, විනාඩි 30, පැය විදියට පැකේජ තියෙනවා. සාමාන්‍යයෙන් අවම පටන් ගන්නේ රු.300 නැත්තම් පන්සීයෙන්.
රුපියල් 300-500 නම්කරලා තියෙන්නේ මූලික ගාස්තුව විදියට. ඒ ගාස්තුව ගෙව්වට පස්සෙ whatsapp හරහා පෙනී සිටීම සිද්ධ වෙනවා. මේ පෙනීහිටින්නේ වීඩියෝ කෝල් එකකින්. ඊළඟට තමන්ට සේවය අවශ්‍ය වෙන්නේ මොන විදියටද කියලා ඇයට දැනුම් දෙන්න පුළුවන්.
මේ සේවය ලබාගැනීම කියන කතන්දරේදී ඒ සඳහා ගතකරන කාලයට අනුව මුදල් ගෙවන්න ඕනේ. ඒක වෙන්නේ අපි දන්න සාමාන්‍ය විදියටම තමයි. ඒ ගැන එක විනාඩි 5කට නම් රුපියල් දාහක්, විනාඩි විස්සකට නම් රුපියල් දෙදහක්, විනාඩි 30කට නම් රුපියල් පන්දාහක් වගේ මිල ගණන් සඳහන් වෙනවා. මේ විදියට තමන් ඉන්න තැන අනුව, කතාකරන්න ඕනෙ විදිය අනුව, ඇඳුම් පැලඳුම් අනුව ගණන් හිලව් වෙනස් වෙනවා. දැන් මේක තමයි අපේ රටේ අලුත්ම සෙක්ස් බිස්නස් එක.
ඒ සම්බන්ධව තියෙන නීතිමය පසුබිම ගැන අපි දන්නේනෑ. පොලිසියට අල්ලන්න පුළුවන්ද, පොලිසිය මේ අය බලන්න ඕනෙද, දඬුවම් කරන්න ඕනෙද, නැත්නම් මේක ඉතා සාධාරණ ව්‍යාපාරයක්ද කියන එක ඔබ තීරණය කරන්න. හැබැයි මේ වැඩේට වයසක් තරාතිරමක් අදාළ නෑ කියන එක නම් අපට හොඳටම පැහැදිලියි.
මෙහෙම දෙයක් රටේ සිද්ධ වෙනකොට ඒ සම්බන්ධව අතුරු ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබෙන බව අපි දන්නවා. මොකද මේවා මේ whatsapp කෝල්වල screenshot එක ගහගන්න එක ඒ වගේම screen recording ළඟ තියාගන්න එක සමහරු නොකරනව කියල අපි හිතන්නේ නෑ. ඒ වගේම මේ කාලයේදී බොහෝ පාසල් දරුවන්ගේ අතේ ඩේටා සහිත ජංගම දුරකතන තියෙනවා. ඒ නිසා මවුපියන්ටත් ටිකක් කල්පනාවෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.
මිල ගණනුත් ඒ තරම් ලොකු නොවෙන නිසා පහසුවෙන්ම ප්‍රවේශ වෙන්නත් පුළුවන් නිසා තත්ත්වය ඉතා ඉක්මනින් නරක අතට හැරෙන්න පුළුවන්. ඒක නිසා නෝනාවරුනි මහත්වරුනි කල්පනාවෙන් ඉන්න. දැන් කාලෙ වෙනස් තාලේ අලුත්.
අතේ ඇති මුදලට නිවෙසේ ඉඳලාම පහසුවෙන් ලෙහෙසියෙන් සෙක්ස් කරන්න පුළුවන් අලුත්ම ක්‍රමවේදය මේ වෙනකොට අපේ රටට හඳුන්වා දීලා ඉවරයි. අහුවෙනවද නැද්ද කියන එක තියෙන්නෙ ඔබේ අතේ. පුළුවන් නම් තුට්ටු දෙකට තට්ටු කරගන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න. හැබැයි ගෙදරට වෙලා ඉන්න ගමන් whatsapp කෝල් එකක් ගන්න හිතන්න එපා කියලා අපි අපිට හිතෙන විදියට යෝජනා කරනවා.
-ජීවන පහන් තිළිණ










