• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වෙනස් ඕනේම දෙයක් කරනවා…

July 27, 2021
in Heart
Reading Time: 3 mins read
A A
වෙනස් ඕනේම දෙයක් කරනවා…
Share on WhatsAppShare on Facebook

මම කරන වැඩේ හරියට කරනවා…
මිනිස්සු මොනවා කිව්වත් මට අදාළ නැහැ…
මම වැඩ බදාගෙන කරන්නේ නැහැ…

සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් ලෙසට චුලක්ෂි රණතුංග අපට හඳුන්වන්නට පුළුවන්. ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපි දකිනවා. ඒ විතරක් නෙවේ ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට පුළුවන්. ඉතින් දිගු කාලයකට පසු ඇය ගැන කතා කරන්න අපි චුලක්ෂිව සම්බන්ධ කරගත්තා.

චුලක්ෂි දැන් නටන්න පටන් අරගෙන වගෙයි. කොහොමද ඔබට මේ වෙනස් අත්දැකීමේ සොඳුරු මතකයන්?
ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි. පසුගිය කාලයේ සිනමා ශාලා පවා වැහිලා තිබුණේ. ඉතින් මම හිතුවා වෙනසකටත් එක්ක ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහනට සම්බන්ධ වෙලා වෙනස් අත්දැකීමක් ලබමින් ප්‍රේක්‍ෂක ජනතාව පිනවන්න. නැටුමත් එක්ක ගෙවන හැම තත්පරයක්ම මට වෙනස් අත්දැකීම වගේම සොඳුරු මතකයන් බිඳිමින් සුදුසු විදියට කටයුතු කරගෙන යනවා.

ඔබ මේ ගත්ත තීරණය හරි කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම මම සතුටු වෙනවා. හැබැයි ඉතින් ඔය අතරෙ සමහරු අකැමැති වුණා. ඒ අතර තවත් සමහරු පුදුම වුණා මට නටන්න පුළුවන් වෙයිද කියලා. තවත් සමහරු මම ගත්ත තීරණයට කැමැති වුණා.

නර්තනය කියන දේ ඔබට නුහුරු අත්දැකීමක්. නමුත් ඔබ නටන විදියට නුහුරු බවක් නම් අපිට දකින්නට නැහැ?
ඇත්තටම මම පාසලේදිවත් නටලා නැහැ. ඉතින් මම ගොඩාක් මහන්සි වුණා මේ ඉරියව්, හැඩතල පුහුණුවීම් වෙලා හරි විදියට කරන්න. එහෙම නුහුරු බවක් දකින්නට නැහැ කියන්නේ මම ගත්ත උත්සාහයේ සාර්ථකත්වයේ ප්‍රතිඵල නිසයි.

විවිධ නර්තන අංගලක්‍ෂණ සමග එහි රංග වස්ත්‍රාභරණවල වෙනසක් අපි දකිනවා?
නැටුමට අදාළ විදියට ඇඳුමක් අඳින්න මම අකැමැති නැහැ. මොකද එතකොට තමයි නැචුරල් නර්තනයක් දකින්න ලැබෙන්නේ. එයින් වෙනස්ම ආකර්ෂණයක් ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා. ඉතින් මම කරන වැඩේ හරියටම කරන්න මම කැපවෙනවා. මිනිසුන් මොනවා පැවැසුවත් මට අදාළ නැහැ.

සිනමාව වෙනුවෙන් ඔබේ දායකත්ව මේ දවස්වල කොහොමද?
මේ වන විට චිත්‍රපට හතකට විතර මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ සියල්ලම දැකබලා ගන්නට පුළුවන්. මේ දවස්වල උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්‍ෂණය කරන ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඒ වැඩකටයුතුත් කරගෙන යනවා.

ජනප්‍රියත්වය රඳවා ගැනීමට එක දිගට වැඩ කරනවාද ඔබ?
මම එහෙම වැඩ බදාගෙන කරන්නේ නැහැ. එක නිර්මාණයක් වෙනුවෙන් උපරිම කැප වෙනවා. මොකද එහෙම එකදිගට වැඩ කරන්න ගියාම ගොඩාක් අපහසුයි. කරන වැඩේවත් හරියට කරන්න බැරි වෙනවා.

චිත්‍රපටයක ඔබට නිරූපණය කිරීමට නොහැකි වුණු රංගනයකට ආරාධනා කළොත් ඔබ එයට සම්බන්ධ වෙනවාද?
අනිවාර්යයෙන්ම එහෙම වෙනස් චරිතයක් ලැබුණොත් මම කරනවා. දැනටමත් එහෙම ආරාධනාවක් ලැබුණා සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඉදිරියේදී මගේ රඟපෑම ‘වත්සුණු’ ටෙලිනාට්‍යයෙනුත් දැකබලා ගන්නට පුළුවන්.

ඔබ ආපු මේ කෙටි කාලය තුළ සිනමාවේ දැවැන්තයින් සමග වැඩ කිරීමට අවස්ථාව ලැබුණා නේද?
‘දේදුනු ආකාශයේ’ චිත්‍රපටයෙන් පටන් ගත්තාට පස්සේ මේ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගත්තා. අවුරුදු හතරක පමණ කාලයක් තුළ මට මෙවැනි පුද්ගලයන් සමග වැඩ කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මම හිතන්නේ.

–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අගමැති එහෙමවත් කිව්වේ නෑ! සාකච්ජා බිඳ වැටෙයි! ගුරු වර්ජනය දිගටම!

Next Post

කෝච්චි පෙට්ටිත් කුරහන් පාට වෙයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.