පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සදහා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන තුන් සොහොයුරන් අද (08) සවස ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතය.
අද සවස ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ජාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ සිටින මන්ත්‍රීවරුන් 18 දෙනාගේම දැඩි අවධානය යොමුව ඇති අතර යම් හෙයකින් ජනාධිපතිවරයා මෙම සාකච්ජාවේදීී පවා අවසන් තීන්දුවක් නොගතහොත් අවම වශයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනකු පොහොට්ටුවට සහාය පළ කිරීමට තීන්දු කොට ඇත.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් 14 දෙනා හෙට (09) අනුරාධපුරයේ පැවැත්වෙන පොෙහොට්ටුවේ මංගල රැලියටද ගොඩවීමට තීරණය කොට තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කර අවසන් තීන්දුවක් ගැනීම සදහා ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 18 දෙනා අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතය.