• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ තමයි බැසිල් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

July 25, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඒ තමයි බැසිල් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

මීට මාස කිහිපයකට ඉහතදී බැසිල් ගැන විමල් විග්‍රහයක් කරමින් කියා සිටියේ 70-77 සමගි පෙරමුණු කාලයේ මැතිනිය සමග සිටි ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ චරිතයට බැසිල් පණපොවමින් සිටිනවා යැයි කියාය. විමල් එසේ කීවේ 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ සිටි සුළු පක්ෂ වූ ලංකා සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් ආණ්ඩුවෙන් පන්නා දමා සමගි පෙරමුණු ආණ්ඩුව වැට්ටවීමට ෆීලික්ස් ඩයස් කටයුතු කළා සේ ගෝඨාගේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ප්‍රශ්න ඇතිකොට මේ ආණ්ඩුව වැට්ටවීමටත් බැසිල් කුමන්ත්‍රණ කරනවා යැයි කියාය.

විමල් පමණක් නොව විමල් සමග පසුගිය කාලය පුරාම ඒකාබද්ධව කටයුතු කරන උදය ගම්මන්පිලත්, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර ඇතුළු සන්ධානයේ පක්ෂ නායකයන් සැලකිය යුතු පිරිසක් බැසිල්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් ද දැකගත හැකි විය. ඉනුත් වැඩියෙන්ම බැසිල්ට පහරදී තිබුණේ වෙන කවුරුවත් නොව උදය ගම්මන්පිලය.
මේ හේතුව නිසාම ආණ්ඩුව ඇතුළේ සිටින බැසිල්වාදීන් විමල් හා උදය කෙරෙහි පසුවුණේ නයි වෛරයකින්ය. ඔවුන් ඒ වෛරය පිට කළේ තෙල් මිල ඉහළ දැමූ අවස්ථාවේදී උදයට තඩිබාමින්ය.
මෙය විපක්ෂය දුටුවේ ආණ්ඩුව ඇතුළේ කැකෑරෙමින් තිබූ ප්‍රශ්නය එළියට ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් ලෙසටය. සමගි ජන බලවේගය හරියට නිල අල්ලලා ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගය භාරදුන්නේ ඒක ඔළුවේ තියාගෙනය.

“දැන් තියෙන අර්බුදත් එක්ක ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවට දැම්මාම බැසිල්ගෙ මන්ත්‍රීවරු ඔක්කොම ගම්මන්පිලට විරුද්ධව ඡන්දෙ දෙනවා”

“දැනටමත් අපිට ආරංචියි රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම විශ්වාසභංගය දිනයේදී පාර්ලිමේන්තුවට එන්නෙ නෑ කියලා බැසිල්ට කියලලු”

“බැසිල්ටත් ගම්මන්පිල එක්ක ඇරියස් එකක් තියෙන හින්දා මේකෙන් ගම්මන්පිලව පරද්දලා එයාගෙ තටු කපලා පාඩමක් උගන්වයි”

“ආණ්ඩුවෙ කීප දෙනෙක්ම ඡන්ද වෙලාවෙදි ඇතුළෙ ඉන්නෙ නෑ කියලත් අපට තොරතුරු ඇවිත් තියෙනවා”

විපක්ෂය විශ්වාසභංගය ගැන කතා කළේත් ගණන් හැදුවේත් මේ විදියට ඔළුවේ තියාගෙනය.

හැබැයි මේ විපක්ෂය තවමත් බැසිල් කියන්නේ කවුද කියලා හරිහැටි අඳුනාගෙන නැත. බැසිල් කළේ ඌරාගේ මාළු ඌරාගේම ඇඟේ තියාගෙන කපනවා වගේ විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය විපක්ෂයේ ඇඟේම තියා කපා දැමීමය. ආණ්ඩුවේ පක්ෂ කොටවන්න අරන් ආ විශ්වාසභංගය විපක්ෂයට පාරා වළල්ලක් කොට විපක්ෂයටම දමාගැසීමය.

මේ ආණ්ඩුව අවසන් වතාවට තුනෙන් දෙකේ බහුතර බලය පෙන්නුවේ පසුගිය වසරේ අයවැය සම්මත කරගත් අවස්ථාවේදීය. ඊට පසු තීරණාත්මක අවස්ථා කිහිපයක් පැවැතියත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය පෙන්වාගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත. ඒකට හොඳම උදාහරණය වරාය නගර පනතය. ආණ්ඩුව වරාය නගර පනත තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කරගැනීමට සැලසුම් සකස් කර තිබුණත් ඒ වැඩේ හරිගියේ නැත. බජට් එකෙන් පසු පළමු වතාවට ආණ්ඩුව තුනෙන් දෙක පෙන්නුවේ ගම්මන්පිලගේ මේ විශ්වාසභංගයේදීය.

මේකෙන් බැසිල් තමන්ට විමල් – උදය සමග මොන ප්‍රශ්න තිබුණත් තමන් දේශපාලන පළිගැනීම් නොකරන නායකයකු බව මුළු ආණ්ඩුවටම ඔප්පු කර පෙන්නුවේය. තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට විපක්ෂය පැත්තෙන් එන ප්‍රශ්නවලට මුහුණදීමේදී තමන් ඒ නායකයන් තනි නොකරන ඒ නායකයන් පාවා නොදෙන ජාතියේ දේශපාලකයකු බව ඔප්පු කර පෙන්නුවේය. විපක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩුවේ සමහරුනුත් නොහිතූ විදියට ඒ අයවත් පුදුම කරවමින් බැසිල් මේ විශ්වාසභංගය තමන්ගේ කරමත තබාගෙන තුනෙන් දෙකකින් ජයග්‍රහණය කර පෙන්නුවේ ඒ නිසාය.

අනෙක් පැත්තෙන් මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින හකීම්ගේත් රිෂාඩ්ගේත් මන්ත්‍රීවරුන් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට නැත. ඒ හැකියාව තියෙන්නේ බැසිල්ට විතරය. බැසිල් ඒ හැකියාව මේ විශ්වාසභංගයේදීත් ඉතා දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගත්තේය. විශ්වාසභංග විවාදය සඳුදා ආරම්භ වීමට නියමිතව තිබියදී ඉරිදා දිනයේ ජනාධිපති මන්දිරයේ ගෝඨාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට හකීම්ගේ සහ රිෂාඩ්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් රැගෙන විත් ආණ්ඩුවේ සියල්ලන්ටම විශ්වාසභංගය තුනෙන් දෙකකින් දිනන බව බැසිල් ඇස් පනාපිටම ඔප්පු කර පෙන්නුවේය. සඳුදා දිනයේදී මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගය ඡන්ද 155කින් දිනන බව කැට තියා කීවේ ඒකය.

ඒ නිසා මේ විශ්වාසභංගය තුනෙන් දෙකකින් ජයග්‍රහණය කොට ඉරිතලා තිබුණු ආණ්ඩු පක්ෂය එක මිටට ගෙන රටට ලෝකයට පෙන්වීමට බැසිල් සමත් විය.

“ඒ කියන්නෙ බැසිල් විශ්වාසභංගය දිනවලා දීලා ගම්මන්පිලව මෑන් ඔෆ් ද මැච් කළාද?”

බොහෝ දෙනා ගම්මන්පිල මෑන් ඔෆ් ද මැච් කියා කියන්න දත කට මැදගෙන සිටියත් කටක් ඇරලා එහෙම කියන්න බැරි තත්ත්වයක් මතු වුණේ බැසිල් තිරය පිටුපස ඉඳන් ගහපු මේ ගේම නිසාය.

ඒ නිසා විශ්වාසභංග මැච් එකේ නියම මෑන් ඔෆ් ද මැච් වෙන කවුරුවත් නොව බැසිල්ය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මධූෂ්ගේ දකුණු අත! සම්පායෝටත් ගෙදර යන්න වුණා! හිරේදි පොත් 3ක් ලිව්වා! STF වෙඩිල්ලෙන් පරලොව ගිය කව්ද මේ පාතාලයේ පින්තු!

Next Post

කොතලාවලට එරෙහිව වෘත්තීය සමිති 41ක් ගිවිසුම් ගහයි!

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.