• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

2004 කුමාරි! අද කුමාර්! රිෂාඩ්ගෙ කර්මය! (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 24, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 6 mins read
A A
2004 කුමාරි! අද කුමාර්! රිෂාඩ්ගෙ කර්මය! (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘රිෂාඩ්ගේ ගෙදර ගිනි තියාගත් දැරිවියගේ කතාවෙන් ඇයි ආණ්ඩුව රට හොල්ලන කැම්පේන් එකක් කරන්නේ නැත්තේ..?’

මේ දැනට විශ්‍රාම සුවයෙන් ඉන්නා ජ්‍යෙෂ්ඨ මුස්ලිම් දේශපාලකයකු අහපු ප්‍රශ්නයකි.

‘ඒ කාලේ මුස්ලිම් දොස්තරලාගේ වඳ පෙති ගැන කිව්වා. වඳ කොත්තු ගැන කිව්වා. ඒවා ඔක්කොම හදපු බොරු කතා නේ. ඒත් මේ රිෂාඩ්ගේ ගෙදර සිද්ධිය ඇත්තක්. ඇයි ආණ්ඩුව ඒක වවාගෙන කන්නේ නැත්තේ…’

මේ ඔහු තමන්ගේ ඔළුවට වද දෙන ප්‍රශ්නය තේරුම් කළ විදිහය.

මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ඇමැතිකමක් නැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්ගෙන් ඇහුවාම ඔහු දුන්නේ අපූරු උත්තරයකි.

‘අර රනිල් මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීලා අභයාරාම පන්සලට ගියාම මුරුත්තෙට්ටුවේගම හාමුදුරුවෝ කියපු කතාව මතකයි නේ. රනිල්ගේ ඔළුවට මහින්දගේ කඳ හයි කරන්න කියල. ඒකත් ඒ වැඩක්. රිෂාඩ්ගේ පක්‍ෂයේ කඳට රාජපක්‍ෂලාගේ ඔළුවක් හයි කරලා තියෙන්නේ…’

මේ ඔහු කී කතාවය. කතාව හරිය. රිෂාඩ් හිරේය. මන්ත්‍රිවරුන් මහින්දව හමුවෙයි. බැසිල්ව හමුවෙයි. ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න රිසාඩ්ගේ පක්‍ෂයේ මන්ත්‍රිවරු සියල්ල ආණ්ඩුවත් එක්ක අත ඉස්සූහ. කොටින්ම කියනවා නම් ගම්මන්පිලගේ විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩුවට තුනෙන් දෙක හොයල දුන්නේ රිෂාඩ්ගේ පක්‍ෂයය.

‘එතකොට ගම්මන්පිලයි, විමල් වීරවංශයි කිව්වේ රිෂාඩ් ආණ්ඩුවට එකතු වුණොත් අයින් වෙනවා කියල?’

ගම්මන්පිල ඒ කතාව කිව්වේ මෙන්න මෙහෙමය.

මාධ්‍යවේදිනිය : පොදුජන පෙරමුණේ සමහර අය කියනවා සුළු ජාතික පක්‍ෂ සහාය ආණ්ඩුවට ලබා ගන්නවා කියල. ඔබ මේ ගැන මොනවාද කියන්නේ?
උදය ගම්මන්පිල : 2019 මැයි 07 මමත් විමල් වීරවංශත් ජාතියට ප්‍රතිඥාවක් දුන්නා. බදුර්දීන්ගේ සහාය ලබන කිසිදු සන්ධානයකට ආණ්ඩුවකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියල. එම ප්‍රතිඥාව අදටත් වලංගුයි. අපි ඒ ප්‍රතිඥාව කඩකරන්නේ නැහැ. මමත්, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශත් ඒ ප්‍රතිඥාව දුන්නේ ලිඛිතව…’
(25-08-2020, සිලෝන් ටුඩේ)

‘එතකොට උදය ගම්මන්පිල තමන්ට එරෙහි විශ්වාසභංගය ජයගන්න රිෂාඩ්ගේ මන්ත්‍රිවරුන්ගේ සහාය ගත්තේ කොහොමද..?’

‘රිෂාඩ්ගේ මන්ත්‍රිලගේ සහාය මට එපා යැයි ගම්මන්පිල නොකීවේ ඇයි..?’

රිෂාඩ් කියන්නේ දේශපාලනඥයෙකුට වඩා හොඳ ඩීල්කාරයෙකි. ඔහු දේශපාලන ඉණිමග නැඟ ගත්තේ කරන්න පුළුවන් තක්කඩි වැඩ ඔක්කොම කරලාය. ඔහු කළ ලොකුම තක්කඩි වැඩේ මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්ගේ සමීප හිතවතියක ගිනිතියාගෙන සියදිවි හානිකර ගන්නා තැනට වැඩේ පත්තු කිරීමය. බොහෝ දෙනෙකුට මේ අතීතය අමතකය. කුමාරි කුරේ කියන්නේ යූ.ඇන්.පී.යේ හිටපු ඇමැතිවරයකු වූ මර්වින් ජේ. කුරේගේ දියණියය. ඇය විවාහක දෙදරු මවකි. 2002 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන්න චන්ද්‍රිකාට පාර්ලිමේන්තු බහුතරය වූ 113 අහිමි කළේ රාවුෆ් හකීම්ය. මේ නිසා එවකට ජනාධිපති චන්ද්‍රිකාගේත්, චන්ද්‍රිකාගේ අගසව් වූ මංගලගේත්, මංගලගේ අගසව් වූ ශ්‍රිපතිගේත් පරම හතුරා වූයේ රාවුෆ් හකීම්ය. 2004 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා යළි ආණ්ඩුවක් පිහිටුවාගන්න බලය ගත්තද කතානායක තෝරන ඡන්දයේදී ඇයගේ ආණ්ඩුව පරාජය වීමට ඉඩ තිබුණේ පාර්ලිමේන්තු බහුතරය වූ 113 පෙන්වීම දුෂ්කර නිසාය. මේ නිසා ඇය සහ මංගල මුස්ලිම් කොංග්‍රසය දෙකඩ කරන්න තීරණය කළහ. දෙකඩ කොට එහි මන්ත්‍රිවරු පිරිසක් බාගෙන 113 පෙන්වීම ඇගේ අරමුණ විය. මේ සඳහා ඇයත්, මංගලත් පාවිච්චි කළේ රිෂාඩ් බදුර්දීන්ය. මංගල, ශ්‍රීපති සහ රිෂාඩ් එක්වී රාවුෆ්ගේ සමීප හිතවතිය කරළියට ගෙන හකීම්ව බයකොට නිහඬ කොට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරු බාගන්නා සැලැසුම් කළහ. කුමාරි කුරේද රූපවාහිනියට, ස්වාධීනය රූපවාහිනියට පැමිණ රාවුෆ් හකීම් තමාව විවාහ කරගන්න පොරොන්දු වුවත් ඒ පොරොන්දුව කඩකළ බව කියමින් රාවුෆ්ට මඩ ගැසීය. මේ අවස්ථාවේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට කුමාරි කුරේගෙන් මේ ගැන ප්‍රශ්න කිරීමට අවස්ථාව සැලැසුණි. 2004 මැයි 30 සන්ඩේ ලීඩර් පුවත්පත කුමාරි කුරේ සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. පහත දැක්වෙන්නේ එහි උපුටා ගත් කොටස්ය.

සන්ඩේ ලීඩර් : මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී ඔබ පැවැසුවා රාවුෆ් හකීම්ව මුස්ලිම් කොංග්‍රස් නායකත්වයෙන් ඉවත් කරන කුමන්ත්‍රණයක් සඳහා ඔබ ජනාධිපති චන්ද්‍රිකාව හමු වුණාය කියා. ඇය එය ප්‍රතික්‍ෂේප කරනවා.
කුමාරි කුරේ : මම එම සම්මුඛ සාකච්ඡාවේ කියපු දේ ඔප්පු කරන්න මට සාක්‍ෂි තියෙනවා. මම කියන්නේ සහතික ඇත්ත. මම ඇයව හමුවුණේ අප්‍රේල් 20දා.

සන්ඩේ ලීඩර් : ඇය එහිදී පොරොන්දු වුණා ඔබව ඇමෙරිකාවට යවන්න.
කුමාරි කුරේ : ඔව්. මට තට්ටු නිවාසයක් අරන් දෙන්නත් ඇමෙරිකාවට යවන්නත් පොරොන්දු වුණා.

සන්ඩේ ලීඩර් : කවුද මේ රැස්වීමට සහභාගි වූ වෙනත් අය?
කුමාරි කුරේ : මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රි නජීබ් සහ රිෂාඩ් බදුර්දීන්.

සන්ඩේ ලීඩර් : ඔබ කිව්වා නජීබ් සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරුන්ද මේ සාකච්ඡාවට ආවා කියල. මේ වන විටත් ඔවුන් ප්‍රතික්‍ෂේප කරලා නැහැ ඔවුන් මේ රැස්වීමට ඔබව රැගෙන ආවා කියලා.
කුමාරි කුරේ : මා ළඟ මේන් රෙකෝඩ් තියෙනවා. ඒ අයට නැහැ කියන්න බැහැ. මම පළමු වතාවට ජනාධිපතිතුමියට කතා කළේ රිෂාඩ්ගේ දුරකතනයෙන් මංගල සමරවීරගේ නිවෙසේදීයි.
(සන්ඩේ ලීඩර්, 30.05.2009)

මින් පසු රිෂාඩ් සහ මංගල, ශ්‍රීපති ඇයව ශ්‍රීපතීගේ ඥාතියකුගේ වාහනයෙන් පාර්ලිමේන්තු රැගෙන යන්නේ කතානායක ඡන්දය විමසන දිනයේ රාවුෆ් හකීම්ව බයකොට මුස්ලිම් කොංග්‍රස් ඡන්ද ආණ්ඩුවේ කතානායක අපේක්‍ෂකයාට ලබා ගන්නටය.

එහෙත් එය සාර්ථක වන්නේ නැත. හකීම් චන්ද්‍රිකාගේ ආණ්ඩුවත්, රිෂාඩ් එක්ක රඟදක්වපු කුමාරි නාඩගමට බය නොවී හකීම් යූ.ඇන්.පී. කතානායක අපේක්‍ෂක වී. ජ. මු. ලොකු බණ්ඩාර දිනවන්න වැඩ කළේය. මෙයින් පසු කුමාරිගෙන් වැඩක් නැති බව අවබෝධ කරගෙන චන්ද්‍රිකාගේ ආණ්ඩුවත්, රිෂාඩ්ගේ කල්ලියත් කුමාරිව කරපිංචා මෙන් වීසි කළහ. ඇය අන්ත අසරණ විය. තමා හකීම්ට ද්‍රෝහි වූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සහ රිෂාඩ්ගේ උපදෙස් මත බව ඇයට හැඟුණි. ඇය හකීම්ගේ නිවෙසට ගොස් නිවෙස ඉදිරියේ ගිනිතබා ගත්තේ එම අසරණ බව හේතුකොටගෙනය.
මේ සිද්ධිය සිදු වී දැනට හරියටම වසර 17ක් පමණය. අද රිෂාඩ් හිරේය. රිෂාඩ් හිරේ සිටියදී ඔහුගේ නිවෙසේ දැරියක් කුමාරි කුරේ මෙන් ගිනි තියාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ඔහුගේ පක්‍ෂයේ මන්ත්‍රිවරු ඒ අතර, ගම්මන්පිලගේ විශ්වාසභංගය පරාජය කරන්න ඡන්දය දී ඇත. මෙම මන්ත්‍රිවරු රිෂාඩ්ගේ අනුදැනුමකින් තොරව විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දුන්නා යැයි සිතිය නොහැකිය. පක්‍ෂ නායකයාට විරුද්ධ වෙන්න යැයි කියා එම පක්‍ෂයේම මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් තුනෙන් දෙක පෙන්වා ජනතාව අන්දවන නාඩගම් ආණ්ඩුව කරනවා යැයි කාදිනල් හිමි කීවේ නිකම්ම නොවේ.

2019 පාස්කු බෝම්බය රිෂාඩ්ගේ කරේ දමා ගැටගසා රිෂාඩ්ගේ පක්‍ෂයට ත්‍රස්තවාදී ලේබලය අලවන්න උදේ, දිවා, රෑ මරහඬ දුන් එවකට රාජක්‍ෂ විපක්‍ෂය අද රිෂාඩ්ගේ නිවෙසේ මියගිය දැරිවිය ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත. ඒ ගැන කතා කරන්නේ පොලිසිය පමණි. රහස කිව්වේ මේ ආණ්ඩුව බලයට ගෙන එන්න දරදිය ඇද්ද කාදිනල් හිමිය.

කොහොම වුණත් ජුඩ් කුමාර් ඉෂාලිනී සියදිවි නසා ගැනීම රිෂාඩ් බදුර්දීන්ට පාස්කු බෝම්බයෙන් එල්ල වූ දේශපාලන කුණාටුවට වඩා තදබල දේශපාලන කුණාටුවකි. කුමාර් කියන වතුකරයේ දැරිවිය රිෂාඩ් සහ ඔහුගේ දේශපාලන ලෝකය කරකවා අතහැර දමා ඇත. රිෂාඩ්ට මේ කුමාර් දැරිවිය තුළින් එදා හකීම් සහ හකීම්ගේ දේශපාලන ලෝකය කරකවන්න කුමාරි නැමැති ගැහැනියගේ ගින්නට පිදුරු දැමූ හැටි මතක් වෙනවා ඇත.

එදා කුමාරිගේ සිද්ධියෙන් හකීම්ගේ බිරියට, දරුවන්ට වන හානිය ගැන රිෂාඩ්ට හැඟීමක් නොතිබෙන්න ඇත. අද ජුඩ් කුමාර් දැරිවිය මෙහෙකාරකමට ගැනීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ රිෂාඩ්ගේ බිරියටය. දේශපාලනයේ ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ බියකරුය. බෝම්බයෙන් අනුකම්පාවක් ලැබුණත් ඒ කර්මයෙන් අනුකම්පාවක් නැත.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජයරුවන් දිනුම්! පාදෙණියලා පරාදයි! GMOA එකට උසාවියෙන් නියෝගයක්!

Next Post

සිංහයන්ගේ දේශයේ සිංහ රාජධානිය සොයාගනී

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.