• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම අහස දිහා බලන් ඉන්නවා මෙච්චර වතුර බින්දු ගොඩක් කොහොමද වැටෙන්නෙ කියලා…

July 22, 2021
in Heart
Reading Time: 3 mins read
A A
මම අහස දිහා බලන් ඉන්නවා මෙච්චර වතුර බින්දු ගොඩක් කොහොමද වැටෙන්නෙ කියලා…
Share on WhatsAppShare on Facebook

ඒ මමද ඉන්නෙ කියලා වෙලාවකට හිතුණා…

ඈත පිටිසර දුෂ්කර ගම්මානයකට අසංවර වැස්සක් ඇදහැලුණා. ඒ ඇදහැලුණු වැස්සෙන් පිපුණ පුංචි මලක් අපි දැක්කා. ‘අසංවර වැස්සක්’ ටෙලිනාට්‍යය ඔබත් නැරැඹුවානම් මේ පුංචි මල දැන හඳුනනවා ඇති. ඒ පුංචි සිඟිත්තිය තමයි දනුජි දිනත්යා සේමින්දි. ඒ සුරතල් හඬින් පුංචි දුව අපි එක්ක පොඩි කතාවකට මුලපිරුවා.

චූටි දුව දැන් හරි ජනප්‍රියයි නේද?
ඔව්… මාමේ තාමත් මට හැමෝම කතා කරන්නේ ‘චූටි’ කියලා.

‘අසංවර වැස්ස’ ටෙලිනාට්‍යයේ රඟපානවා වගේම දුව වැස්සේ තෙමෙන්නත් ආසයිලු නේද?
ගෙදරදි නම් වහින කොට අම්මාට හොරෙන් මිදුලට බැහැලා නටනවා. තවත් වෙලාවකට මම අහස දිහා බලාගෙන ඉන්නවා. මෙච්චර වතුර බින්දු ගොඩක් කොහොමද වැටෙන්නේ කියලා.

දනුජි දුව ඉස්සෙල්ලාම රඟපාපු ටෙලිනාට්‍ය මතකද?
ධනංජය මාමා මාව ‘හුස්ම වැටෙන මල්’ කියන ටෙලිනාට්‍යයට රඟපාන්න ගත්තා. ඊට පස්සේ හදවතේ කතාව, මහපොළොව ටෙලිනාට්‍යවල ළමා චරිත රඟපෑවා.

දැන් දුවට මේ ඔක්කොම චරිත රඟපාන්න මුලින්ම ලැබුණු හැටි මතකද?
ඔව්… මට මතකයි. මම 2019 ‘දෙරණ – සිඟිති අවුරුදු කුමරිය’ තරගයට ඉදිරිපත් වුණා. ඒකෙන් අවසන් දසදෙනා අතරට මාවත් තේරුණා. ඊට පස්සේ තමයි මට ටෙලිනාට්‍යවලට රඟපාන්න යන්න අවස්ථාව ලැබුණේ.

කැමරාවක් ඉදිරියට ඇවිත් රඟපාන්න බය හිතුණේ නැද්ද ඉතින්?
‘හුස්ම වැටෙන මල්’ ටෙලිනාට්‍යයේ තමයි මම කැමරාවක් ඉදිරිපිට රඟපෑවේ. සාරංග මාමා, දිනක්ෂි නැන්දා එක්ක තමයි මට රඟපාන්න තිබුණේ. ඉතින් නැන්දයි, මාමයි මට ගොඩාක් උදවු කළා. රඟපාන විදිය කියලා දුන්නා.

දුව රඟපාපු ටෙලිනාට්‍ය රූපවාහනියේ යද්දි දුවගේ රඟපෑම දැකලා මොකද හිතුණේ?
ඒ මමද ඉන්නේ කියලා වෙලාවකට හිතුණා. තවත් වෙලාවකට හිතුණා මම මේ විදියට රඟපෑව නම් හොඳයි කියලා. මටම සතුටුයි මාව එහෙම දැක්කම.

දනුජි දුව පාසල් යන්නේ කොහෙටද?
ආර්. ජී. සේනානායක මහා විද්‍යාලයට, නාරම්මල. පළමු පන්තියේ තමයි මම තවම ඉගෙනුම ලබන්නේ.

දුවට තවම චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබුණේ නැද්ද?
සංජීව පුෂ්පකුමාර මාමාගේ ‘අරම්මාන’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. ආශාවෙන් ඉන්නේ ඒ චිත්‍රපටයේ මගේ රඟපෑම කොහොමද කියලා දැකබලා ගන්න.

-වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

අමෙරිකාවෙන් ලංකාවට දරුණු ආර්ථික ප්‍රහාරයක්! රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයෙන් ‌‌ලොකු අවාසියක්!

Next Post

දවස් 16ක බිළිදියට හම්බන්තොට අම්මා වස දමා මව්කිරි දීලා!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.