• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජනතාවගේ නිර්පාක්ෂික ජනතා අපේක්ෂකයා මහේෂ් -කමල් අද්දරආරච්චිත් මහේෂ්ට එක්වෙයි

October 6, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
ජනතාවගේ නිර්පාක්ෂික ජනතා අපේක්ෂකයා මහේෂ් -කමල් අද්දරආරච්චිත් මහේෂ්ට එක්වෙයි
Share on WhatsAppShare on Facebook

හැත්තෑව දශකය අවසාන භාගයේදී “ගින්නෙන් උපන් මිනිසා” ගැන මාගේ සිතෙහි ඇතිවූ මතකය තවද පහව නොයයි. මෙම අපූරු මිනිසා සමඟ මැයි පෙළපාලි යන්නත්, විමුක්ති ගී ගයන්නත් ගිය හැටි හොඳින්ම මතකය. එකල අපි තරුණ පත්තරකාරයන්ය. මේ ගින්නෙන් උපන් මිනිසා කවුද? ඔහු ඔබත්, මමත් හොඳින් හඳුනන ජනතා විමුක්ති පෙරමුණේ නායක, නිමැවුම්කරු රෝහණ විජේවීරයන්ය. ඔහුට “ගින්නෙන් උපන් මිනිසා” යැයි කවරකු හෝ නම් තබා නැත. එහෙත් පසුගිය කාලයේ අනුරුද්ධ ජයසිංහ නමැති දක්ෂ සිනමාකරුවා මේ මිනිසාගේ ජීවිත කතාව ඇතුළත් සිනමා නිර්මාණයට “ගින්නෙන් උපන් සීතල” ලෙසින් නම් තැබුවේය. ඒ නිසාම සැබැවින්ම මෙම මහා විප්ලවකරුවා ගින්නෙන් උපන් මිනිසකුම විය යුතුය.
මෙහි මා උත්සාහ දරන්නේ පරණ කතාන්දර කියන්නට නොවේ. “ගින්නෙන් අපන් සීතල” චිත්‍රපටයේ රෝහණ විජේවීරයන්ගේ චරිතය අතිශය සැබෑ ලෙස ජීවමානව රඟ දැක්වූ සිනමා රංගන ශිල්පියා අපට කෙදිනකවත් අමතකව නොයයි. ඔහු නම් හසල දස්කම් ඇති කමල් අද්දරආරච්චිය. රෝහණ විජේවීරයන් අනේක වාරයක් දෙනෙතින් දැක, හමුවී ඇති අප “ගින්නෙන් උපන් සීතල”හි රෝහණ විජේවීරයන් දුටු කල නිරුත්තර වීමු. දෙවියනේ, මේ රෝහණ විජේවීරයන්ම නොවේද? එම සිනමා වෑයමේ කමල් අද්දරආරච්චි සිදුකළ අතිශය භාවමය රංගනය ඉතිහාසයට එක්වී ඇත.
දැන් මා ඉදිරියේ ඉන්නේ එම සුවිශේෂ මිනිසාය. කමල් අද්දරආරච්චි නමැති සහෘදයා මෙවර ලකලැහැස්තිව ඉන්නේ සිනමාව ගැන කතාකරන්නට නම් නොවේ. ඔහු මෙවර මහා පෙරළිකාර දේශපාලනික ආගමනයකට සැරසෙමින් සිටියි. එය අමුතුම ආකාරයේ “පොලිටිකල්” කතාවකි. මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරියෙන්ම සිටින ස්වාධීන අපේක්‍ෂකයකු වන හිටපු හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට සහාය දීමේ ප්‍රමුඛයකු ලෙස කමල් පෙරමුණ ගනිමින් සිටියි.

දැනට 57 වැනි වියෙහි පසුවන ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දැනට වෘතාන්ත චිත්‍රපට 40ක පමණ ප්‍රධාන චරිත රඟදක්වා ඇති අතර, ටෙලිනාට්‍ය 20ක පමණද ප්‍රධාන චරිත නිරූපණයට දායකවී ඇත. ඔහුගේ රංගන කාර්යය අගයකිරීම සඳහා පිදුණු සම්මානද බොහෝය. එසේම ඔහු දක්‍ෂ ගායකයකු ලෙසද ප්‍රකටය. එසේම දක්‍ෂ ව්‍යාපාරිකයකු ලෙසද කටයුතු කරයි. මෙවැනි ජීවන කුසලතා ඇති කමල් අද්දරආරච්චි මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය සමඟ ඇති නෑදෑකම කුමක්ද? සත්‍ය ලෙසම ඔහුට එවැනි වටපිටාවක් ඇත. පසුගිය 2015 වසරේ මැතිවණවලදී ඔහු දේශපාලනික කාර්යභාරයක් ඉටුකරන ලද පුද්ගලයෙකි. වත්මන් රජය බලයට පත්කිරීමේදී ඔහු තවත් කලාකරුවන් පිරිසක් සමඟ විශාල කාර්යයක් ඉටුකළ බැව් අපට අමතක කළ නොහැකිය. එහෙත් පසුගිය කාලයක් පුරා ඔහු දේශපාලන ලෝකයේ නිහඬව සිටියේය. එම නිහඬතාව බිඳිමින් ඔහු නැවත දේශපාලන තෝතැන්නට අවතීර්ණව ඇත.
කමල් අද්දරආරච්චි නම් එම සුවිශේෂ දස්කම් ඇති මිනිසා සොයා යන්නට අප තීරණය කළේ ඒ හෙයිනි. මේ සංවාදය පුරා ඇත්තේ ඔහුගේ මුවින්ම පිටවූ අපූරු වදන්ය. එය මෙතැන් සිට ගලා යයි.
ජාතික ජනතා ව්‍යාපාරය හරහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂක හිටපු හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඔබ සහයෝගය දක්වනවාද?
නැහැ නැහැ. මහේෂ් සේනානායක කියන්නේ ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්‍ෂකයා නෙවෙයි. ඔහු ඉදිරිපත් කරන්නේ එම ව්‍යාපාරය හරහා තමයි. ඒත් මේ කතාව මෙහෙම කියන්න, මහේෂ් සේනානායක කියන්නේ “ජනතාවගේ නිර්ාපක්‍ෂික ජාතික අපේක්‍ෂකයා” කියලා. අපේක්‍ෂකයා පවා කැමැති නැහැ පක්‍ෂයකින් එනවා කියලා කියන්න. අපේ තේමාව “රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වෙමු” කියන එකයි. ජාතික ජනතා ව්‍යාපාරය සහ ජාතික මහජන සභාව කියන සංවිධාන මෙම අපේක්‍ෂකයා හඳුන්වාදී තිබෙනවා. එපමණයි. ඔහු “ජනතාවගේ නිර්පාක්‍ෂික අපේක්‍ෂකයා” වන්නේ ඒ නිසයි. ඒ නිසා මම ඔහුට සහාය දෙන්න තීරණය කළා.
ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිටත ජනාධිපති අපේක්ෂකයකුට සහාය දෙන්න ඔබ තීරණය කළේ ඇයි? ඔබ මින් පෙර 2015 වසරේදී මේ රජය බලයට පත්කිරීමේදී යම් දේශපාලනික කාර්යභාරයක් කළා නේද?
2015 වසරේදී බොහෝ අමාරු ජයග්‍රහණයක් ජනතාව දිනාගත්තා. අපේ අපේක්‍ෂාවන් ඉටුකරගන්න පාලන ක්‍රමයක් අපි බලාපොරොත්තු වුණා. ඒත් ඉතාමත් කෙටි කාලයකින් මේ රජය එම අපේක්‍ෂාවන් බිඳලා දැම්මා. ඊට පෙර යුද්ධය දිනාගැනීමේ අපේක්‍ෂාවක් අපිට තිබුණා. එය අපිට ඉෂ්ට වුණා. එහෙත් ඊට පසුව අපේ සියලුම අපේක්‍ෂාවන් බිඳවැටුණා. යුද්ධයෙන් දිනාගත් ප්‍රතිඵල භුක්ති විඳින්නට තිබුණු අවස්ථාවල් සියල්ලම මඟහැර ගත්තා. ජනතා විශ්වාසය සහ සංහිඳියාව ගොඩනඟන්නට බැරිව මේ රජය “ෆේල්” වුණා. උතුරේ ජනතාව දිනාගැනීම මුළුමනින්ම මඟහැර ගත්තා. මේ අයට උතුර, දකුණ එකතු කරන්න බැරි වුණා. ඒ අයට ඒකට පාලමක් හදන්න බැරි වුණා.
සමාවෙන්න, පොඞ්ඩක් බාධා කරනවා. ඔබ දැන් ඔහොම කිව්වාට ඔබ ඒ කාලයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන මාධ්‍ය ප්‍රකාශ කිහිපයක්ම කරලා තිබුණා?
ඔව් ඒක ඇත්ත. ඒ වුණු වරද හදාගන්න අපිට අලුත් වැඩපිළිවෙළක් ඕනෙ කියන මතයකට ආවා. අපි එදා පක්‍ෂ කිහිපයක් එකතු වෙලා සන්ධානයක් ගොඩනඟාගෙන ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් පත්කර ගත්තා. රටක ජනාධිපතිවරයෙක් නිර්පාක්‍ෂිකව සිටිය යුතුයි. එසේම රටක දේශපාලන මන්ත්‍රණ සභාවක පාලක පක්‍ෂය ශක්තිමත් විය යුතුයි. ඔවුන්ට බහුතරය නොහොත් වැඩි ඡන්දය තිබිය යුතුයි. එතකොට තමයි ඒ අයට අණපනත් සම්මත කරගෙන ඉදිරියට යන්නට පුළුවන්. එහෙම නැති වුණාම ඒ අයට සිදුවෙනවා සුළු පක්‍ෂවල සහයෝගය ලබාගන්න. එසේම අනෙකුත් මැති ඇමැතීන්ගේ අවශ්‍යතාවන් ඉටුකරමින් තමන්ගේ රජය ගොඩනඟා ගන්න. ඒ නිසා තමයි ඇමැති තනතුරුවලින්ම පුදසත්කාර කරන්නේ. ඒ අය අඩු දේවල් බලාපොරොත්තු වන්නේ නැහැ. ‘අපි රජයට සහාය පළකරනවා, එහෙත් අපට ඕනෙ මේ ඇමැති ධුරයන්’ කියලා ඒ අය එකහෙළාම කියා සිටිනවා. වෙනත් සුදුසුකමක් ඒකට අවශ්‍ය නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ අපි මේ පාලනය කෙරෙහි අතිශයින්ම කලකිරුණා. අපිට වෙනත් විකල්පයක් ඕනෙ වුණේ ඒ නිසයි.
ඒ කියන්නේ මේ රටේ දේශපාලනික ක්‍රියාදාමයේ කිසිම සාර්ථකත්වයක් නැහැ. දැන් මේ රට යන්නේ මහා විනාශයකටද?
ඔව්. දැනටම මේ රට මහා විනාශයකට ගිහිල්ලා අවසානයි. අවුරුදු 71ක්ම තට්ටුමාරු දේශපාලනය පමණයි තිබෙන්නේ. වෙනත් විකල්පයක් නැහැ. අවුරුදු 71ක් වයසැති මේ ගසේ ප්‍රතිඵල දැන් තමයි ලැබිලා තියෙන්නේ. මේ ගසෙන් එන්නේ සරු ඵලයක් නෙවෙයි. මේ ගසෙන් එළියට එන්නේ බෝම්බ, විෂ ගෙඩි, ගිනිදලු. ඒකෙන් ඔක්සිජන් වගේ වායුවක් එන්නේ නැහැ. කාබන්ඩයොක්සයිඞ් වගේ විෂ වායුවක් එන්නේ. මේ ගහ තවත් මේ විදියට තියාගෙන ගියොත් තව තවත් විෂ ගෙඩි පතිත වෙන එක තමයි වෙන්නේ. මේක මහා පිළිලයක්. ඒ නිසා අපි හිතාගත්තා මේකට විසඳුමක් ලෙස පක්‍ෂ දේශපාලනය හරියන්නේ නැති බව. ඒකෙන් මිදිලා මේ රටට වැඩ කරන්න පුළුවන් ජනතාවක් අපි එකතු කරගන්න ඕනෑ. ඒත් ඒක එකපාරටම කරන්න බැහැ. අපි උත්සාහ ගන්නේ එවැනි මාවතකට යන්නයි.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සැණෙකින් හිටපු යුද හමුදාපතිවරයා තම යුද හමුදාව හරහා විශේෂ කාර්යභාරයක් සිදුකළා. එය සමාජයද පිළිගත්තා. දැන් ජනාධිපතිවරණයේදී ඔහුට ජනතාව හොඳ සුබවාදී ප්‍රතිචාරයක් දක්වයිද?
ඔව්, ඔබගේ කතාව නිවැරැදියි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහේෂ් සේනානායක හමුදාපතිවරයා ඉතාම වේගවත්ව, බුද්ධිමත්ව කාර්යභාරයක් ඉටුකළා. ඔහුට ඇත්තටම ක්‍රියාත්මක වෙන්න නිසි බලයක් තිබුණෙත් නැහැ. එවිට ඔහු ප්‍රකාශ කර හිටියා. මෙහෙයුම් කරන්න පුළුවන් හදිසි නීතිය පැනවුවහොත් පමණයි කියලා. ඒත් හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නත් රජයට දවස් ගණනක් ගතවුණා.
කෙසේ හෝ හදිසි නීතිය පැනවුණා. එවිට ඔහු කඩිනමින් තම හමුදාව මෙහෙයවමින් කටයුතු කරන්න ගත්තා. මෙන්න මේ කතාව අහගන්න. ඒ ක්‍රියාදාමය ඇතුළත ඔහුට ඕනෑනම් මේ රජය අල්ලාගන්නත් තිබුණා. මොකද එය රට අස්ථාවර වුණු දෙවැනි අවස්ථාව. පළමුවැනි අවස්ථාව රටේ අගමැතිත් එක්ක ආණ්ඩුවක් යනවා කිසිම ඇමැති මණ්ඩලයක් නැතිව. ඒ වෙලාවේ සමහරු හිටපු හමුදාපතිවරයාට කිව්වා මේක රට අල්ලාගන්න හැකි වාතාවරණයක් තිබෙන හොඳම අවස්ථාවක් නේද කියලා. ඒත් එවැනි දූෂිත ක්‍රියාවලියකට යන්න ඔහුට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අනෙක ඔහු කිසිම විටෙක එහෙම කරන කෙනකුත් නෙවෙයි. ඔහු දිවි හිමියෙන් රට රකින නිලධාරියෙක්. එසේම මේ රට රැකපු කෙනෙක්.
පසුගිය කාලයේ සිවිල් වාර්ගික යුද්ධයේදී මෙන්ම මෙම ආසන්න කාලයේ සිදුවුණු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරවලදීත් එක සමාන මෙහෙවරක් හිටපු යුද හමුදාපතිවරයා අතින් සිදුවී තිබෙනවාද?
සිවිල් වාර්ගික යුද්ධය දිනවීම සඳහාද ඔහු විශාල මෙහෙවරක් ඉටුකළා. මහේෂ් සේනානායක කියන්නේ හොඳ පාසල් අධ්‍යාපනයක් සහ යුද තාක්‍ෂණික අධ්‍යාපනයක් ලබපු නිලධාරියෙක්. ඔහුට යුදහමුදාපති තනතුර ලැබුණේ ඒ නිසයි. ඒත් ඔහුට යම්කිසි වාතාවරණයක් යටතේ මේ රට දාලා යන්න වුණා. පළිගැනීම් වැනි දේවල් සිදුවූ නිසා ඒක වුණේ. යුද්ධය වෙනුවෙන් සටන් කරපු ජෙනරාල් ෆොන්සේකාට ඔහු උදව් කරපු නිසා. ඒත් පසුව ඔහු නැවත කැඳවනවා ඔහුගේ දක්‍ෂතාව නිසා. හමුදාපති ධුරය භාරගැනීම සඳහා. ඔහු ඉන් පසුව එම ධුරයේදී තම දක්‍ෂතාව පෙන්වූවා. තම කාර්යභාරය හොඳින්ම ඉටුකළා. යුද හමුදාපතිවරයා හැටියට ඔහුට වගකීමක් තිබෙනවා රටේ සාමය පවත්වාගෙන යෑමට කටයුතු කිරීමට. ඔහු ඒ දේ සාර්ථකව සිදුකළා.
හිටපු හමුදාපතිවරයා මෙසේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය සැබෑ කරගන්නද?
නැහැ. ඔහුට ඇති ජනාධිපති සිහිනයක් නැහැ. ඔහු බලය ලබාගෙන වැජඹෙන්න නෙවෙයි මෙසේ ඉදිරිපත් වෙන්නේ. මේ වෙලාවේ රටම ඉල්ලනවා සුදුසු චරිතයක්. අනෙක මේක පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කරා යන ගමනක්. මේ රටේ මිනිස්සු අද ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වඩා ඒ අයගේ ආරක්‍ෂාව. ඒ ආරක්‍ෂාව තහවුරු කිරීමයි වැදගත් වන්නේ. මෑත යුගයේ ත්‍රස්තවාදය කියන්නේ උතුරේ සිදුකළ ත්‍රස්තවාදයට වඩා වෙනස් එකක්. උතුරේ ත්‍රස්තවාදීන් කැලෑවල හැංගිලා හිටියා. ඒත් මේ ත්‍රස්තවාදියෝ හිටියේ බොහෝ උසස් නිලතල දරමින් වැදගත් පිළිවෙළට. සමහරු විශ්වවිද්‍යාල උපාධිධාරියෝ. ඒ නිසා එදා ත්‍රස්තවාදයයි, අද ත්‍රස්තවාදයයි බොහෝ වෙනස්.
මේ වන විට සමහර පාර්ශ්ව දැඩි ලෙස චෝදනා කරනවා හිටපු හමුදාපතිවරයා ගේන්නේ සිංහල ඡන්ද කඩන්න, දේශමාමක ඡන්ද කඩන්න කියලා. ඔබට මොකද හිතෙන්නේ?
ඡන්ද කඩන්න ඒ පුද්ගලයා සුදුසු නම් සිංහලයෝ හිතනවා ඒ අදාළ පුද්ගලයා නිවැරැදියි කියලා. ඇයි දෙයියනේ සිංහල ඡන්ද කඩන්න මොකක්ද ඇති වුවමනාව? ගෝඨාභය රාජපක්‍ෂ අපට ප්‍රශ්නයක් නෙවෙයි. අප මෙහෙම දෙයක් හිතමු. ගෝඨාභය දිනලා බලයට පත්වුණා කියලා. ඒත් එතැන ඉඳන් ඔහු වැඩ කරන්නේ කා සමඟද? අර පරණ හිටපු කණ්ඩායමම නේද ඔහු ළඟට එන්නේ. එතකොට මොකක්ද ඇති වන තත්ත්වය? ඒ නිසා කාගේවත් ඡන්ද කඩන්න අපට අවශ්‍ය නැහැ. අපට ඕනෑ වෙනසක් විතරයි.
ඇමෙරිකන් ව්‍යාපාරයක් හරහා හිටපු යුද හමුදාපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලැබෙනවා කියලා ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේක ධනවාදී රටවල යටිකූට්ටු වැඩපිළිවෙළක්ද?
අනේ දෙවියනේ අපට සල්ලි නැහැ. අපි මේ ව්‍යාපාරය සිදුකරගෙන යන්නේ බොහොම දුෂ්කරතා සහිතවයි. අපි අපේ පෞද්ගලික මුදල් වියදම කරගෙනයි මේවා කරන්නේ. ඔය ඇමෙරිකන් සල්ලි කියන භූතයා, එහෙමත් නැත්නම් අවතාරය නම අපිට යොදන්න එපා. අපි ගාව කළු සල්ලිත් නැහැ, අපි ගාව ජාවාරම්කාරයොත් නැහැ. අපි දන්නවා මිනිස්සු තමන්ගේ කනකර හෝ උකස් තියලා අපට මුදල් දේවි මේ රට හදන්න කියලා. ඒ අය එසේ කරාවි. ඇත්ත තත්ත්වය ඒකයි.
ඔබ අතිදක්‍ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. පසුගියදා ඔබ නිරූපණය කළ රෝහණ විජේවීර චරිතය ඔබගේ කලා ජීවිතයේ කූටප්‍රාප්තිය කියලා හිතන්න පුළුවන්. මෙවැනි දක්‍ෂ කලා ශිල්පියකු දේශපාලනයට යොමුවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? එහිදී ඔබගේ කාර්යභාරය කුමක්ද?
මගේ රංගන කාර්යයේදී මම ඒ මෙහෙවර විශිෂ්ට ලෙස ඉටුකරලා තිබෙනවා. ඔබගේ අගයකිරීමට ස්තුතියි. අපි එය පැත්තකින් තබමු. මෙම අපේක්‍ෂකයා සමඟ කරන කාර්යභාරය කෙසේ වෙතත්, මට අවශ්‍ය මේ රටට සේවයක් කරන්න. මේ රටේ මිනිස්සු අවදිකරන්න මට අවශ්‍යයි. අපේ ජනතාව පහත් තත්ත්වයකට වැටෙන්න අවශ්‍ය නැහැ. අද ජනතාව මේ දේශපාලකයන්ගේ පොරොන්දු පත්‍රවලට රැවටිලා ඉන්නේ. රටේ නායකයන් තෝරාගන්නා ක්‍රමය අපි හදාගන්න ඕනෑ. ව්‍යවස්ථාවේ ඉඳන්ම මේ රටේ පරිපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. මම කාගේවත් ඡන්ද ව්‍යාපාරයක් කරන්න කියලා ආපු මිනිහෙක් නෙවෙයි. මම පාර්ලිමේන්තුවට යන්න ආපු මිනිහෙකුත් නෙවෙයි. මම හිතන්නේ රට වෙනුවෙන්. ඒ නිසා මම මෙ කාර්යභාරය ඉටුකරනවා.
බොහෝ පිරිස් මුලදී ඔහොම ප්‍රකාශ කර සිටිනවා. ඒත් පසුව සිදුවන්නේ වෙනත් දෙයක්. ඔබට ඔබගේ ආත්මය උදෙසා මෙවැනි මෙහෙවරකට එකතු වෙන්න හිතුණේ නැතිද? අද ඔබ කුමන අදහසක් ඉදිරිපත් කළත් ජනතාව බහුතරයක්ම දේශපාලකයන් ප්‍රතික්‍ෂේප කර සිටිනවා නේද?
ඒක ඇත්ත. ඒක සත්‍යයක්. අපට අවශ්‍ය වන්නේ ජනතාව ඒ තත්ත්වයෙන් ගලවාගන්නයි. දේශපාලකයාගේ බඩගෝස්තරවාදී දේශපාලනයට ජනතාව යටත්වෙන්න ඕනෙ නැහැ. ජනතාව දේශපාලකයාගේ මස් කටු කන තත්ත්වයට පත්වෙන්න ඕනෙ නැහැ. මම මේ කාර්යය කළ යුතුයි කියලා තීරණය කළේ මගේ ආත්මය පිරිසුදු කරගන්න. මම නිවටයෙක් වෙලා මේ කරන වැරැදිවලට උල්පන්දම් දිදී හිටියොත් මම බෞද්ධයෙක්ද? මම විශ්වාස කරනවා මගේ ඊළඟ ආත්මය ගැන. සමහර විට මම පව් කරලා ඇති. ඒත් මට ඕනෙ නැහැ කපුටෙක්, ඌරෙක්, බල්ලෙක් වගේ ආත්මයක් ලබන්න. එහෙම නම් මට ඕනෙ අලියෙක් වගේ ජීවත් වෙන්න. ඔව් හොඳ කාලයක් ජීවත් වෙන, කොළ කන, පලතුරු කන අලියෙක් වගේ ජීවත් වන ආත්මයක් ලබන්න. ඔබතුමා කැමැතිද ලබන ආත්මේ හරකෙක් වෙලා බර අදින්න. එහෙමත් නැත්නම ඌරෙක් වෙලා කොහේ හරි කඬේක එල්ලිලා ඉන්න. අපි ආපසු මනුෂ්‍යයෙක් හැටියට ඉපදෙනවා නම් එහිදී නිවටයෙක් වගේ ජීවත් වන කරුමයක් අරගෙන යන්න මට අවශ්‍ය නැහැ. ඒකයි මගේ ප්‍රාර්ථනාව.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

පෑන් ඒෂියා බැංකුව ISO 27001 සහතිකකරණයෙන් පිදුම් ලබයි

Next Post

මෙන්න ශිරාණිගේ ‌‌පොතෙන් එළියට එන රහස්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.