අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ගුරු සංගම් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
ඒ අනුව ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සංගම් පසුගිය 12 වනදා සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් වර්ජනයක් ආරම්භ කළේය.










