පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ඔළුවෙන් ගැලවෙන්න ගිය කලිසම බේරාගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් ගෙනැවිත් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මෙය ඩීල් දේශපාලනයක් බවත්, වික්‍රමසිංහ මහතා ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් ආණ්ඩුව බේරාගැනීමේ මෙහෙයුමක සිටින බවත් විජේසිරි මහතා කීය.
දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිද්ධ වෙන්න කාරියවසම් මහතාට ගැලවිය හැකි බව ඒ මහතා කීය.
සජිත් ප්‍රේමදාස මහතාට එවැනි ඩීල් දේශපාලනයක් නොමැති බවත්, තමන් ප්‍රේමදාස මහතා සමග සිට ගත්තේ ඒ නිසා බවත් ඒ මහතා සදහන් කළේය.










