සිකුරාදා (16) දිනයේදී චීනයේ නිෂ්පාදිතයක් වන සිනොවැත් එන්නත ලංකාවේ භාවිතයට අවසර ලබා දීමත් සමග තවත් වෛද්‍යවරුන් තිදෙනෙක් කොරෝනා මර්දන එන්නත් උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඊයේ (17) දිනයේදී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කොට ඇති බව දැනගන්නට තිබේ.
ප්‍රතිශක්තිකරණ විශේෂඥ. වෛද්‍ය රජීව ද සිල්වා, වෛරස් විද්‍යාඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ශ්වසන වෛද්‍ය මහාචාර්ය චන්න රණසිංහ යන මහත්වරුන් මෙසේ ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් ඉල්ලා අස්වීමට හේතුව එන්නත් උපදේශක මණ්ඩලයේ උපදෙස් නොසලකා හැරීම සහ බලධාරීන් විසින් ඒවා අභිබවා යාම බව වාර්තා වේ.
ජුනි 9 වන දින හදිසි රැස්වීමකදී උපදේශක මණ්ඩලය අඩකට බෙදී තිබුණේ අවම වශයෙන් සීනෝවාක් මාත්‍රාවන් මිලියන 2 ක් වත් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමත කළ යුතුද යන්නයි.
සීනෝවැක් ඩෙල්ටාවට එරෙහි “අවම ප්‍රතිපලදායී එන්නත” බව එම රැස්වීමේදී සියලු දෙනාම “එකඟ වූ” බවද වාර්තා වේ.
එක් කණ්ඩායමක් පවසා ඇත්තේ, සීමිත සිනොවැක් තොගයක් ආනයනය කිරීම සඳහා කොන්දේසි සහිත “සීමිත” අනුමැතියක් ලබා දිය යුතු අතර අනෙක් කණ්ඩායම ඊට එකඟ නොවූ බවද දැනගන්නට ඇත.
මීට පෙරද මෙම කමිටුවෙන් වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.










