• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පොහොට්ටුව ගම්මන්පිල වීරයෙක් කරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 17, 2021
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
පොහොට්ටුව ගම්මන්පිල වීරයෙක් කරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කළ සුවිශාල ජන අරගලයකින් පසු පැවැති අධිරාජ්‍ය ගැති ආණ්ඩුව පලවා හැර ගරු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් අප මවුබිමේ වර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කරන මෙවන් අවස්ථාවකදී වුවමනාවෙන්ම අප පක්‍ෂය සහ එහි නායකයන් අප්‍රසාදයට පත් කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇති කරනු ලබන්නේදැයි සාධාරණ වූ සැකයක් අප වෙත ඇති වී ඇති බව ප්‍රකාශ කරනු කැමැත්තෙමු. විෂය බාර අමාත්‍යවරයා මෙයට ඍජුව වගකිවයුතු බවත්, මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් අපි ප්‍රකාශ කරමු…‘

සාගර කාරියවසම්

ලේකම්-පොදුජන පෙරමුණ

පොදුජන පෙරමුණ කියන්නේ අද ලංකාවේ විශාලතම පක්‍ෂයය. එහි ලේකම් කියන්නේ රටේ ජනාධිපතිට නොදෙවැනි බලයක් සහිත ලේකම්වරයෙකි. මන්ද ඔහුගේ අස්සන ජනාධිපතිගේ අස්සන තරමටම බලවත්ය. අද එහෙව් තැන ඉන්නේ සාගර කාරියවසම්ය. උදය ගම්මන්පිල තෙල් මිල වැඩි කළ අවස්ථාවේ පොදුජන පෙරමුණු ලේකම් සාගර කාරියවසම් තම අස්සනින් උදය ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න යැයි කීවේ බරපතළ චෝදනාවක් එල්ල කරමින්ය. එනම් ජනාධිපතිවරයත්, ආණ්ඩුවත් ජන අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් උදය ගම්මන්පිල කරනවාද යන්න සැක සහිත බවට එල්ල කළ චෝදනාවය. අනෙක ගම්මන්පිලට ඉවත් වෙන්න යැයි නිවේදනය කිරීමය.

මෙය හරියටම මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ මුදල් ඇමැති මංගල තෙල් මිල වැඩි කළ විට මංගල වුවමනාවෙන්ම ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවාය කියා යූ.ඇන්.පී. මහලේකම් මංගලට ඉවත් වෙන්න කීවාට සමානය. එදා යූ.ඇන්.පී. මහ ලේකම් එලෙස කීවා නම් මංගල ඒ ප්‍රකාශයට පෙරළා පහර දුනනේ නම් ආණ්ඩුව පුපුරන්නේ කෑලි කෑලිවලටය.

පොදුජන පෙරමුණු මහ ලේකම් මේ ප්‍රකාශය කළ විට උදය ගම්මන්පිලත් පෙරළා පහර දුන්නේය. තෙල් මිල වැඩි කළේ තමා නොව මුදල් ඇමැති මහින්ද බවත්, පොදුජන පෙරමුණ ලේකම් ඉල්ලා අස්වෙන්න කිව යුත්තේ මහින්දට බවත් ගම්මන්පිල කීවේය. පොදුජන පෙරමුණු ලේකම්වරයා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගතයුතු යැයි ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කීවත් පොදුජන පෙරමුණේ ලේකම් තම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ නැත.

සමගි ජනබලවේගය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ මේ ඇවිළෙන ගින්නට පිදුරු දමන්න විය යුතුය. මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේ සාගර කාරියවසම් ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස පත්කිරීමෙන් පසුවය. එතකොට උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු එකතු කරන්න වෙන්නේ සාගර කාරියවසම්ටය.

‘ගම්මන්පිල හිතුමතයට තෙල් මිල වැඩි කොට ආණ්ඩුව අප්‍රසාදයට පත් කරනවා යැයි කී සාගර ගම්මන්පිලව වීරයෙක් කරයිද…?’

තෙල් මිල වැඩි කළ වෙලාවේ උදය ගම්මන්පිලට ගහපු එකම මිනිහා සාගර නොවේ. ආණ්ඩුවේ ප්‍රබලයන් වන නිමල් ලංසා ඇතුළු බැසිල්වාදීහු බොහොමයක් ගම්මන්පිලට ආණ්ඩුවෙන් අයින් වෙන්න යැයි චැලේන්ජ් කළහ. මේ නිසාම රටේ ජනතාව මෙය දැක්කේ බැසිල් සහ උදය ගම්මන්පිල අතර සටනක් ලෙසය. ඇත්තටම උදය සහ බැසිල් අතර සටන පටන් ගත්තේ අද ඊයේ නොවේ. 2015 ජනාධිපතිවරණය පරාජය වීමත් සමගය. ඒ කාලේ උදය පමණක් නොව විමල් වීරවංශලාත් කීවේ මහින්ද පරාජය වුණේ බැසිල් නිසා බවය. වරක් උදය, විමල්, වාසු, දිනේෂ්, ඩලස් ඇතුළු පිරිසක් මහින්ද හමුවී කීවේ 2015 පරාජය බැසිල්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත්, බැසිල්ව අනාගත ආණ්ඩුවකට සම්බන්ධ නොකර ගන්නා බවට පොරොන්දුවක් දෙන ලෙසත්ය. මහින්ද සිනා සී බැසිල්ට දුරකතන ඇමැතුමක් ගෙන ඔවුන් ඉදිරිපිටම මේ කතාව කීවා මිස පොරොන්දු දුන්නේ නැත. ලංකාවට ආ බැසිල් පරාජයේ වගකීම තමා බාර ගන්නා බව කීවේය. පසුව බැසිල් පොහොට්ටුව හදා 2018 පුංචි ඡන්දය ජයග්‍රහණය කළ විට උදය ගම්මන්පිලලා, විමල්ලා, වාසුලා පොහොට්ටුවට තනියම ජනාධිපතිවරණය ජයගත නොහැකි බව කියා මෛත්‍රිපාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක් විය යුතු යැයි හඬ නැඟීය. ඒ බැසිල්ගේ පොහොට්ටු බලය දුර්වල කරන්නටය. ඔවුන් රාජපක්‍ෂ පවුලටත් කලින් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක විය යුතු යැයි ප්‍රසිද්ධියේ කීවේ දේශපාලනයේදී මහින්ද සහ බැසිල් අතර තියෙනවා වගේ බැඳීමක් ගෝඨාභය සහ බැසිල් අතර නැති බව දැනගෙනය. මහින්ද 1977 සිට දේශපාලනය කළේ බැසිල් එක්කය. ගෝඨාභය දේශපාලනය කරන්න පටන් ගත්තේ 2015ට පසුවය. එතකොට බැසිල් හිටියේ ඇමෙරිකාවේය. ගෝඨාභය දේශපාලනය කළේ උදය ගම්මන්පිලලා එක්කය. ගෝඨාව පාලනය කරන්න බැසිල්ට බැහැ කියන මතය විමල්ලාගේ, වාසුලාගේ බැසිල් විරෝධීන්ගේ ඔළුවලට කැව්වේ උදය ගම්මන්පිලය. ඒත් ගෝඨාභය ජනාධිපති වුණේ බැසිල්ගේ පොහොට්ටුවෙන්ය. ජනාධිපති වූ විගස ගෝඨාභය උදය ගම්මන්පිලව කැබිනට් මණ්ඩලයට නොගත්තේ බැසිල්ගේ බලපෑම නිසා විය හැකිය. 2020 මහ මැතිවරණයේදී සරත් විරසේකර කොළඹ එකට එද්දී විමල්ලා, උදයලා පල්ලම් බැස්සේ ගෝඨා සහ බැසිල්ගේ මෙහෙයුම් නිසා විය හැකිය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරද්දී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමට තියෙන බාධාව ඉවත් කරන්න එපා යැයි උදයලා, විමල්ලා, වාසුලා කියද්දී ගෝඨා කීවේ එය ඉවත් කළ යුතු බවය. 2019 ජනාධිපතිවරණයට කලින් තමන් නොදුටු බැසිල් – ගෝඨා බැඳීම විමල්ලා, උදයලා, වාසුලා දකින්න ඇත්තේ එතකොටය. ඔවුන් ඒත් හිතුවේ අගමැති හෝ මුදල් ඇමැති ධුරය වැනි ප්‍රබල ඇමැති ධුරයක් නොමැතිව බැසිල් පාර්ලිමේන්තු එන එකක් නැහැ කියාය. ඒත් මහින්ද මුදල් ඇමැති ධුරය පරිත්‍යාග කළේය. බැසිල් පාර්ලිමේන්තු ආවේය. දැන් බැසිල්ටත් පාර්ලිමේන්තු ආ විගස මුහුණ දීමට සිදුව ඇත්තේ ගම්මන්පිලගේ විශ්වාසභංගයටය.

‘එහෙව් බැසිල් ගම්මන්පිලට පොහොට්ටුවේ බහුතරය දීලා ගම්මන්පිලව වීරයෙක් කරයිද..’

බැසිල් පාර්ලිමේන්තු ආ විටදිත් ගම්මන්පිල බැසිල් විරෝධය යටිමඩ ගහගත්තත් බැසිල් පිළිබඳව මතය වෙනස්කර ගත් බවක් පෙනෙන්න නැත. බැසිල් පාර්ලිමේන්තු ආ දවසේ බැසිල්වත් තියාගෙන ගම්මන්පිල කීවේ තමන් වගකියන්නේ ජනාධිපතිට සහ අගමැතිට පමණක් බවය. තමන්ට වඩා ඉහළින් ඉන්නේ ඒ දෙන්නා පමණක් බවය.
ඒ නිල අල්ලලා බැසිල්ට ගහපු ගැහිල්ලකි. බැසිල් දිවුරුම් දෙන විට විමල්ලා, වාසුලා පාර්ලිමේන්තු සභාගැබේ නොසිටියේත් ද්විත්ව පුරවැසියන් සම්බන්ධ තමන්ගේ මතය තවම එලෙසම යැයි විමල් කීවේත් නිකම්ම නොවේ. ඒ කියන්නේ බැසිල් විරෝධය එළිපිට හකුළා ගත්තාට ඔවුන් බැසිල්ව සහ බැසිල්වාදීන් කෙනිත්තීම අත හැර නැත.
බැසිල්වාදීන් කියන විදියට බැසිල්ටත්, බැසිල්ගේ ගමන යන්න නම් පොදුජන පෙරමුණ උදය ගම්මන්පිලලාගෙන්, විමල්ලාගේ, වාසුලාගෙන් නිදහස් කරගත යුතුය. ඒත් විශ්වාසභංගය තුනෙන් දෙකෙන් හෝ අති බහුතරයකින් ජයග්‍රහණය කළහොත් ගම්මන්පිල ආණ්ඩුව තුළ තවත් ශක්තිමත් වේ. එම විශ්වාසභංගයේදී තෙල් මිල වැඩි කළේ උදය නොව ජනාධිපති සහ මුදල් ඇමැති යැයි සාගර කාරියවසම් ඇතුළු පොදුජන පෙරමුණටම පිළිගන්න සිදුවේ. එම තෙල් මිල වැඩි කිරීම ඇමැති මණ්ඩලයත්, ආණ්ඩුවත් එකහෙළා අනුමත කරන බව පිළිගන්න සිදුවෙයි. විශ්වාස භංගයේදී ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට සිදුවීම පොහොට්ටුවටත්, බැසිල්වාදීන්ටත් කපන්න බැරි අත සිඹින්න සිදු වූවා වගේ වැඩක්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පරණ තරහමරහ අමතක කරයි! විමල් බැසිල් එක්ක වැඩ කරන්න සූදානම් වෙයි! (VIDEO)

Next Post

පියංගලින් හමුවූ අබිතිස්සා දුටුගැමුණු රජුගෙ සියලු රහස් හෙළිකරයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.