එකම පවුලේ පස්දෙනෙකු කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරනවා.
ලොව වෙනත් කිසිම රටක එකම පවුලේ පස්දෙනකු අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය නොකරන බවද ඒ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල පැවති යහපාලන රජයට වඩා අධික ලෙස මිල ඉහළ ගොස් ඇති බවත් එනිසා ජනතාව අධික පීඩනයක සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ජනතාවගේ ආදායම් මාර්ග අඩු වී ගොස් ඇති බවත් රැකියා අහිමිවී ගොස් ඇති බවද පැවසූ ඔහු දෛනික ආදායම් ලැබූ අයගේ ආදායම් අහිමිව ගොස් ඇති බවද අවධාරණය කළේය.










