ආණ්ඩුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ලබන ඉරිදා (18) කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත අතර රැස්වීම අවසානයේ ජනාධිපතිවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිතව ඇත.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පිළිබදවද සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.










