• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කිරිඳිඔය අයිනේ RIVER FACE IN

October 7, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
කිරිඳිඔය අයිනේ RIVER FACE IN
Share on WhatsAppShare on Facebook

කතරගම දෙවියන් කෙරෙහි අපේ රටේ ජනතාව අතර තියෙන්නෙ ඉමහත් ගෞරවයක්. ඒ වගේම දෙවියන්ට පුද පූජා පවත්වල අත ගහන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම හරියනවා කියලා අපේ ජන සමාජයේ දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් හා හා පුරා කියල වාහනයක් ගත්තමත් ඉස්සරවෙලාම යන්නේ කතරගමට. ඒ නැතත් අවුරුද්දකට පාරක් හරි කතරගම ගිහිල්ලා දේව ආශීර්වාදය ගන්න බහුතරයක් ජනතාව පුරුදුවෙලා තියෙනවා.

දිනෙන් දින වැඩිවෙන බැතිමතුන් සහ සංචාරයකයන්ගෙන් පිරී ඉතිරෙන කතරගම පුණ්‍ය භූමිය වර්තමානයේදී සංචාරක පුරවරයක් බවටත් පත්වෙලා. හෝටල්, ගෙස්ට් හවුස් අඩියෙන් අඩියට. ඒත් මේ එන ජනකායත් එක්ක කතරගම නගරය ඇතුළේ හොඳ නවාතැනක් හොයන එක හරියට පෝලිමේ වරු ගානක් ඉඳල පූජා වට්ටියක් දෙනවා වගේ අමාරු වැඩක් බවට අද වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතුවා කතරගම කලබරකාරී නගරයෙන් මිදිලා නිදහසේ දෙවියන් වඳින්න යන්න කලින් නවතින්න පුළුවන් තැනක් ගැන ඔබට කියන්න.
කිරිඳිඔය අයිනෙ කුඹුක් ගස් සෙවණේ තියන සුන්දර ටී්‍ර හවුස් එකක් උඩ මංගල රැය පහන් කරල අලුතෙන් පටන් ගත්ත ජීවිතය කිසිදු බලපෑමකින් කරදරයකින් තොරව සතුටින් ගතකරන්න ලැබේවා කියල කතරගම දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න ඇත්නම් කියල බලාපොරොත්තුවක් ඔබටත් ඇති. ලොකු ලොකු ගණන් දීලා හෝටල්වල ඉන්න කාලේ පොඩි ගානකට ඔබේ බලාපොරොත්තු මල්පල ගන්වන්න පුළුවන් තැනක් තමයි තිස්සමහාරාමේ ‘රිවර් ෆේස්’ හෝටලය.

ඇත්තටම හෝටලයක් කිව්වට මෙතැනට ගිය කෙනකුට දැනෙන්නෙ තමන්ගෙම තැනකට ආවා වගේ හැඟීමක්. ටී්‍ර හවුස් එකට අමතරව නිදහසේ පස්දෙනකුට ඉන්න පුළුවන් ෆැමිලි කාමර වගේම තවත් කාමර කිහිපයක් මේ නවාතැනේ තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් කතරගම වන්දනා නඩ දෙක තුනකට පහසුවෙන් මෙතැන ඉන්න පුළුවන්.
හවස් වරුවට තිස්ස වැවේ නාලා තිස්සමාහාරාම විහාරය, දළදා වෙහෙර, මැණික් වෙහෙර වැඳපුදාගෙන කිරිඳිඔයේ කුඹුක් හෙවණෙ සැනසිල්ලේ නතරවෙලා, නිරවුල් මනසින් කතරගම දේවාලෙට යන්න හොඳම තැන තමයි මෙතැන. මේ නවාතැනේ ඉඳලා දේවාලෙට යන්න ගතවෙන්නෙ විනාඩි විසිපහක වගේ කාලයක්.

ගමේ විදියට කටට රසට කෑම වේලක රස බලන්න ඉතා පිරිසුදු ආහාර ඔබට මේ නවාතැනෙන් ගන්න පුළුවන්. කොල්ලො සෙට් එකක් වගේ එනව නම් හවස් වරුවට ඔය අයිනෙ පුංචි සාදයක් වුණත් පවත්වන්න මේ නවාතැනේ පුළුවන්. කාමර ගාන අඩු වුණාට පිරිසුදුකමේ අඩුවක් නම් මෙතැන දකින්න නෑ. මෙහෙට එන අමුත්තකුට හිතෙන්නෙ නෑ අපි මේ ඇවිත් ඉන්නෙ නවාතැනකට කියල. ඒකට හේතුව තමයි මොවුන්ගෙ පිළිගැනීම හා ආගන්තුක සත්කාර. එන අයට සලකන්නෙ හරියට තමන්ගේ කෙනකුට සලකනවා වගේ හැඟීමෙන්.

නිදහසේ විනාඩි විස්සක් විසිපහක් පොඩි ගමනක් ගිහින් දෙවියන් වඳින්න පුළුවන්කම තියෙද්දි ඇයි අපි බොරුවට නවාතැන් හොයලා තෙරපිලා දෙවියන් වඳින්න යන්නෙ. දවසක ඔබත් එන්න මෙහෙට නිදහසේ දෙවියන් වඳින්න යන්න. ඔබට හිතේවී ආයෙත් මෙතැට එන්න. අපිටත් කතරගම නෑයෙක් ඉන්නවා කියලා මෙහෙට ආවොත් අනිවාර්යයෙන් ඔබට සිතේවි.
ඔබ එනව නම් කලින් මේ අංකයට කතා කරල එන්න. ඒත් එක්කම ඔබ කන්න කැමැති කෑමත් කියන්න. ඔබ කැමැති විදියට රසට ඔබ එන විට පිළියෙල කරලා තියාවි.

නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

මෙන්න ශිරාණිගේ ‌‌පොතෙන් එළියට එන රහස්

Next Post

එදා රහස් පරීක්ෂකයා අද කෝ?

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.