• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

රාවණාටත් ඉන්න හිතුණු තැන

October 5, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
රාවණාටත් ඉන්න හිතුණු තැන
Share on WhatsAppShare on Facebook

යක්ෂ ගෝත්‍රික රාවණා රජතුමත් එක්ක බැඳුණු ජනප්‍රවාද සහිත තැන් ගොඩක් ලංකාව පුරා තියෙනවා. ඒ අතරින් අරණායක ප්‍රදේශයට හිමිවන්නෙ වැදගත් තැනක්. අරණායකට කිට්ටුවෙන්ම තියෙන රහලගල පර්වතය, තරමක් ඈතින් තියෙන දොළොස්බාගෙ කඳුවැටියට අයිති රාස්සව කන්ද රාවණා රජතුමාගෙ අඩවි හැටියට සැලකෙනවා. යක්ෂයන් හා නාගයන් අරක්ගත්තු ප්‍රදේශය අරණායක වුණු බවයි ජනප්‍රවාදයේ තියෙන්නෙ. අරණායකට කිට්ටු රහලගල කන්දත් දොළොස්බාගේ රාස්සව කන්දත් අතරෙ තියෙනවා මාතලාගල කියලා කන්දක්. මේ කන්දේ රාවණා රජතුමාට සම්බන්ධ ගල් ලෙනක් තියෙන බව අපට දැනගන්න ලැබුණා. ලෙන ගැන අපට කිව්වෙ අරණායක දෙයියන්වෙල ගමේ දයානන්ද රාජපක්ෂ මහත්මයා. ඔහු මේ පළාත ගැන හොඳින්ම තොරතුරු දන්න, කවුරුත් පිළිගන්න වැඩිහිටි කෙනෙක්.
අපි ගමනට තෝරාගත්තේ යන්න අමාරුම පාර. කන්ද නැඟගෙන කැලෑව මැදින් තේ වතු මැදින් දිය පාරවල් පහුකරගෙන යන ගමන අපූරු අත්දැකීමක් හින්දයි ඒ පාර තෝරාගත්තේ. පහසුවෙන් මේ ලෙන බලන්න එන කෙනකුට ගම්පොළ-දොළොස්බාගෙ පාරෙන් බෙරවිලට ආවොත් පයින් යන්න වෙන්නෙ කිලෝමීටරයකටත් වඩා අඩු දුරක්.

රහලගල මුඳුනේ රාවණා රජතුමාට අයිති මාලිගාවක් වගේම ඖෂධ උයනක් තිබුණු බව ජනප්‍රවාදයේ කියැවෙනවා. රහලගලේ මාලිගාවෙ ඉඳලා යකඩ කම්හල් තිබුණු බව කියන රාස්සව කන්දට රජතුමා ගිහින් තියෙන්නෙ මාතලාගල වගේම බෙරවිල කඳු පහුකරගෙන. මාතලාගලේ තියෙන ගල් ලෙන්වල රජතුමත් පිරිසත් විවේක ගන්න නැවතුණා කියලා කියනවා. දැනගත්තු විදියට අරණායක ඉඳලා එනව නම් දෙයියන්වෙල පහුකරගෙන කිලෝමීටර් හයක විතර දුරක් එතෙන්ට යන්න ඕනෑ. දෙයියන්වෙලින් පටන් ගත්තම එක දිගට කිලෝමීටර් තුනක් විතර කන්ද නඟින්නයි තියෙන්නේ.

මේ කන්ද නඟින්න පටන් ගන්නකොටම තමයි රාජපක්ෂ මහත්මයාගෙ ගෙදර මුණගැහෙන්නෙ. රාජපක්ෂ මහත්මයත් ගමනට එකතු වුණු හින්දා අපහසුවක් නැතුව පාරවල් හොයාගන්න අපට පුළුවන් වුණා. කන්ද නඟින්න පටන් අරගෙන කිලෝමීටරයක් විතර දුරක් යනකල්ම කන්ද බෑවුමේ ගෙවල් දොරවල් දැකගන්න ලැබෙනවා. ගොඩක්ම බෑවුම් මේ ප්‍රදේශය නායයෑමේ අවදානම් සහිත කලාපයක් විදියටයි නම්කරලා තියෙන්නෙ. වම් පැත්තෙන් මහා තාප්පයක් වගේ දකින්න තියෙන්නෙ දළුක්ගල පර්වතය. ගම පහුවෙනකල් පාර තරමක් හොඳ වුණත් ඉන් පස්සෙ කුඩා අඩි පාරකයි යන්න වෙන්නෙ. අපට අතරමඟදි මුණගැහුණා ගල් තලාවක් උඩ ඉදිකරපු පුංචි බුදු මැඳුරක්. එතැන පරණ කෝන් ගහකුත් තියෙනවා. ඒ තැන ගැන රාජපක්ෂ මහත්තයා කීවෙ මේ වගේ කතාවක්.


“ඉස්සර කාලෙ මෙතැන පත්තිනි දේවාලයක් තිබිලා තියෙනවා, වතු තිබුණු කාලේ. දෙමළ අයත් ගොඩක් ඉඳලා තියෙනවා. පස්සෙ දේවාලෙ කැඩිලා නටබුන් වුණා. මෙතැන පහළින් කිවුලෙ ඇළේ තියෙනවා දේවාලෙ වළ කියලා තැනක්. එතැනින් තමයි දේවාලෙට වතුර අරන් තියෙන්නෙ. පස්සෙ කාලෙ මෙතැන බුදු මැඳුරක් හැදුවේ. දන්න කියන කාලෙටත් ගොඩක් ඉස්සර ඉඳන් මේ පාරවල් අඩි පාරවල් විදියට තිබිලා තියෙනවා.

ගම පහුකරනවත් එක්කම වාගෙ පාර පුංචි අඩි පාරක් වෙනවා. ගහකොළවලින් පිරුණු තරමක කැලයක් මැදිනුයි වැටිලා තියෙන්නෙ. එළිමහන් තැනුත් නැතුවම නෙවෙයි. පාරට වම් පැත්තෙන් කිවුලේ ඇළ ගලාගෙන යනවා. පහළ නිම්නයේ ගලන මාඔයටයි ඇළේ වතුර එකතුවෙන්නෙ. කිවුලේ ඇළට ටිකක් කිට්ටුව තියෙනවා කුදිර පල්ලම කියලා තැනක්.

“සුද්දගෙ කාලෙ අස්සයො පිටින් තමයි මෙහෙ තිබුණු වතුවලට ගිහින් තියෙන්නෙ. එහෙම යද්දි සුද්දෙක් අස්සයත් එක්කම කන්දෙන් පහළට පෙරළිලා. එදා ඉඳන් තමයි මෙතෙන්ට කුදිර පල්ලම කියන්නෙ” එහෙම කීවෙ අපිත් එක්ක ගමනට එක්වුණු රාජපක්ෂ මහත්මයා.
කන්ද නැඟගෙන මුදුනට යන අතරෙ අපිට මුණගැහුණෙ හරිම ලස්සන තැනක්. ඇත්තෙන්ම එතැන මාතලාගලත් බෙරවිල කන්දත් අතරෙ තියෙන පුංචි මිටියාවතක්. කන්ද නඟින අතරෙ අපි පහුකරගෙන ආපු කිවුලෙ ඇළ මේ මිටියාවත මැදින් ගලාගෙන යනවා. ඒ වගේම රහලගල පහුකරගෙන ඈතින් ඈතට පෙනෙන කඳුවැටිවල දර්ශනයත් හරිම අපූරුයි. මාතලාගලේ රාවණා ලෙන තියෙන ඉසව්ව මෙතැනට පෙනුණත් තේ වතුයාය පහුකරගෙන තවත් කිලෝමීටරයක් විතර එතන්ට යන්න වෙන බව තමයි අපේ මඟ පෙන්නවන්නා කියන්නේ.

තේ වතු මැද්දෙන් කඳු බෑවුම් හරහා ගිය අපි අන්තිමේදී මාතලාගල බෑවුමේ තියෙන ගල් ලෙනට ළඟා වුණා. ලෙන ගහකොළවලින් ආවරණ වෙලයි තියෙන්නෙ. ඒ හින්දා ඈතට පෙනෙන්නෙ නැහැ. ලෙන ඉස්සරහින්ම තියෙන්නෙ ලොකු නා ගහක්. අද මේ ලෙන ඇතුළෙ කුඩා දේවාලයක් දැකගන්න ලැබෙනවා. වහලා තිබුණු හින්දා ඇතුළ බලන්න නම් පුළුවන් වුණේ නැහැ. ලෙන් පියස්සේ කටාරම් කොටපු සලකුණුත් දැකගන්න පුළුවන්. හිටපු පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහත්මයා තමන්ගෙ කෑගලු පුරාවිද්‍යා වාර්තාවෙ බෙරවිල කන්දේ දේවාලය කියලා හඳුන්වන තැනක් තියෙනවා. ඒ කාලෙ වන්දනාකරුවන් පූජාකරපු පරණ ඊතල, පිහි, කඩු ඇතුළු වෙනත් පූජා ද්‍රව්‍ය සිය ගණනක් මේ දේවාලය ඇතුළෙ තිබුණු බව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නෙ දැනට අවුරුදු 130කට විතර ඉස්සර කාලෙක.

පර්වත බෑවුම දිගේ තවත් ඉස්සරහට ගිය අපට දකින්න ලැබුණෙ තරමක් විශාල ගල් ගුහා දෙකක්. ඒවා පස්වලින් පිරිලා. මේ ලෙන්වලට තරමක් එහායින් පර්වත බෑවුමේ තියෙන තවත් ගල් ලෙනක් ගහකොළවලින් ආවරණ වෙලා තිබුණා. ඒ වගේම ලෙන ඉදිරියේම ගරාවැටුණු බිත්තිත් ඉතුරුවෙලා තිබුණා.

“රාවණා රජ්ජුරුවො රාස්සාවට යන අතරෙ ලැගුම්ගත්තු තැනක් තමයි මේ ලෙන. රාස්සාවෙත් යක්ෂ ගෝත්‍රිකයො ඉඳල තියෙනවා. පස්සෙ කාලෙක හයදහසක වැදි සෙනගක් මාතලාගලේ ගල් ගුහාවල හිටියලු. කන්දෙ අනෙක් පැත්තෙ බෑවුමෙත් ගල් ගුහා තියෙනවා. වැදි ජනතාව කියන්නෙත් යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවැතෙන අයනේ. ඒ කියන්නේ දිගටම යක්ෂ ගෝත්‍රික අය තමයි මේ ලෙන්වල ඉඳල තියෙන්නේ.

මේ පළාතෙ ඔක්කොම අය ඉස්සර ගොවිතැන් කරගෙනයි හිටියේ. ගොවිතැන් කටයුතුවලින් පස්සෙ හරක් ගෙනත් දාන්නෙ කඳුවල කැලෑවලට. හරක් නැතිවුණොත් මෙතැනට බාරහාර වෙලා පූජාවක් කරනවා, කන්දේ දෙයියන්ගේ පිහිටෙන් හරක් ටික ආපහු එන්ට කියලා. පහුවදා උදේට හරක් ටික ඇවිල්ලා ඉන්නවා. ඉස්සර පෙබරවාරි මාසෙට මෙතැන කැලේ සුද්දකරලා විළඳ, මීපැණි පූජාවක් කරනවා ගොවිතැන් කටයුතු ඇතුළු හැම දේම සරුවෙන්ට කියලා. බොහොම බලගතු තැනක් මෙතැන.” රාජපක්ෂ මහත්මයා මෙතැන ගැනත්, මෑතක් වෙනකල්ම කරපු පූජාවක් ගැනත් තොරතුරු කීවෙ ඒ විදියට.

මුල් කාලෙදි යක්ෂ ගෝත්‍රිකයන්ගෙ වාසස්ථාන වුණු මෙතැන පස්සෙ කාලෙදි මිනිසුන් දෙවියන් පුදන තැනක් හැටියට ප්‍රයෝජනයට ගත්ත බවයි පෙනෙන්නෙ. සමහරු කියන්නෙ මේ විදියට දේවත්වයට පත්වෙලා පුද සත්කාර ලබන්නෙ රාවණා රජ්ජුරුවො කියලයි.
ගල් ලෙනේ කටාරම් කොටල තියෙන්නෙ රාවණා යුගයෙන් පස්සෙ කාලෙක වෙන්න පුළුවන්. ඉතිහාසයට අනුව බොහෝ වෙලාවට කටාරම් කොටලා ලෙන් පූජා කරලා තියෙන්නෙ භික්ෂුන් වහන්සේලාට. දෙයියන්වෙල වගේම මේ ප්‍රදේශයෙත් වළගම්බා රජතුමා හා බැඳුණු ජනප්‍රවාද අසන්නට ලැබෙනවා. වළගම්බා රජ්ජුරුවො මේ ප්‍රදේශය හරහා සිරිපා අඩවිය දක්වාම බෝධින් වහන්සේලා රෝපණය කරපු බව ජනප්‍රවාදයේ සඳහන්. දැනට දෙයියන්වෙල දකින්නට තියෙන හාස්කම් බෝධියත්, බෙරවිල බෝධියත් ඒ කාලෙ රෝපණය කරපු බෝධින් වහන්සේලාගෙන් පැවැතෙන ඒවා බව කියැවෙනවා. ඒ කාලෙදිම කටාරම් කොටලා භික්ෂුන් වහන්සේලාට ලෙන් පිදීමක් සිදුවුණා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඉතිහාස තොරතුරු වගේම ජනප්‍රවාද ආශ්‍රය කරගෙන තවදුරටත් ගවේෂණ කරන්න පුළුවන් තැනක් බවයි අපට පෙනුණේ.

මාතලාගලේ ලෙන් ටික බලාගෙන අපි ආපහු එන්න පිටත් වුණා. අරණායක ඉඳලා පැය හයක විතර ගමනක්. කන්ද බැහැලා කෙළින්ම අපි ගියේ මාඔයට. නාන්න ඕනෑ තරම් තැන් මාඔයේ තියෙනවා. සමහර තැන් ගොඩක්ම ගැඹුරුයි. ආරක්ෂිත තැනක් තෝරාගන්න ඕනෑ. තවත් දෙයක් කියන්න තියෙනවා. මාඔයේම තවත් ටිකක් ඉහළින් තමයි අසුපිණි ඇල්ල පිහිටා තියෙන්නේ. හැබැයි තවත් කිලෝමීටර් දෙකහමාරක් විතර කන්දේ බෑවුම හරහා ඉහළට යන්න වෙනවා. අපහසුවක් නැත්නම් මේ සංචාරයටම අසුපිණි ඇල්ලත් එකතු කරගන්න අමතක කරන්න එපා.

මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

ලංකාවේ හමුදා විදෙස් රටවල් අල්ලපු හැටි

Next Post

මෛත්‍රිගේ විභාගයේ උත්තරය ‌මෛත්‍රීමයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.