රසායනික පොහොර ආනයන කිරීමට රජය මෙතෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනාධපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.
”රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය වල පැතිර යන පුවත් සම්පුර්ණයෙන් අසත්‍යයි. කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.”
කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරෙන තෙක් රසායනික් පොහොර ආනයනය කිරීමට රජය තීරණය කලේ යයි සමාජ මාධ්‍ය වල පල වූ වාර්තා ගැන ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.










