හෙට දිනයේ සිදු කෙරෙන බැසිල් රාජපක්ෂ මහතාගේ දිව්රුම් දීමත් සමග අමාත්‍යංශ ලේකම් ධූර කිහිපයක වෙනස්කම් සිදුකිරීමටද සැලසුම් කොට ඇත.
ඒ අනුව මෙතෙක් අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය ධූරය දරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් පත්කිරීමට නියමිතය.
මෙතෙක් මුදල් අමාත්‍ය ධූරය දැරූ එස්. ආර්. ආටිගල මහතා අලුතින් නිර්මාණය කොට අගමැතිවරයා යටතට පත්කරන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් පත්කිරීමට නියමිතය.
ඒ අනුව ගාමිණී සෙනරත් මහතාගෙන් හිස්වන අගමැති ලේකම් ධූරයට සුපුරුදු පරිදි ලලිත් වීරතුංග මහතා පත් කිරීමට නියමත බව දැනගන්නට ඇත.










