හෙට (08) දිනයේ මුදල් අමාත්‍ය ධූරයේ දිවූරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතාද නැවත වතාවක් දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මුදල් අමාත්‍ය ධූරයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කොටස වෙනම අමාත්‍යංශයක් ලෙස නිර්මාණය කොට එය අගමැතිවරයා යටතට පත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව විෂයයන් ගණනාවක් අගමැතිවරයා වෙත පැවරීමට මේ හරහා පියවර ගනු ඇති බවද දැනගන්නට ඇත.










