ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම හෑල්ලූවට ලක්කරන මැති ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට දොර විවෘත කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.
අගමැතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළ ගැටලුවක් ඇතිනම් ඒ බව ඇතුළේ නොකියා ප්‍රසිද්ධියේ කීම පිළිගත නොහැකි බවකි.
අග‍්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් තියෙනවානම් ඒ ගැන නොකියා එය රටට ප‍්‍රසිද්ධ කරන ක‍්‍රමවේදය කවුරුත් පිළිගන්නේ නැහැ.
මෙහෙම ප‍්‍රසිද්ධ කරන්නේ විශාල ප‍්‍රචාරයක් ලබාගෙන ජනතාවගේ සැබෑ වීරයෙක් වගේ පෙනී සිටීමටයි.’ යනුවෙන් අගමැතිවරයා කියා සිටියේය. -දිවයින










