පසුගිය රජය සමයේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් බාරයේ සිටි අර්ජුන් ඇලෝෂියස් මහතාගේ මෙන්ඩිස් අරක්කු සමාගමට යළිත් වතාවක් එම බලපත්‍රය ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා චෝදනා කර සිටියේය.
මෙහි ඇති කනගාටුදායක කරුණු ලෙස ඒ මහතා පෙන්වා දුන්නේ ගොවීන්ට වගා කිරීමට පොහොර නැති පසුබිමක අරක්කු ගෙදරටම ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් පවා සකස් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබූ බවය.










