බැසීල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණියා කියා රටට සුරබි දෙන පහළ නොවන බව ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.
වත්මන් අමාත්‍ය ධුර නිර්මාණය කළේත්, ඒවාට පුද්ගලයන් පත් කළේත්, විහිළු සහගත අමාත්‍යංශ නිර්මාණය කළේත් බැසිල් රාජපක්ෂ මහතා බවද ජයසේකර මහතා කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයක් අද නොමැති බව කී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලනිපය පසෙකට තබා තිබීම ගැන කනගාටු වන බවද කීය.










