බැදුම්කර චෝදනාවට ලක්වූ පිරිස යළිත් වතාවක් කරළියට පැමිණ ඇති බවත්, වසා දමා තිබූ අරක්කු සමාගමක් සුබ මොහොතින් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් රවී කුමුදේශ් මහතා අනාවරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සමාගම බැංකුවලට තිබූ ණය ගෙවා නැති බවත්, බිලියන ගණනක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවා නැති බවත්ය.
ඒ අනුව බැදුම්කර හොරු වර්තමාන ආණ්ඩුව සමගද ඩීල් දමා ඇති බව මේ හරහා පෙනී යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










