බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ මුදල් සම්බන්ධ අමාත්‍ය ධූරයක් දැරීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මත කිහිපයක් මතුව ඇති බව දැකගන්නට තිබේ.
ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් ඒ සදහා පෙනී සිටින අතර තවත් පාර්ශ්වයක් ඊට විරෝධය පළ කරන ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ සියල්ලටම මැදිහත් විය හැකි අමාත්‍ය ධූරයක් බැසිල් රාජපක්ෂ මහතාට හිමි වනු ඇති බවකි.
කෙසේවෙතත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ තවම එවැනි තීන්දුවක් ගෙන නොමැති බවකි.










