කොවිඩ් වසංගත හේතුවෙන් දැඩි නීති පනවා තිබු පසුබිමක එම නීති උල්ලංඝනය කළ බවට පිළිගනිමින් සිය කාර්යාලයේ සේවිකාවක් සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන ජායාරූපයක් පසුගියදා එරට මාධ්‍ය මගින් වාර්තා කර තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට භාරදී තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුනේ එම ලිපිය ලැබීම ගැන තමන් කනගාටු වන බවයි.
“වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපි රටක් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ බවට,” සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් එම ලිපියේ සඳහන් කර තිබේ.
” මෙම වසංගතයේදී බොහෝසෙයින් කැපවීම් කළ පුද්ගලයින්ට අප ණයගැති වන්නෙමු. නමුත් ඔවුන් ගේ විශ්වාසය බිඳ වැටෙන අයුරින් කොවිඩ් නීති උල්ලංඝනය වනවා. ඒ මම කටයුතු කළ ආකාරය නිසා” යැයි මැට් හැන්කොක් සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.











