ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන තිස්සමහාරාම වැව පිරිසිදු කිරීමේකටයුතු අත්හිටුවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුරා මනතුංග පවසන පරිදි පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර දෙපාර්තමේන්තුවෙන් පූර්ව අවසරය ලබාගෙන නොමැත.
“වැඩ නතර කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගන්නා ලෙස අපි අදාළ පාර්ශවයන්ට දැනුම් දී තිබෙනවා.” යැයි ඒ මහතා පැවසීය.
තිස්සමහාරාම වැව පිරිසිදු කිරීම ඉදිරියට ගෙන යාමට ඉඩ දෙන්නේ අදාළ ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීමෙන් පසුව පමණක් බව ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නම්, ඒවා ඉදිරිපත් කිරීමෙන් පසුව එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් චීන හමුදා ඇදුම්වලට සමාන ඇදුම් ඇදගත් නිලධාරීන් පැමිණ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවට සිරස මාධ්‍ය ජාලය රූපරාමු සහිතව පළ කිරීීම හේතුවෙන් පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් මතුව තිබිණ.










