• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඇර සිල්වා ඇර’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 26, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 6 mins read
A A
‘ඇර සිල්වා ඇර’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2005 ජනාධිපතිවරණ කැම්පේන් එක උණුසුම් වෙද්දී යූ.ඇන්.පී. අපේක්‍ෂක රනිල්ගේ කැම්පේන් කමිටුව ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය.

‘අපේ ලොකුම ශක්තිය කොළඹ නගරය. ඒත් කොළඹ හැම තැනම මහින්දගේ පෝස්ටර්. හරියට 1988 ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පෝස්ටර් ගැහුවා වගේ කොළඹ තාප්ප ඔක්කොම මහින්ද අල්ලගෙන…’

කැම්පේන් කමිටුවේ ප්‍රබලයෙක් කීවේය.

‘පෝස්ටර් ගැහුවට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ…’

රනිල් කීවේ පෝස්ටර්වලට ඇති අකැමැත්ත ප්‍රකාශ කරමිනි.

‘මම දන්නවා පෝස්ටර් දුන්නාට ඇලවෙන්නේ නැහැ. ඡන්දෙට පස්සේ මන්ත්‍රිලාගේ ගරාජ්වලින් පෝස්ටර් හොයාගන්න පුළුවන්…’

රනිල් කීවේ කේන්තියෙනි .

‘ඒත් මේකට මොනවා හරි කරන්න ඕනෑ. ලංකාවේ වටෙන්ම කොළඹට එන මිනිසුන්ට පේන්නේ මහින්දගේ මූණ…’

කැම්පේන් කමිටුවේ බහුතරයක් කීහ.

‘කවුද මහින්දගේ පෝස්ටර් වැඩේ කරන්නේ…’

රනිල් ඇසීය.

‘භාරත ලක්‍ෂ්මන්…’

කමිටුවේ අයෙක් කීවේය.

‘එහෙනම් ඔය වැඩේ හරියට කරන්න ඕනෑ නම් දුමින්දට දෙන්න. මිනිහා කොල්ලෝ දම්මල මහින්දගේ පෝස්ටර් වහල ගහයි…’

රනිල් උපදෙස් දුන්නේය. රනිල්ගේ පෝස්ටර් වැඩේ බාර දුන්නේ එවකට යූ.ඇන්.පී. පළාත් සභා මන්ත්‍රි දුමින්ද සිල්වාටය. ඔහු මුළු කොළඹම රනිල්ගේ පෝස්ටර්වලින් වැහුවේය.

‘මහින්ද අයියා අරූ අපේ පෝස්ටර් වහනවා…’

භාරත මහින්දට කීවේය.

මහින්දත් ඉවසගෙන සිටියේය. මහින්ද 2005 ජනාධිපතිවරණය දින්නේය. මහින්ද දින්නත් දුමින්දගේ අයියා රෙනෝ ද සිල්වාගේ ‘හිරු’ ගුවන්විදුලිය යූ.ඇන්.පී.යට කඩේ යෑම නතර කළේ නැත. මහින්ද හිටියේ රේනෝගේ රේඩියෝවට ඇහැ ගහගෙනය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හම්බන්තොට ආක්‍රමණය කොට කැලෑවල සැඟව සිට හම්බන්තොට වැසියන්ට පහර දීමේ සූදානමක් ඇතැයි රේනෝගේ රේඩියෝව බ්‍රේකින් නිවුස් එකක් දැම්මේය. මහින්ද රේඩියෝවට ගේම දෙන්න වෙලාව බල බලා හිටියේය. දෙන දෙයියා මහින්දගේ අතටම ගෙනත් දුන්නා වගේ රේනෝගේ රේඩියෝ ලයිසන් එක තහනම් විය. ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් කියා ජනතාව ප්‍රකෝප කරන ව්‍යාජ පුවත් නිර්මාණය ලයිසන් එක තහනම් කරන්න හේතුව විය. රේනෝ රනිල්ගේ පිළිසරණ පැතීය. රනිල්ට කළ හැකි දෙයක් නොවීය. රේනෝ මල්ලි දුමින්ද සිල්වාව මහින්ද ළඟට යැවීය. දුමින්ද සිල්වා රනිල්ට සහ යූ.ඇන්.පී.යට නැති වෙන්න ගැහුවේය. වැඩි කලක් ගියේ නැත. යළිත් රේනෝට රේඩියෝ බලපත්‍රය ලැබුණි. දුමින්ද මහින්ද ළඟට පැමිණීම එවකට මහින්දගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් ඉවසුවේ නැත. මහින්දත් භාරතව තරහ කර ගන්න බැරි නිසා දුමින්දව ඕනෑවට වඩා ළඟට ගත්තේ නැත. ඒත් සිල්වා පවුල දේශපාලනය කරන්නේ නායකයෝ එක්කය. මහින්දට ළං වීම අමාරු බව දැන ඔවුන් ළං වූයේ ගෝඨාභයටය. 2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු ගෝඨාභය නාගරික සංවර්ධන අධිකාරිය බාර ගෙන කොළඹ ලස්සන කරන ව්‍යාපෘතියක් කළේය. මෙයට කොළඹ සම්ප්‍රදායික ශ්‍රීල.නි.ප. ප්‍රබලයන්ගේ සහාය ලැබුණේ නැත. යූ.ඇන්.පී.යෙන් ආ කොළඹ ප්‍රබලයන් වූ මිලින්ද මොරගොඩ, දුමින්ද සිල්වා ගෝඨාට සමීප වන්නේ කොළඹට ආ ගෝඨා ආණ්ඩුව තුළත් ශ්‍රීල.නි.ප.ය තුළත් අනාරක්‍ෂිත බව දැනගෙනය. දුමින්ද ගෝඨාභය හරහා කොළොන්නාවට බහින්න සමත් විය. භාරත අසරණ විය. ඔහුගේ පාක්‍ෂිකයන්ද සල්ලි වීසි කරන දුමින්ද වටේ රොක් විය.

2010 මහ මැතිවරණයට දුමින්දට මහින්දගෙන් නාම යෝජනා ලැබුණි. දුමින්ද කොළඹින් අති විශාල මනාප ලබාගෙන තේරී පත් විය. දුමින්දගේ ඡන්ද සටනේ ප්‍රධාන තරුව වන්නේ ගෝඨාභයය. 2010 මහ මැතිවරණය අවසන් වී ආණ්ඩුව පිහිටු වූ විගස ගෝඨාගේ උපදෙස් මත මහින්ද දුමින්දට ආරක්‍ෂක අමාත්‍යාංශයේ මොනිටරින් තනතුරක් දෙන්නේ ගෝඨාගේ කොළඹ ලස්සන කරන ගේමට උදව් ගන්නටය.

දුමින්ද මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් 2010 ජනාධිපතිවරණයේදී කොළඹ පෝස්ටර් මෙහෙයුම බාර ගත්තේද භාරතගේ තටු කපමින්ය. 2010 ෆොන්සේකා හිරේට ගිය පසු ෆොන්සේකාට පක්‍ෂ, විපක්‍ෂයේ විරෝධතා වර්ධනය කරන්න එන්නේද දුමින්දගේ කොල්ලෝය. වැඩි දවසක් යන්න කලින් භාරත මහින්දගේ අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවෙන් කැපී ගියේය.

භාරත තමන්ට සිදු වී ඇති අසාධාරණය කිව්වේ ශ්‍රීල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් වන පක්‍ෂ මහලේකම් මෛත්‍රිපාල, නිමල් සිරිපාල, ෆවුසි වැනි අයටය. ඔවුහු කොළොන්නාවේ දුමින්දට එරෙහිව කඳවුරු බඳින්න තීරණය කළහ. කොළොන්නාව නගර සභා ඡන්දය එන්නේ මේ සටන පටන් ගන්නා විටදීය. පක්‍ෂ මහලේකම් මෛත්‍රිපාල, නිමල් සිරිපාල, ෆවුසි ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ භාරත ලක්‍ෂ්මන්ගේ අපේක්‍ෂකයන්ට සහාය පළ කරද්දී දුමින්ද තම අපේක්‍ෂකයන් දිනවන්න යන්නේ ගෝඨාභය ඇතුළු යූ.ඇන්.පී.යෙන් ආ කොළඹ ප්‍රබලයන් සමගය. අන්තිමේදී මේ සටන මහා ද්වන්ද යුද්ධයක් බවට පත් වේ. භාරත ලක්‍ෂ්මන් ඝාතනය වන්නේ මේ යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන්ය. ඇත්තටම ශ්‍රීල.නි.ප.ය පුපුරන්න ඉරි තළන්නේ මෙතැනින්ය. මෛත්‍රිපාල සහ රාජපක්‍ෂවරු අතර වෛරය දලුලන්නේ මෙතැනින්ය.

භාරත ඝාතනය වීමෙන් පසු දුමින්ද සිල්වාව විදේශ රටකට යවා ඔහුව බේරගන්න මහින්දගේ ආණ්ඩුව ගහන ගේම් හමුවේ මෛත්‍රිපාල ඇතුළු ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ රතු කට්ට පනී. යූ.ඇන්.පී.යෙන් කඩාගෙන ඇවිත් මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ රාජිත ද භාරතගේ පුද්ගලික මිත්‍රයෙකි. එවකට හෙළ උරුම නායක මහින්දගේ ආණ්ඩුවේ ඇමැති චම්පික රණවකද දුමින්ද සිල්වාව නොඉවසපු අයෙකි. මොවුන් එක් වී 2015 ජනාධිපතිවරණයේදී ආණ්ඩුවෙන් එළියට එන්නේ දුමින්ද සිල්වා ශ්‍රීල.නි.ප.යට රිංගා පත්තු කරපු බෝම්බයෙන්ය. ඒ වගේම යුද්ධය දිනපු මහින්දගේ ප්‍රතිරූපය 2015 වෙනකොට වැටෙන්න පටන් ගත්ත ප්‍රධාන හේතුවක් වන්නේද දුමින්දව ආරක්‍ෂා කිරීමට මහින්දගේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසාය. භාරත ඝාතනය වීමෙන් පසු මහින්දගේ ආණ්ඩුව රේනෝ සිල්වාට ටී.වී. ලයිසන් එකක්ද දෙන අතර, සිල්වා පවුලේ මාධ්‍ය බලයට අභියෝග කරන්න ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ට නොහැකි විය. එහි ප්‍රතිඵලය මහින්ද පරාජය වීමය.
මෛත්‍රි ජනාධිපති වීමෙන් පසු මුළු රටේම මෛත්‍රි සහ රනිල්ගේ ආණ්ඩුව ජන ප්‍රසාදයට පත් කරන්නේ දුමින්දට එරෙහි අධිකරණ තීන්දුවෙන්ය. එකල මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ එස්.අයි.එස්. ජනමත විමසුම්වලට අනුව තීන්දුවෙන් පසු මෛත්‍රිපාල ඉන්නේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහිය. ඒත් වැඩි කලක් යන්න මත්තෙන් රනිල් සමග ප්‍රශ්න ඇති කරගෙන මෛත්‍රි රාජපක්‍ෂලාට සමීප වන විට සිල්වා පවුලද රාජපක්‍ෂලා හරහා මෛත්‍රීට සමීප වීමට සමත් විය. රේනෝගේ රේඩියෝව සහ ටී.වී. එක රාජපක්‍ෂලා යළි බලයට ගෙන එන්න වැඩ කරද්දී රාජපක්‍ෂලාගේ ඉල්ලීම මත දුමින්ද සිල්වාව නිදහස් කරන්න මෛත්‍රි එකඟ වුවත් ඔහු මහජන අප්‍රසාදයට ලක්වේය යන බයේ එය කළේ නැත.

රේනෝ සිය මාධ්‍ය ජාලය රාජපක්‍ෂලා වෙනුවෙන් කැප කරන්නේ රාජපක්‍ෂලා යළි බලයට ආවොත් දුමින්ද සිල්වා නිදහස් කරන බවට පොරොන්දු කරගෙනය. ගෝඨාභය ජනාධිපති වූ විගස පළමු නිදහස් දිනයේ පොරොන්දුව ඉටු කරයි කියා සිල්වා පවුල බලාගෙන හිටියත් මෙය කරන්න ගියොත් තමාට ඡන්දය දුන් පාවෙන, තරුණ ඡන්දදායකයන් ඉදිරියේ තමා අප්‍රසාදයට පත් වෙයි යැයි ගෝඨා බය විය. මෙය කළොත් අධිකරණයද කැලඹෙන බවට අධිකරණ ඇමැති අලි සබි්‍ර දෙන උපදෙස්ද ගෝඨා පිළිගනියි. පොරොන්දු වූ පරිදි දුමින්ද නිදහස් කරන ලෙස මහින්දත් රාජපක්‍ෂ පවුලත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුත් පාර්ලිමේන්තුවේ ලිපියකට අස්සන් කරන්නේ ගෝඨාට බලපෑම් කොට පොරොන්දුව ඉටු කරවා ගන්නටය. ඒත් ජනාධිපති වී වසර දෙකකට ළං වෙනකොටත් ගෝඨා එය කරන්න අදිමදි කරමින් සිටියේය. එහෙත් තමා දුන් පොරොන්දුව කඩනොකරන බව ඔහු සිල්වා පවුලට දැනුම් දුන් බවට මාධ්‍ය වාර්තා පළ විය. දැන් ආණ්ඩුව ඉන්නේ ජනතාව අතර අන්ත අප්‍රසාදයට ලක්වෙලාය. ජනතාව දිනා ගන්නවාට වඩා සිල්වා පවුලේ මාධ්‍ය ජාලය හරහා හයිය පෙන්වන එක ලෙහෙසි බව ගෝඨාටත් වැටහී යන්න ඇත. හැබැයි 2015 මහින්දට ගෙදර යන්න සිද්ධ වූයේ දුමින්ද සිල්වා ශ්‍රීල.නි.ප.ය තුළ පත්තු කළ බෝම්බයෙන්ය. එහෙව් දුමින්ද නිදහස් කිරීම ගෝඨාභයට ආදරය කළ පාවෙන, තරුණ අලුත් ඡන්දදායකයන් අතර පත්තු කළ බෝම්බයක් වගේය.

මේ ඡන්දදායකයන් පමණක් නොව 69 ලක්ෂයම ඉල්ලා සිටියේ බැඳුම්කර හොරු අල්ලන්න කියාය. පාස්කු බෝම්බයේ මහ මොළකරු අල්ලන්න කියාය. බඩු මිල අඩුකරන්න කියාය. රට සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානය කරන්න කියාය. මේ කිසි පොරොන්දුවක් ඉටු නොකොට දුමින්දව නිදහස් කිරීමේ පොරොන්දුව ඉටුකිරීම 69 ලක්ෂයට පිටිපස්සෙන් පිහියෙන් ඇන්නාට සමානය.

‘දුමින්ද සිල්වා 2024ත් රාජපක්‍ෂලාව ගෙදර යවයිද..?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මහින්දාගමනය දින සිදුවූ දුමින්දාගමනය නම් ගෝඨාගේ ඡන්ද පදනම පුපුරුවන මරාගෙන මැරෙන බෝම්බයකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සොබාදහම බුදු දහම සහ ජ්‍යෝතිෂය

Next Post

යහපාලනයටත් වඩා මේ ආණ්ඩුව පිරිහිලා! ජනතාව උස්සලා පොළොවේ ගහලා! රුවන්වැලි සෑ දිවුරුම ජනපති අමතක කරලා! -බෙංගමුවේ හිමිත් කරළියට

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.