එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් අතර පසුව වික්‍රමසිංහ මහතා සිය අසුනට යද්දී ආණ්ඩුව පැත්තෙන් ජයඝෝෂා නගනු දැකගත හැකි විය.
පසුව වික්‍රමසිංහ මහතා විපක්ෂයේ අංක 13 දරන ආසනයේ අසුන්ගනු දැකගන්නට ලැබිණ.










