• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුරෝපා කොමිසම ජී.එස්.පී. ‘ප්ලස්’ එකෙන් ලංකාව ‘මයිනස්’ කරයිද?

June 22, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
යුරෝපා කොමිසම ජී.එස්.පී. ‘ප්ලස්’ එකෙන් ලංකාව ‘මයිනස්’ කරයිද?
Share on WhatsAppShare on Facebook

‘හෙණ සහ ගිනිගෙඩි’ යනු ලොව අතිශය භයංකාර ස්වභාවික උපද්‍රවයන්ය. හෙණවලින් උපදින්නේ ගින්දර මෙන්ම, ගිනිගෙඩිද එලෙසම ගිනිජාලා මවයි. ගිනිගෙඩි හැදෙන්නේ ගිනිකඳු පිපිරීමෙන්ය. කෙසේ වෙතත් අපේ රටට නම් ‘හෙණ’ තිබුණත්, ගිනිකඳු උපද්‍රවයන් නොමැත. මෙහිදී එලෙස අප කතා කරන්නේ ස්වාභාවික ආපදාවන් ගැනය. එහෙත් එතැනින් එහාට ගිය මෙම ‘හෙණ සහ ගිනිගෙඩි’ කතාව නම් අපේ රටටම ආවේණික එකකි. මේ ‘හෙණ සහ ගිනිගෙඩි’ අපේ ශ්‍රී ලංකාවට කඩාපාත් වන්නේ ජාත්‍යන්තර දේශපාලන පීඨිකාවෙනි. පසුගිය කාලයක් පුරාම රටට කඩාගෙන පාත්වූයේ ‘මානව හිමිකම් ගිනිගෙඩිය’ වන අතර, තවද එහි නිමක් නැත. මෙවැනි වටාපිටාවක් තිබියදී මෙයට දින කිහිපයකට ඉහතදී තවත් ගිනිගෙඩියක් කඩාපාත් වන්නට ගත්තේය. එය නම් ‘ජී.එස්.පී. ගිනිගෙඩිය’ යි. මෙය මීට වසර 07කට පමණ ඉහතදීද ශ්‍රී ලංකාවට දිගට, හරහට කඩාපාත් වුණත් පසුව නිසොල්මන් විය. එහෙත් දැන් නැවැත එහි ගිනි ජාලා අප රට වෙළාගන්නට සැරැසෙයි.

‘ජී.එස්.පී.’ ජී.එස්.පී’ යැයි අතෝරක් නැතිව කෑගසන මෙම වදන කුමක්ද? අපගේ ජනතාව බහුතරයක්ම මෙම වචනය අකුරු තුනක එකක් යැයි දැන සිටින නමුත්, මෙහි සැබෑ හැඩරුව ගැන නිසි අවබෝධයක් නොමැත. මෙය එක්තරා ආකාරයක යම් ‘බදු සහනයක්’ ගැන කියැවෙන වගතුගක් බැව් සමහර පිරිස් නම් දනිති. ඒ නිසා මේ ගැන යමක් සංකීර්ණව සොයා බලමු. ඉංග්‍රීසි බසින් පැවසෙන GSP යන කෙටි වදනින් ප්‍රකාශ වන්නේ, ‘Generalized Sytem of Preferences’ යන අරුතය. මෙය සිංහල බසින් අර්ථ ගැන්විය හැක්කේ ‘අභිමතයන්ගේ සාධාරණීය යෝජනා ක්‍රමය’ යන්නක් බැව් ප්‍රකාශ කළ හැකිය. එවැනි සිංහල වදනක් භාවිත නොවුණත්, එය අපගේ ‘මව්රට’ පාඨකයන් උදෙසා අපි නිර්වචනය කර තැබුවෙමු. එය නිවැරැදි යැයි අපි විශ්වාස කරමු.

කෙටි සරල ආකාරයකින් සඳහන් කළහොත් ‘ජී.එස්.පී.’ යනු එක්තරා බදු යෝජනා ක්‍රමයකි. එහෙත් මෙය ජාත්‍යන්තර බදු යෝජනා ක්‍රමයක් බැව් අප ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතුය. තවත් ආකාරයකින් පැවසුවහොත් රටවල් රාශියක් එකට සම්බන්ධ කරන ප්‍රබල, විශ්වීය බදු යෝජනා ක්‍රමවේදයක් ලෙසද සැලකිය හැකිය. මෙය දැනට ලෝකයේ තිබෙන ධනවත්, සංවර්ධිත රටවල්වලින් ලෝකයේ ඇති දුප්පත්, සංවර්ධනය වන රටවල් සඳහා ලබා දෙන සහන බදු යෝජනා ක්‍රමයකි. මෙය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1971 වසරේදී වන අතර, එනම් එම වැඩපිළිවෙළට දැනට හරියටම වසර 50ක් සපිරී ඇත. එනම් එය සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙය මුලින්ම ආරම්භ කිරීමට මුල් වූයේ යුරෝපීය ප්‍රජාව වන අතර, එනම් යුරෝපීය රාජ්‍ය පාලන තන්ත්‍රයයි. ආරම්භයේදී ප්‍රධාන යුරෝපීය රටවල් කිහිපයක් පමණක් එකට එක්වී, දුප්පත් එහෙත් සංවර්ධනය වන රටවල් කිහිපයක් සඳහා පමණක් ආරම්භ කළ වැඩපිළිවෙළ පසුව කාලය යත්ම ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. එනම් වැඩපිළිවෙළ සඳහා තවත් ධනවත් රටවල් රාශියක්ද එක්වන්නට ගත්තේය.

ලෝකයේ දියුණු වන රටවල්වලට සාධාරණ වෙළෙඳ අභිමතයන් ලබා දීම ‘ජී.එස්.පී.’ වැඩපිළිවෙළෙහි ප්‍රධාන අභිමතාර්ථය වෙයි. එය ක්‍රම කිහිපයකින් සිදු කරනු ලබයි. එම ප්‍රධාන ක්‍රමවේදයන් මෙසේය.

– දියුණුවන රටවල තිබෙන කර්මාන්ත නඟිසිටුවීම සඳහා ආධාර ලබා දීම. මෙහිදී මුදල් ආධාර වැනි ක්‍රමවේදයන් සිදු නොවන අතර, එහෙත් එවැනි කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී බදු සහන ආදිය ලබා දීම සිදුකෙරෙයි.

– දියුණුවන රටවල කර්මාන්ත ශාලාවලින් සිදු කෙරෙන නිෂ්පාදනයන් විදෙස් රටවලට අපනයනය කිරීමේදී ඒ ඒ විදෙස් රටවලට අදාළව බදු සහන ලබා දීම හෝ සම්පූර්ණයෙන්ම තීරුබදු ඉවත් කිරීම.

– දියුණුවන රටවල නිෂ්පාදනයන් වැඩි, වැඩියෙන් ලබා ගැනීම සඳහා ධනවත් රටවලදී උපරිම අවස්ථාවන් හිමිකර දීම. මෙහිදී බොහෝ විට ඇඟලුම් කර්මාන්තයේ නිෂ්පාදන සඳහා බටහිර රටවල දොරටු විවර කර දීම සිදු කෙරෙයි.

මුල් කාලයේදී යුරෝපයේ ප්‍රධාන රටවල් කිහිපයක් පමණක් ආරම්භ කළ මෙම යෝජනා ක්‍රමය පසු කාලයකදී යුරෝපා සංගමය ස්ථාපිත කිරීමෙන් පසුව එම සංගමයේ රටවල් සියල්ලම පාහේ එයට සම්බන්ධ විය. එනම් දැනට වර්තමානයේදී යුරෝපා සංගමයට අයත් රටවල් 27ද මෙයට සම්බන්ධ වී ඇත. යුරෝපා සංගමයට අමතරව මේ වන විට ලෝකයේ තවත් රටවල් කිහිපයක්ද මෙම ‘ජී.එස්.පී.’ යෝජනාවලියට සම්බන්ධය. ඇමෙරිකාව, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, ජපානය සහ රුසියාව වැනි රටවල්ද එයට අයත්ය. එහෙත් මෙම ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ යුරෝපීය සංගමය හරහාය. කෙසේ හෝ මේ වන විට ලෝකයේ සංවර්ධනය වන රටවල් 132ක් මෙම ‘ජී.එස්.පී.’ යෝජනා ක්‍රමය හරහා සහන ලබමින් සිටින අතර, තවත් ඌන සංවර්ධිත රටවල් 49ක්ද සහන ලබා ගනිමින් සිටියි. මෙම බදු සහන යෝජනා ක්‍රමයේ අනෙක් ප්‍රධානතම පරමාර්ථයක් වන්නේ, තමන් සහන සලසන රටවල ආර්ථිකයන් විවිධාංගීකරණය කිරීම සඳහා අනුබල දීමය. එහිදී ඔවුන් ඒ, ඒ රටවලට අදාළව විවිධ උපදෙස් සහ කොන්දේසි ලබා දීමද සිදු කරනු ලබයි. එය එක්තරා ආකාරයකින් සංකීර්ණමය වූ, දේශපාලනික ක්‍රියාවලියක් ලෙසද හැඳින්විය හැකිය. යම් රටකට සහන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නිසි අනුගතවීමක්ද අවශ්‍ය වෙයි.

මෙලෙස සිදුවිය යුතු අනුගත වීම කුමක්ද? මෙහිදී මූලික අවධානය යොමු වන්නේ සහන ලබා දෙනු ලබන රටක ඇති ස්ථාවර දේශපාලනික ප්‍රතිපත්තිය කෙරෙහිය. එනම් එරට තුළ සිදු කෙරෙන සිවිල් පරිපාලන කටයුතු, මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ කටයුතු, ත්‍රස්තවාදය වැළැක්වීමේ කටයුතු සහ එරට තුළ ඇති ව්‍යවස්ථාමය තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යෑමට ඇති ඉඩකඩ ගැන මෙහිදී අතිශය දැඩි අවධානයකට ලක්වෙයි. මෙය එක්තරා ආකාරයකින් අතිශය ප්‍රබල දේශපාලනික රටාවක්ද වන අතර, මෙම තත්ත්වයන් එම රටවල් තුළ තිබේ දැයි අදාළ බලධාරීහු සියුම්ව අධ්‍යයනය කරනු ලබති. මෙහිදී සමහර පාර්ශ්ව චෝදනා කර සිටින්නේ, මෙම තත්ත්වය රටක අභ්‍යන්තර පරිපාලන කටයුතු සඳහා සිදුකරන අනවශ්‍ය ඇඟිලි ගැසීමක් ලෙසිනි. එසේ කවුරුන් කුමන චෝදනා ගෙන ආවද යුරෝපීය සංගමය තම නීති, රීතී සහ රෙගුලාසි ඇතුළත් ක්‍රමවේදය දැඩි ලෙස ක්‍රියාත්මක කරයි. පසුගිය යම් කාලයක් පුරා ශ්‍රී ලංකාවටද මෙම ‘ජී.එස්.පී.’ සහනය මත ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූයේ ඒ හෙයිනි. අද දැනට මේ කියන මොහොතේදී ද ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකට මුහුණ දී ඇත.
මෙම තත්ත්වය කුමක්දැයි අපි සොයා බලමු. පසුගිය 2010 වසරට පෙර ශ්‍රී ලංකාවට ‘ජී.එස්.පී.’ බදු සහනය හිමිවී තිබුණත්, එය 2010 වසරේදී ශ්‍රී ලංකාවට අහිමි විය. මෙම තත්ත්වය ඇති වන කාලය වන විටදී ශ්‍රී ලංකා රජය වාර්ගික යුද්ධය ජයග්‍රහණය කර, දමිළ ත්‍රස්තවාදීන්ද සහමුලින්ම පරාජය කරද තිබිණි. එහෙත් ශ්‍රී ලංකා රජයට එරෙහිව ප්‍රබලතම ජාත්‍යන්තර විරෝධය වූයේ, ශ්‍රී ලංකා රජය සහ හමුදාව වාර්ගික යුද්ධයේදී දරුණු ලෙස මානව හිමිකම් කඩකිරීම යන චෝදනාවය. එසේම යුද්ධය නිමවීමෙන් පසුවත් රට තුළ දිගින්, දිගටම මානව හිමිකම් උල්ලංඝනය සිදුවන්නේ යැයි ජාත්‍යන්තරය ශ්‍රී ලංකා රජයට චෝදනා කළේය. කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ යුරෝපා සංගමය තීරණය කළේ ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය නතර කිරීමට වන අතර, එම තහනම 2010 – 2015 රාජපක්‍ෂ රජයේ පාලන සමය තුළදීම ක්‍රියාත්මක විය. පසුව 2015දී යහපාලන රජෙය බලයට පැමිණියේය. කෙසේ හෝ එතැන් සිට නව රජයේ ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීමෙන් පසුව, නැවැත 2017 වසරේදී ශ්‍රී ලංකාවට ‘ජී.එස්.පී.’ බදු සහනය හිමි විය. එතෙක් සිට මෙතෙක් 2021 දක්වා එම සහනය ක්‍රියාත්මක වෙමින් පවතියි.
2010 සිට 2017 වසර දක්වා පුරා වසර 07ක් නොකඩවා ශ්‍රී ලංකාවට ‘ජී.එස්.පී. ප්ලස්’ බදු යෝජනාවලිය අහිමි වීම නිසා, මෙරටට සිදුවූ විදෙස් විනිමය අලාභය රුපියල් බිලියන 150 – 250ක අතර ප්‍රමාණයක් යැයි ආර්ථික විශ්ලේෂකයෝ ප්‍රකාශ කර සිටිති. මේ තත්ත්වය රටක ආර්ථිකයකට ඉතාමත් ප්‍රබල මරු පහරක් යැයිද ඔවුහු පවසති. කෙසේ හෝ 2017 සිට 2023 දක්වා නැවැත මෙම සහනය ලැබීම නිසා, මේ වන විටද රට එම ප්‍රතිලාභය අත්විඳිමින් සිටියි. එහෙත් මෙයට දින කිහිපයකට ඉහතදී නැවැත ශ්‍රී ලංකාවට අසන්නට ලැබී ඇත්තේ සංවේගදායක පුවතකි. එනම් නැවැත ‘ජී.එස්.පී.’ සහනය අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වීමේ වටපිටාවක් ගැන පුවත් වාර්තා වීමය. යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට මේ වන විට ලබාදෙන ‘ජී.එස්.පී.’ සහනය ඉවත් කළ යුතු දැයි යළි සලකා බැලීමට යුරෝපා කොමිසමට පැවරීම සඳහා වන යෝජනාවක්, පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන ඇත. බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී මෙම ඡන්ද විමසීම සිදුකර ඇත. මෙහිදී සාමාජිකයන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වූ අදාළ යෝජනාවට පක්‍ෂව ඡන්ද 628ක්ද, විරුද්ධව ඡන්ද 15ක්ද ලැබී යෝජනාව සම්මත් වී ඇත. යෝජනාව සම්බන්ධයෙන් සාමාජිකයන් 40 දෙනෙකු තම ඡන්දය ලබා දීමෙන් වැළකී සිට ඇත.

දැන් අපි මොහොතක් නැවැතී බලමු. පසුගියදා සිදුවූ මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට ඉතාමත්ම දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කරන එකකි. යුරෝපා පාර්ලිමේන්තුවේදී මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවකදී වැඩිම ඡන්දයක් ප්‍රකාශ කළ අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගත වන්නේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර ඇත. එනම් එය ‘ජී.එස්.පී. සහනය ඉවත් කිරීමේ යෝජනාව වීමද විශේෂත්වයක් යැයි මාධ්‍ය ප්‍රකාශ කර ඇත. ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය ඉවත් කළ යුතු දැයි යළි සලකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර ඇත්තේ ප්‍රධානතම හේතු සාධක කිහිපයක් මුල්කරගෙනය. යුරෝපා සංගමය ප්‍රකාශ කරන ආකාරයට ඒවා මෙසේය.

– ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සම්බන්ධයෙන් වන පොරොන්දු නිසි ලෙස ඉටු නොකිරීම.
– ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සංශෝධනය නොකිරීම.
– ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු අණ පනත් දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන්ට විරුද්ධව භාවිත කිරීම.
– ශ්‍රී ලංකා රජයේ මිලිටරිකරණ උත්සාහය.
– වගවීම පිළිබඳ ක්‍රියාවලියට දේශපාලනයෙන් ඇති කෙරෙන බාධා කිරීම්.
– සිවිල් සමාජය අහේතුකව බිය ගැන්වීම.
– රඳවාගෙන සිටින පුද්ගලයන්ට වලංගු චෝදනා මත සාධාරණ නඩු විභාගයන් වහාම ලබාදිය යුතු අතර, කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය.
– පොලිස් අත්අඩංගුවේ පසුවන බොහෝ සැකකරුවන් මෙන්ම බන්ධනාගාරවල සිටින රැඳවියන්ද යම් ප්‍රමාණයක් ඝාතනයට ලක්කිරීම.
– යුද්ධය අවසාන වී වසර 12ක් ගතවී ඇතත් වගවීම සහ සංහිඳියාව නිසිලෙස ක්‍රියාත්මක නොවීම. එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය නැවැත නැවැතත් පුනරාවර්තනය වීම.
– ජනවාර්ගික සුළුතරයට සහ ප්‍රජාවන්ට එරෙහිව දිගින්දිගටම වෙනස්කොට සැලකීම.

යුරෝපා සංගමය විසින් මෙසේ ඉදිරිපත් කර ඇති ප්‍රබල චෝදනා සංග්‍රහය දෙස හොඳින් අවධානය යොමු කරන්න. මෙයට අමතරව තවත් චෝදනා සහ යෝජනා රැසක් ගැනද පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වාරවලදී අවධානයට ගෙන ඇත. දැනට ශ්‍රී ලංකාවට ලබා දී ඇති ‘ජී.එස්.පී.’ බදු සහනය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතු තිබේද යන්න පිළිබඳව තක්සේරුවක් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව යෝජනා කර තිබේ. ‘ජී.එස්.පී.’ බදු සහනය සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් තක්සේරු කිරීමේදී වර්තමාන සිදුවීම් නිසි ලෙස සැලකිල්ලට ගන්නා ලෙසද මෙමගින් යෝජනා කර තිබෙයි. කෙසේ හෝ ‘ජී.එස්.පී.’ සහනය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාව මේ වන විට යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙයි. ඉහත මෙම ලිපියේ ඉහත කළපරිදි එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 628ක්ද, විරුද්ධව ඡන්ද 15ක්ද ලැබී යෝජනාව සම්මත් වී ඇත. යෝජනාව සම්බන්ධයෙන් 40 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මේ අතර, වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ අතිශය ඉහළ යමින් පවතින චීනයේ භූමිකාව සහ ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන්ද යුරෝපා පාර්ලිමේන්තුව තමන්ගේ දැඩි කනස්සල්ල පළ කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කරමින් 2020 ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ගැනද යුරෝපා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වී ඇත.

‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහන යෝජනාවලිය යටතේ වැඩිම වාසි ලබන ලෝකයේ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙන් සිටියි. 2020 වසරේ ශ්‍රී ලංකාවේ අපනයනයන්ගෙන් 22.4%ක් සිදුකර ඇත්තේ යුරෝපා සංගමයටය. මෙයින් එම වසර තුළ ශ්‍රී ලංකාව ලැබූ විදේශ විනිමය යුරෝ මිලියන 2083ක් යැයි සංඛ්‍යා ලේඛන ප්‍රකාශ කරයි. කෙසේ හෝ 2010 වසරේදී මානව හිමිකම් චෝදනා පදනම් කර ගනිමින් ලංකාවට ‘ජී.එස්.පී.’ සහනය අහිමි කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ අපනයනවලින් 36%ක ප්‍රමාණයක් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කෙරිණි. එසේම 2017 වසරේදී නැවැත යහපාලන රජය යටතේදී ‘ජී.එස්.පී.’ බදු සහනය ලැබීමෙන් පසුව නැවැත වරක් යුරේපා සංගමයට සිදුකෙරෙන ලංකා අපනයනයන් සීග්‍ර ලෙස ඉහළ ගියේය. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය සහ මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත කරගෙන එම අපනයන රැසක් සිදුවූයේය. ශ්‍රී ලංකාවේ ලක්‍ෂ 15කට අධික තරුණ ප්‍රජාවක් සිය ජීවනෝපාය සකසා ගනු ලබන්නේ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතවය. ඒ හෙයින් යම් හෙයකින් හෙට අනිද්දා ‘ජී.එස්.පී.’ සහනය අහෝසි කළහොත් ප්‍රධාන වශයෙන්ම අනතුරට ලක්වන්නේ ඇඟලුම් කර්මාන්තයය. යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳ පොළ වන අතර, ශ්‍රී ලංකාවේ අපනයනවලින් 1/3ක ප්‍රමාණයක් වාර්ෂිකව යුරෝපා සංගමයට අපනයනය කරයි. මේ අපනයනයන් අතර විවිධ භාණ්ඩ වර්ග රැසක් වෙති.
පසුගිය රාජපක්‍ෂ රජය සමයේදී ‘ජී.එස්.පී.’ බදු සහනය අහෝසි කිරීම මත, ශ්‍රී ලංකාවට අහිමි වූ ඇඟලුම් කර්මාන්තය දිනාගත්තේ බංගලිදේශය විසිනි. කාලයක් පුරා අන්ත දුගී රටක් වූ බංගලිදේශය පසුව ‘ජී.එස්.පී.’ සහනය හරහා තම රටෙහි ඇඟලුම් කර්මාන්තය අතිශය දියුණු තත්ත්වයකට ගෙන ආවේය. අද එය සාර්ථක ආර්ථිකයක් ඇති රටක් වන අතර, පසුගියදා ශ්‍රී ලංකාවද බංගලිදේශයෙන් ණය මුදල් ගත්තේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මිචිගන් මොඩලයට අනුව මීළඟ රාජ්‍ය නායකයා සජිත්ද-නාමල්ද?

Next Post

වත්තල කොරෝනා කම්හලක්! 194කින් 128කටම කොරෝනා!! 92ක්ම ඉන්දියානුවන්!!!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.