වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහා පරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් සේවකයින් 194 දෙනෙකුට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු 128 දෙනෙකු කොවිඞ් ආසාදිතයින් බවට තහවුරුව ඇත.
හඳුනා ගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් පුද්ගලයින් 92 දෙනෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද හෙළිව ඇත.
මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හඳුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සදහන් කොට තිබේ.










