90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන තවත් කොරෝනා මර්දන එන්නතක් ඉන්දියාවේ බයෝලොජිකල් ඊ ඖෂධ සමාගම මඟින් නිපදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නත නම් කර ඇත්තේ කෝර්බෙවැක්ස් යන නමිනි.
මේ වන විට මෙම එන්නතේ තුන්වන අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් මස වන විට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
ඉන්දියාවේ සීරම් සමාගම විසින් නිෂ්පාදිත කොවැක්ස් එන්නතෙහි දෙවැනි මාත්‍රාව සැප්තැම්බර් මාසයේ එළි දැක්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.










